Loading...
19 October 2011

සරත් ෆොන්සේකා මහතා භාරත ලක්ශ්මන් මහතාට යුක්තිය ඉටු කරන්න යාම තවත් එක් විහිලුවක් පමනක්ද.


සරත් ෆොන්සේකා, මේ වචනය ඇහෙන කොට දැනට වසර 4, 5 කට පමන පෙර නම් මිනිස්සු මල් තියලා වදින්න තරම් උතුම් විදියට තමයි සැලකුවේ. ඒත් මේ ජාතික වීරයා ( සමහරු කියන්න පුලුවන් මොන ජාතික වීරයෙක්ද කියලා. ඒ ඉතින් ඒ අයගේ මෝඩ කම තමයි.) දැන් නිකරුනේ සිරබත් කන බව කවුරුත් දන්නා කරුනක්. නමුත් මොහුට සාමන්‍ය සිර කරුවෙකුට මෙන් නොසලකන බවද අපි දනිමු. නමුත් මොහු මානසික වශයෙන් සිරගතකොට ඇති බව සැබෑය. මේ තත්වයට සම්පූර්නයෙන් වගකිව යුත්තේ JVP එක සහ UNP එකයි. මොහු නොදන්න දේශපාලනයකට මොහුව යොමුකොට රජෙක් වගේ සිටිය යුතු මිනිසෙක් පොලීසිය වටකරගෙන උසාවි යන ගමන් පොඩ්ඩක් මූන කැමරාවට දාලා ප්‍රකාශ නිකුත්කරන තත්වයට පත්කලේ JVP එක සහ UNP එකයි. සරත් ෆොන්සේකා මහතාද මේ ජරා දේශපාලනයට එන්න කලින් යමක් සිතිය යුතුව තිබුනි. ඒ චන්දෙන් පරාද උනොත් ඔහුට වන්නේ කුමක්ද යන්නයි. කොහොමින් කොහොම හරි මුලු ජීවිත කාලයම රට වෙනුවෙන් හමුදාව වෙනුවෙන් මේ මාතෲ භූමිය වෙනුවෙන් කැපකල සරත් ෆොන්සේකා මහතාට දැන් යන එන මං නැත.


මම තවමත් ෆොන්සේකා මහතා ජාතික වීරයකු සේ සලකයි. මන්ද ඔහු යුද ජයග්‍රහනයෙ මහින්ද රාජපක්ශ මෙන්ම ප්‍රමුක පෙලේ කොටස් කරුවෙකි. මතකද දවසක් හමුදාපති තුමන්ට මරාගෙන මැරෙන බෝම්බයක් ගහලා කියලා රටම කම්පා උන හැටි. රට පුරා බෝදි පූජා තියපු හැටි. හමුදාපති මැරුනොත් යුද්දෙත් ඉවරයි කියලා කී දෙනෙක් කිවුවද? මතක තියා ගන්න ඒ බෝම්බය වැදුනේ ෆොන්සේකා මහත්තයට කියලා. මහින්ද මහත්තයා ෆොන්සෙකා මහත්තයා යුද හමුදාපති දූරයෙන් ඉවත්කරන කොට කීවේ. යුද්දය කරන්න නියම කෙනා ෆොන්සේකා. ඒත් රට හදන්න නියම කෙනා එයා නෙවෙයි. ඒ කියන්නේ මහින්ද මහත්තයත් පිලිගත්තා ෆොන්සේකා මහත්තයා තමයි යුද්දේ හොදම කොටස්කරු කියලා. කවුරු පිලිගත්තත් නොගත්තත් සරත් ෆොන්සේකා කියන්නේ ජාතික වීරයෙක්. එච්චරයි.

දිනක් සිරස NEWS 1ST වලට උසාවි යන ගමන් අදහස් පල කල සරත් ෆොන්සේකා මහතා තමන් භාරත මහතාට කවදා හෝ යුක්තිය ඉටු කරන බව පවසා සිටියේය. තමන්ටවත් යුක්තිය ඉටුකර ගත නොහැකිව සිටින සරත් ෆොන්සේකා මහතා අනුන්ට යුක්තිය ඉටු කරන්නේ කෙසේද? මේ යන තත්වයට අනුවෆොන්සේකා මහතා නිදහස් වන දිනක් පෙනෙන තෙක් මානයක නැත. මහින්ද මහතා ජනාදිපති සිටින තාක්කල් ඔහු නිදහස් නොවේ. මන්ද ෆොන්සේකා මහතා ජයග්‍රහනය කලොත් මහින්ද මහතාට කුමක් කරන්න සිටියේ දැයි දන්නේ දෙයියෝ පමනි. ඉතින් එහෙවු එකේ මහින්ද මහතා ජනාදිපති සිටින කල් ෆොන්සේකා මහතා නිදහස් කරාවිද?. මහින්ද මහතාගෙන් පසු එන්නේ සන්දාන ආන්ඩුවක් නම් එයද ෆොන්සේකා මහතා නිදහස් කිරීම අවිනිශ්චිතය.

unp ආන්ඩුවක් නම් කොහෙත්ම නැත. මන්ද unp ආන්ඩුව එන්නේ ප්‍රේම දාස මහතාගේ පුත් සජිත් මහතා යටතේ නොව JR ගේ බෑනා වූ රනිල් මහතා යටතේ ය. ෆොන්සේකා මහතාගේ පරාජය ගැන වඩාත්ම සතුටු වූ මොහු ෆොන්සේකා මහතා නිදහස් කරාවිද? සජිත් මහතා දැන් කරනවා වගේම කෑ ගහවි. jvp එකත්කෑ ගහවි. ඒත් දැන් සිදුවන දෙයම එදාටත් සිදුවේවි.JVP ආන්ඩුවක්නම් පෙනෙන තෙක් මානයේ නැත

ඉතින් මෙම තත්වයේ සිටින ෆොන්සේකා මහතා භාරත මහතාට යුක්තිය ඉටු කරන්නේ කෙසේද? භාරත ලක්ශ්මන් ගාතනය තවත් එක් නාලන්ද එල්ලාවල ගාතනයක් වනවාට කිසිදු සැකයක් නැත. මන්ද දේශපාලනය යනු දේශපාලනය වන නිසාය.


2 comments. :

  1. හිරේ ඉදන් යුක්තිය ඉටුකරනවා කියනඑක විහිළුවක් වගේ උනත් ඒකට කමක් නෑ කියමුකෝ..(කවද හරි එලියට එන්න බලාපොරොත්තුවක් ඇතිනේ).මට ප්‍රශ්නෙ තියෙන්නෙ මේවගේ කතා කියන ෆොන්සේක මහත්තයත් මේගොඩටම වැටෙයිද කියල.

    ReplyDelete
  2. සහෝ මුලින් කියලා තියෙන දේවල් ඔක්කොම ඇත්ත. දේශපාලන මඩවලේ බැහැලෙන ඉල්ලං නෑවේ නැත්නම් අද ෆොන්සේකා මහත්තයට මිනිස්සු සලකන්නේ ජනාධිපතිතුමාටත් ඉහළින්... රජ බලු වේ... බලු රජ වේ ...!!!

    පහත කොටසට නම් මගේ වැඩි කැමැත්තක් නෑ. ෆොන්සේකා ලොක්කා ඔය යන එන ගමන් කෑගහන්නේ එයාගේ ලේ තාමත් උණු නිසා. ඒක කරන්නේ තමන් තාමත් ශක්තිමත් කියලා පෙන්නන්න. අමතක කරන්න එපා පැන්ෂන් ගියත් ඒ ආමි සොල්ජර් කෙනෙක්... ඒ හයිය තමයි ඔබ තාමත් එළියට එන්නේ. ඉතින් ෆොන්සේකා මහත්තයා ටීවී වලට කෑගැහුවා කියලා රට වෙනස් වෙන්නෑ තමා. ඒතෙක් පේන්නේ ෆොන්සේකා ලොක්කා පරාජය භාර අරන් නෑ කියලා. අඩුගානේ ඒ වීරගතියට වත් අපි සලකමු...!

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP