Loading...
12 September 2011

මටත් STF ආරක්ෂාව.


අද පුදුම දවසක්. මම training වලට මාතරට ගියා. බස් එකෙන් බහින කොටම මම දැක්කා බස් ස්ටෑන්ඩ් එකේ හැමතැනම පොලීසියෙනුයි STF එකෙනුයි දමලා. මම ඒත් බැලුවා මොකද මෙච්චර කට්ටිය කියලා. කොටුව ඇතුලට යනකොටයි මට තේරුනේ මට කියන්නෙවත් නැතුව මේ ආරක්ෂාව සේරම දාලා තියෙන්නේ මට කියලා. මොකද මම යන පාර දිගටම පොලීසියෙනුයි STF එකෙනුයි. ඒ මදිවට මගේ training site එක වටේටම ආරක්ෂාව. ඒත් මම බැලුවා ඇයි මේ කවදාවත් නැතුව අද විතරක් මෙච්චර ආරක්ෂාවක්. මම හිතන්නේ අද සිරකරු දිනේ උත්සවය මාතර ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් තියනවා. ඒකට සිරකාරයො ගේනවනේ. ඒ අයගෙන් මට මොකක් හරි කරදරයක් වෙයි කියලා වෙන්න ඇති මෙච්චර ආරක්ෂාවක් දාලා තිබුනේ.
අනික මම training ඉවර වෙලා එනකොට STF එකෙන් මට කියනවා පාරේ මුහුද පැත්තට වෙන්න යන්නලු. සනත් ජයසූරිය පිට්ටනිය පැත්තෙන් යන්න එපාලු. මම හිතන්නේ ඒ අය මුහුද පැත්තේ නතර කරලා තිබුන වාහන ටික විතරයි check කරලා තියෙන්නේ. පිට්ටනිය පැත්තේ ඒවා check කරලා නෑ. ඒකයි.
ඒත් මට කියන්න හිතුනා මට මෙච්චර ආරක්ෂාව ඕන නෑ කියලා. මොකටද නිකන් දෙන දේ එපයි කියන්නේ. ඒක නිසා මම කට පියාගෙන මගේ වැඩ ටික කරලා ගෙදර ආවා. ඒත් ඉතින් මම වෙනුවෙන් පාරේ හිටගෙන කට්ට කාපු පොලීසියෙයි STF එකෙයි කොල්ලො ගැන මට දුකත් හිතෙනවා. 

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP