Loading...
20 August 2011

ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල හා සමාජ මතය

ශ්‍රි ලන්කාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පිලිබදව ලංකා සමාජය තුල ඇති වී තිබෙන මතයක් පිලිබදව විග්‍රහයක් කිරීම මෙම ලිපියෙන් මම උත්සාහ ගනිමි. සමහර විශ්ව විද්‍යාල වලට නොගිය පිරිස් කියන කතාවක් නම් විශ්ව විද්‍යාල සිසුන් යනු බොහොම කලහා කාරී සෑම විටම ගහ මරා ගන්නා පිරිසක් වන අතර කිසිම වැඩකට නැති ඔහේ කාලය කා දමමින් “පිස්සු කෙලින” පිරිසක් බවයි. ලංකාවේ සමහර මාද්‍යද මෙම තීරනයට උඩගෙඩි ලබා දෙන්නේ සෑමවිටම සිසුන් අතර පවතින කල කෝලාහල පෙන්වමිනි. නමුත් එම සිසුන්ම යම් කිසි රටට වැඩ දායක යමක් කලොත් බොහෝ මාද්‍ය ඒ සදහා ලබා ඩෙන්නේ ඉතාමත් අඩු සැලකිල්ලකි. එමෙන්ම ලංකාවෙ මේ වනවිට පවතින දේශපාලන වාතාවරනයද මෙම මතය පෝශනය කිරීමට අනුබල දෙයි.

නමුත් බොහෝ දෙනා නොදන්න විශ්ව විද්‍යාල සිසුන් හා ඔවුන්ගේ දෙමෞපියන් පමනක් දන්නා යතාර්තය නම් දැනට පවතින තත්වය යටතේ සිසුන්ට පිස්සු කෙලීමට තබා හුස්මක් කටක් ගැනීමටවත් අවස්තාවක් නැති බවයි. මන්ද semester system පසුපස හබා යන සිසුනට exam, lecture, practical, assignment හැර වෙන ලෝකයක් නැති නිසයි. ඕබ නොදන්නවාට තම A/L ජීවිතයේ රාත්‍රී 10 ට පමන නිදා ගත් සිසුන් විශ්ව විද්‍යාල ජීවිතයේ පාන්දර 3 ට පමන නින්දට ගොස් 5ට පමන නැවත අවදි වන බව මෙම ජීවිතයට හිරවී සිටින බොහෝ සිසුන් පවසනවා ඇත.

අප A/L කරන සමයේ අපේ සර් ලා කිවුවෙ කොහොම හරි කැම්පස් යන්න පස්සෙ පෙරේත පාදෙන් හරි degree ය ලැබෙනු අති බවයි. නමුත් කැම්පස් ගිය අපි දන්නෙ පෙරේත පාදේ කෙසේ වෙතත් degree ය ගන්න මාර ගේමක් දිය යුතු බවයි.

සමහර බඩගෝස්තර වාදී මිනිසුන්ගේ කතා නිසා රටේ තරුන පරපුරේ උප කුලකයක් වන විශ්වි විද්‍යාල සිසුන් ප්‍රවේගකාරී වන අවස්තාද නැතුවාම නොවේ. නමුත් මෙතන ඇති වරදනම් ඔවුන් ප්‍රවේගකාරී වන අවස්තා වල රට ගිනිගත්තා සේ news වලින් විනාඩි ගනනක් වෙන්කරන මාද්‍ය අනෙක් ඔවුන් හොද දෙයක් කලවිට එය තත්පර කීපයකට හෝ සමහර විට නොසලකා හැරීමයි.

ඔබ මේ ගැනත් සිතා බලා කැම්පස් කොල්ලො කෙල්ලො ගැන මීට වඩා හොද ආකල්පයකින් සිතනු ඇතයි මම බලාපොරොත්තු වෙමි.

මතක තියා ගන්න ඔබ බේත් ගන්න දොස්තරද, ඉංජිනේරුවන්ද, ඔබට A/L කල ගුරුවරුද, තවත් බොහෝ පිරිසක්ද කලක් විශ්ව විද්‍යාල සිසුන් බව. SB කියන විදියට ඒ කාලෙ විශ්ව විද්‍යාල හොද වන අතර ඩැන් නරකය. “ඒ කාලය අර්ත දක්වා නැත”. හෙට මේ රටේ වැදගත් පුර වැසියකු ලෙස විශ්ව විද්යාලයෙන් OUT වන කෙනාද SB ඒ කාලයට දානවා නිසැකය. ඒක නිසා මත තියා ගන්න ඒ කාලේ මෙන්ම දැන් කාලයේද විශ්ව විද්‍යාල සිසුවා හොදය. නරක ඔබ ඔහු දෙස බලන කෝනයයි.

2 comments. :

  1. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා විතරක් නෙවෙයි මොන දේ ගැන උනත් බලන කෝණය අනුව හොඳ නරක වෙනස් වෙනවා .සාමාන්‍ය ජනතාව කියන තරම්ම නරක් නොවුනත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ අනුමත කරන්න බැරි වැඩ කටයුතු ඕනි තරම් තියනව . උදා විද්හට උද්ඝෝෂන වලදි සංදේශ බාර දෙන්න හදන වෙලාවට එක්කෙනෙක් දෙන්නෙක් නොගිහින් සෙට් එකටම යන්න ඕනි කිය කිය ප්ලොසිය එක්ක වලි දා ගන්න එක කොයි කෝණෙන් බැලුවත් හොඳයි කියන්න පුලුවන් දෙයක්ද ??

    ReplyDelete
  2. 100% එකඟයි... සරසවි සිසුන් කරන හොඳ දේ රටට මාධ්‍ය මඟින් පෙන්වන්වා හරිම අඩුයි.. මොනවා වුනත් මිනිස්සු කැමතියි කුණුරසට... කුණු තමයි මාකට් කරන්න ලේසි. මාකට් වෙන තරමට උන්ගෙ අතට සල්ලි... අනේ අපේ රටේ ජනමාධ්‍ය

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP