Loading...
23 August 2011

මිනිස්සු


සමහරු කියනවා මේ සේරම කරන්නේ ජීවත් වෙන්නලු. තවත් සමහරු කියනවා ජීවත් වෙන්නේ කන්නලු. තවත් සමහරු කියනවා කන්නේ ජීවත් වෙන්නලු.කොහොම කොහොම හරි මේ සේරම කරන්නේ එකා පස්සේ එකා එලවලා හරි සල්ලි හම්බ කරන එක. මම මේක ලියන්නේ රස්සාවක් කරලා දුක් මහන්සි වෙලා සල්ලි හම්බකරන ඔයාල රිද්දවන්න නෙවෙයි. රිද්දෙවුවා කියලා ඔයාල ඔය කරන දේ නවත් තන්නේ නෑනේ.එහෙම නැවැත්තුවොත් ඔයාලයි ඔයාලගේ පවුලුයි සේරම ඉවරයි නේ.

ඒත් පොඩ්ඩක් පස්ස හැරිලා බලන්න. මෙතෙක් කල් ඔයාල කරපු දේවල් වලින් ඔයාලට හම්බ වෙලා තියෙන්නේ මොනවාද? ගෝඩාක් දේවල් හම්බවෙලා ඇති. ගෝඩාක් දේවල් නැති වෙලා ඇති. එහෙම නේද? ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඒ හම්බ වෙච්ච දේවල් ගැන. යනකොට ගෙනියන්නද? මම බන කියනවා නෙවේ. පොඩ්ඩක් හිතන්න.

තව දෙයක් කියන්න තියනවා. ජීවිතය අර්තවත්ව ගත කරන්න. කාටවත් ඕන නිසා නෙවෙයි. තමන්ට ඕන නිසා ජීවත් වෙන්න. ලගදී මට කෙනෙක් කිවුවා රස්සව 1 කර ගන්න. පවුල 2 කර ගන්න කියලා. මම දන්නේ නෑ ඇයි කියලා. පොඩ්ඩක් මේ ගැනත් හිතාන්න. රාජ කාරිය දේව කාරියට වඩා ලොකු තමයි. ඒත් පවුල් ජීවිතයට අවහිරයක් නොවන්න ඒක කලානම් තමයි හොද නේද? ඌදෙ 6 ඉදන් රෑ 7 වෙනකම් රාජකාරි කරන අයත් ඉන්නවා. ඒ අයගේ පවුල් ජීවිතය ගැන මොන වගේ හැගීමක් ද තියෙන්නේ. රස්සාවෙන් සතුටු වෙන්න. ඒක වදයක් කරගන්න එපා. රස්සාව කරන කොට පවුලත් පවුලේදී රස්සවත් ගැන හිතන්න එපා. කරන දෙය හිතල බලල හරියට කරන්න. හිතන්න............

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP