Loading...
15 October 2011

රජ්ජුරුවන්ගේ බලු ආරක්ශකයෝ….


/hihi ඈත අතීතයේ එක්තරා රටක රජකෙනෙකු දැහැමින් සෙමෙන් රට පාලනය කරන කල්හි /wahaha එමරටට පැමිනුනු සතුරු උවදුරක් නිසා රටේ සුවහසක් මහජනතාවගේ ආරක්ෂාව කෙසේ වෙතත් රජුගේ සහ මැති ඇමති වරුන්ගේ ආරක්ෂාව පිනිස ඔවුනට පුහුනු කරන ලද බල්ලන් ලබා දීමට රජය තීරනය කරන ලදි. මෙම බල්ලන් පර බල්ලන් මෙන් නොව හොදින් පුහුනු කරන ලද මනා හික්මීමකින් යුතු යයි නිර්දේශ කරන ලද බල්ලන්ය. මොවුනට සතුරා කවුද මිතුරා කවුද යන්න හොදින් වැටහෙන අතර සතුරාට, මිතුරාට වඩා තම ස්වාමියාගේ අන ක්‍රියාත්මක කිරීමට මොවුන් මනාව පුහුනු කර තිබින. මෙම බල්ලන් ලබා දීමේ වැඩ පිලිවෙල මත රජය තුල බොහෝ මතගැටුම් හට ගන්නට විය. සමහරක් තමන් ට ලැබුනු බල්ලන් ගනන මදි යැයි පවසන්නට විය. මේ අනුව රජය තීරනය කරන ලද්දේ මෙම බල්ලන්ට අමතරව යමෙකුට තමන්ගේම කියා පෞද්ගලික බල්ලන් තබා ගත හැකි බවත් ඔවුන්ගේ අව්ශ්‍යතාද රජය විසින් සපුරන බවත්ය. මේ අනුව බොහෝ දෙනා තමන්ගේම කියා පෞද්ගලික බල්ලන් තබා ගැනීමට පුරුදු විය. මොවුන්ගෙන් බොහොමයක් පර බල්ලන් වූ අතර මුන්ට හරි වැරද්ද කුමක් ඩැයි වටහා ගැනීමට නොහැකිය. මන්ද මොවුනට මනා පුහුනුවක් නැත. මුන්ට හැක්කේ තම ස්වාමියා කියූ විට ඕනම කෙනෙකු හපා කෑම පමනි. උන පුරුකේ දැම්මත් දිග අරින්න බැරි වල්ගයකට හිමිකම් කියන මේ සත්තු එය මනාව ඔප්පු කලහ. ටික කලක් යනවිට පුහුනු කල බල්ලන් කවුද නුපුහුනු බල්ලන් කවුද යැයි සොයා ගත නොහැකි විය. රාජ ඌශ්නය පස්සපැත්තටම ගහපු මෙම බල්ලෝ තම ස්වාමියා කියනවනම් ඕන බලු වැඩක් කිරීමට සැදීපැහැදී සිටියෝය.  සමහර මැති ඇමති වරු මෙම බල්ලන්ගේ ආරක්ෂාව යටතේ සිටියද සතුරන් අතින් මරු මුවට පත් විය. නමුත් සමහරු දිවි ගලවා ගත්හ.


කෙසේ හෝ මෙම සතුරු ආක්‍රමනයට හොදින් මුහුන දුන් රජ තෙම විදේශීය බලවේග කොපමන තිබුනද ඒවාට හොදින් මුහුන දී තම රාජ්‍ය සතුරු ආක්‍රමනයෙන් බේරා ගත්තේය. නමුත් ටික කලක් යන තුරු තමාට හා මැති ඇමති වරුන්ට තිබූ බලු ආරක්ශාව නම් ඉවත්කලේ නැත. මිනිස්සු උනාම එකම පිලේ උනත් මත ගැටුම් තිබීම සාමාන්‍ය දෙයකි. එය අද ඊයේ නොව රජ කාලේද පැවතුනි. එවන් ම්ත ගැටුමක් මෙම රජුගේ පොරෝහිතයකු හා වන්දිබට්ට මැතියකු අතර දීර්ගකාලයක් තිස්සේ ඇවිලෙමින් තිබුනි.

දිනක් මෙම පොරෝහිත අශ්වයා පිට නැග තම බල්ලන්ද පිරිවරා ගමන් කරන අතර ඔහු ඉදිරි පසින් ආ වන්දිබට්ටයා ඔහුගේ ගමන වලක්වන ලදි. වන්දි බට්ට්ටයාට තමන් දන්නා හොදම වචන (ලංකාවේ නම් සුද්ද සිංහලය) බැන අඩගහමින්  අසු පිටින් බැසි පොරොහිත සහ එවැනිම වචන පෙලකින් පොරෝහිතයා අමතමින් පැමිනි වන්දිබට්ටයා අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවිය. තරුන වන්දිබට්ටයා අතින් මරනීය තුවාල ලැබූ මහලු පොරෝහිත තෙමේ හැක් වී බිම වැතිර සිටින විට. ඔහුව හපා කන ලෙස වන්දි බට්ටයා තම බල්ලන්ට අන කලේය. එකල්හිම බලු පොරය ආරම්බ විය. තම ස්වාමියා හපා කෑමට පැමිනි බල්ලන් හා වන්දිබට්ටයා හපා කෑමට පොරෝහිතයාගේ බල්ලන්ද පසුබට වූයේ නැත. /no

මෙම බලු පොරය මහ තැනට ආරන්චි වනවිට සේරම වී අවසානය. මරනීය තුවාල ලැබූ පොරෝහිත අවසන් ගමන් ගිය අතර වන්දිබට්ටයා රාජකීය රෝහලේ රටේ සිටින හොදම වෙද්දු යටතේ ප්‍රතිකාර ලබමින් සිටියේය. අහක යන නයි රෙද්ද පල්ලේ දමාගෙන කෑවෝ කෑවෝ කියා කෑ ගසා හොදට පුරුදු යුවරජ කෙනෙකු වන්දිබට්ටයා බැලීමට ගොස් මහතැනගෙන් කෙසේ වෙතත් ඇමති වරුන්ගේ දෝශාරෝපනයට ලක් උනිලු (බලදාරියා විසින් කපා හරින ලදි) /please

අශ්වයා පැන ගියාට පසු ස්තාලය වැසීමට මනා පලපුරුද්දක් සහිත මෙම රාජ්‍යයේ සිටින රජු ඇතුලු පිරිස මෙම සිද්දිය සිදුවීමට හේතු සොයා බැලුවේය. අවසානයේ මොවුන් ගත් තීරන පහත පරිදිය

  •  රජයේ බල්ලන්ට හැර වෙන කිසිම බල්ලෙකුට මිනිසුන් සපා කෑම තහනම්ය.
  • යම් බල්ලෙක් මිනිසකු සපා කයි නම් ඌ රජය විසින් අනුමත නිල ඇදුමක් පැලද සිටිය යුතුය.
  • බල්ලාගේ දත් කුට්ටම රජයේ පශු වෛද්‍යවරයා විසින් පරික්ශා කර සපාකෑමට අනුමැතිය ලබා ගත යුතුය. /shock
  • බල්ලා තම ස්වාමියා ආරක්ශා කරන විට නිල ඇදුම පැලද සිටිය යුතුය.
  • රජය අනුමත කල බල්ලන් හැර වෙනත් පර බල්ලන් පාවිච්චිය තහනම්ය.


ටික කාලයකට වැඩේ ගොඩය. කතාව අවසන් නැත. තව බොහෝ දේ සිදු උනි. මෙවැනි සිදුවීම් අතීතයේ මෙන්ම වර්තමානයේද විය හැක. බල්ලන්ගෙන් පරිස්සම් වන්න. ඊලගට කවුරුන් දැයි කිව නොහැක. /sweat
මෙම නීති පැනවූ පසු වූ සිද්දි මීලග ලිපියකින් බලාපොරොත්තු වන්න. /bye

3 comments. :

  1. සුදු වැන් එකක යන්න ආස හිතිල වගේ !!!

    ReplyDelete
  2. බල්ලෙක් එවයිද දන්නේ නෑ.....ආං ඉන්නවා ගිහිං කාපිය කියලා.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP