Loading...
03 September 2011

මේ දිනවල ලංකාවේ ආන්ඩු පක්ශය කුමක්ද?




පොඩ්ඩක් හිතලා බලන්න. කවුරුත් කියයි ඕකත් හිතන්න දෙයක්ද? ඕන පොඩි එකෙක් දන්නවා ශ්‍රි ලංකා නිදහස් පක්ශය. එහෙමත් නැත්නම් එක්සත් ජනතා නිදහස් සංදානය. ඔවු එක්සත් ජනතා නිදහස් සංදානය තමයි. ඒත් ශ්‍රි ලංකා නිදහස් පක්ශය නම් නෙවෙයි. නිදහස් පක්ශයට වසර 60ක් පිරෙන මේ මොඉහොතේ මේක කියන්න ලැබීම කනගාටුවට කරුනක්. මොකද අද ල්ංකාවෙ ඕනම ජන මාද්‍යක කියවෙනේ එක්සත් ජනතා නිදහස් සංදානය මිසක් නිදහස් පක්ශය නෙවෙ‍යි.

සමහරු නම් කියන්නේ මහින්ද මහත්තයා අත ගහන හැම දේම ඉවරයි කියලා. ඒකට උදාහරන විදියට කියන්නේ වසර 30 ක කුරිරු යුද්ධය, ප්‍රබාකරන්, සහ ශ්‍රි ලංකා නිදහස් පක්ශය. මම මේ කියන්නේ සමහරු කියන දේවල්.

පොඩ්ඩක් හිතලා බලන්න අද ආන්ඩුවේ ඉන්න ඇමතිලගෙන් කීයෙන් කී දෙනාද නිදහස් පක්ශේ. ඒකෙනුත් කී දෙනාටද හරියට මිනිසුන්ට දැනෙන්න වැඩක් කරන්න පුලුවන්. අනිත් සේරම වෙන වෙන පොඩි පොඩි පක්ශ වල හෝ ලගදී එක්සත් ජාතික පක්ශයෙන් සංදානයට පැනපු අය. සමහරු කියන්නේ දැන් ආන්ඩුව කරන්නේ එක්සත් ජාතික පක්ශය කියලා.

මිලින්ද මොරගොඩම අරන් බලන්න එක්සත් ජාතික පක්ශේ කෙනෙක් නේ ලගදී සංදානෙට ආවා. දැන් කොලඹ සංදානෙ පුරපති අපේක්ශක. මොකෝ නිදහස් පක්ශේ වෙන අය නැතුවද? එජාප යත් ඔහේ ගහ මරා ගන්නවා විතරයි. එජාපය ගැනනම් ගොඩක් දේවල් කියන්න තියනවා. ඒවා පස්සේ බලමු.

1 comments. :

  1. මහින්ද මහත්තයා ලංකාවටත් අත ගැහුවනේ

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP