Loading...
20 October 2011

ඒක පුදුමාකාර සිතිවිල්ලක්


මේක වුනේ අද බස් එකේ මම ගෙදර එන්න මාතර ස්ටන්ඩ් එකෙන් බස් එකට නැගලා ඉන්නකොට. අපි කවුරුත් දන්නවා බස් එකට නැගපු වෙලාවේ ඉදලා රටකජු වෙලෙන්දොයි, ටිකට් වෙලෙන්දොයි අනං මනං විසිතුරු බඩු වෙලෙන්දොන්ගෙනුයි තොර තෝන්චියක් නැතිව සිදුවන වෙලදාම. එක්කෙනෙක් බහින කොට තව එක්කෙනෙක්. ඔය අතර තමගේ නැති බැරි කම කියලා කීයක් හරි ඉල්ලගෙන එන පිරිසකුත් ඉන්නවා. විරිදු කියලා සල්ලි දුන්න අයට සෙත් පත්ලා නොදුන් අයට දෙහි කපලා (පුලුවන් නම් එයාගෙ අම්මවයි තාත්තවයි මතක් කරලා) යන පිරිසකුත් ඉන්නවා. බස් එකේ කවුරුවත් සල්ලි නොදුන්නොත් බස් එකේ ඉන්න හැමෝගෙම අම්ම තාත්තා මතක් කරන අයත් නැතිවාම නෙවෙයි. පිස්සොත් නැගලා බලෙන් සල්ලි ඉල්ලන අවස්තාත් තියනවා. ඔය අතර සෙනසුරාදා ඉරිදා ආදාර පත්තරත් වැහි වැහලා.



ඒත් මම මේ අයට සල්ලි දෙන්නේ බොහොම කලාතුරකින්. මොකද හැමදාම ඔහොම සල්ලි දෙන්න බෑනේ. අලුතින් කවුරු හරි ආවොත් දෙනවා. දෙනවනම් අදකාලේ හැටියට රු 10 ක්වත් දෙන්න ඕන. නැත්නම් මොනවා අහගන්න වේවිද දන්නේ නෑ. කට්ටිය කියන්න පුලුවන් දෙනවනම් දීපන් නැත්නම් නිකන් හිටපන් කියලා. ඕකෙන් දෙවනි ප්‍රතිපත්තිය තමයි මම අනුගමනය කරන්නේ.

අද ඔය වගේ තංගල්ලේ කියලා මනුස්සයෙක් බස් එකට නැග්ගා. අතත් රෙදි පටියකින් බැදගෙන. කොන්ඩේ බොකුටු මූන පුරා රැවුල වවලා. ඒත් ප්‍රියමනාප පෙනුමක් තිබුනා. මරු මුස් පෙනුමක් නෑ. අතින් අතට කොලයක් බෙදාගෙන ගියා. ඒයා තංගල්ලේ. කුලීවැඩ කරලා තියෙන්නේ. පලන්චියෙන් වැටිලා අත කැඩිලා. මොන්ටිසෝරි යන ලමයෙකුත් ඉන්නවලු. ජීවත් වෙන්න විදියක් නැතිව මෙහෙම ඉල්ලනවලු. මම අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව සල්ලි දෙන්නේ නෑ නේ. ඒත් මම බස් එකට දෙන්න ගත්ත රු20 යි 10 කොලේ තියාගෙන ටික වෙලාවක් කල්පනා කලා. රු50 කුත් සාක්කුවේ ත්යනවා. බස් ගාස්තුව 28යි. රු 10 අර කොලේයට යට කරලා මම කොන්දොස්තරට රු50 දුන්නා. ටික වේලාවකි අර මනුස්සයා එනවා කොල ටික එකතු කරගෙන. මම මට දීපු කොලෙත් එක්ක ගුලිකරන් හිටපු රු 10 නෝට්ටුවත් දික් කලා. මට හීනියට වගේ ඇහුනා අර මනුස්සයා පින් සිද්ද වෙචචාවෙ කියලා කොදුරනවා. මම කොහොමවත් එහෙම එකක් බලාපොරොත්තු වුනේ නෑ. එක පාරටම ඒ ඇහුව වචන 2 ත් එක්ක මාර සතුටක් (මේක වචන වලින් කයන්න මට තේරෙන්නේ නෑ. නිකන් පොඩි කරන්ට් එකක් වැදුනා වගේ. ඔලුවෙ ඉදලා හිරි වැටීගෙන ගියා. පපුවෙ අමුතුම ගතියක් ආවා) හිතට ආවා.

මම ඒක ගැන ටික වෙලාවක් හිත හිතා හිටියා. මටම හිතාගන්න බෑ මොකද වුනේ කියලා. කට්ටිය මොනවා කිවුවුඅත් මේක බ්ලොග් එකට දාන්න ඕන කියලා හිතුනා. නිකන් මෝඩ අදහසක් වගේ ඔයාලට හිතේවි. ඒත් මට උන සිද්දියයි මම කිවුවේ.

2 comments. :

  1. එළ එළ ඔහොම වෙන්නේ හිත සංවේදි අයට ......

    ReplyDelete
  2. මම එක්තරා සිද්ධියක් ගැන පෝස්ට් එකකුත් දාන්න හිටිය.මම හිතන්නෙ ඒ මේ කියන පුද්ගලය වෙන්න ඕන.එහෙම නං ඔයා රැවටිලා.මෙයා සතියකට විතර කලින් රන්න ප්‍රදේ‍‍ශයෙන් බස් එකට නැග්ග.දුන්නෙ ඔය ටෝක් ටිකමයි.එයා නං අත්දිග ෂර්ට් එකක් ඇදල හිටියෙ.එන අතක් අමාරුවෙන් තියාගෙන හිටියෙ.සල්ලි එකතු කර‍ගන්න අතරෙ සිවිල්පිට හිටිය එස්.ටී.එෆ්. තරුණයෙක් මෙයාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්ත.මේ අතරෙ මැදගමදි නිල ඇදුමෙන් එස්.ටි.එෆ්.සෙට් එකක් නැග්ග.තට්ටිය මෙයා චෙක් කලා.වහගෙන හිටිය අත උඩට ඉස්සුව.මොකුත් තුවාල කැලලක් වත් නෑ.ඉනේ තිබිල පොඩි කතුරක් අහුවුනා.(පොකට් කාරයෙක්ද දන්නෙත් නෑ).සල්ලි ටික හේනකඩුව පන්සලට දාන්නයි කෑම්ප් එකට ගෙනියන්නයි කියල එස්ටීඑෆ් එකෙන් මෙයා බස්සගත්ත.මම දන්නෙ එච්චරයි.පෝස්ට් එක දැක්කම මට පුදුම හිතුන.මම හිතන්නෙ ඔය කියන්නෙ මම දැකපු කෙනාමයි.එයා කිවුවෙ ගම මාතර කියල.

    ReplyDelete

Your comment is the most important item for me...

පටුන (සියළුම ලිපි)

අපිත් එක්ක එකතු වෙමු

 
TOP