Loading...
05 November 2011

MS- word වල ඔයාට කැමති පිටුවක ඉදලා page number එක දා ගනිමු


සාමාන්‍යයෙන් MS-WORD වල page number එක දා ගන්නකොට ඒක මුල පිටුවේ ඉදලම වැටෙනවනේ. ඒකියන්නේ 5 වෙනි පිටුවට PAGE NUMBER එක 1 විදියට දා ගන්න ඕන කියමු. මේක ගොඩාක් වෙලාවට ඕන වෙන්නේ report ලියන කොට. මොකද ඒකෙ මුල් පිටුව, ස්තූතිය, හැදින්වීම, පටුන ආදී දේවල් වලට page number දා ගන්නේ නෑ.  Report එක පටන් ගත්තට පස්සේ තමයි page number පටන්ගන්නේ.

හරි අපි බ්ලමු කොහොමද මේක කරන්නේ කියලා. මේ තියෙන්නේ මම ලියපු report එකක්. මේකෙ ඔයාලට පේනව නේද report එක පටන් ගන්නකොටම page number එක විදියට තියෙන්නේ 5 කියලා. ඒකියන්නේ report එක පටන්ගන්නේ 6 වෙනි පිටුවෙන්. මට ඕන මේ පිටුව 1 වෙනි පිටුව කරන්න



ඒකට කරන්න තියෙන්නේ මුලින්ම insert >> footer >> edite footer click කරන්න


එතකොට එන තැන උඩ menu bar එකේ design වල තියන different first page, show document text කියන 2ම ටික් කරන්න


ඊට පස්සේ ඔයාට අංක 1 දාන්න ඕන පිටුවට උඩින් පිටුවේ අවසානයට curser එක තියලා page layout >> Breaks වල next page click කරන්න


දැන් අදාල පිටුවට ගිහින් insert >> page number >> format page number click කරන්න


දැන් එන window එකේ sort at ටික් කරලා එතන 1 දීලා ok කරන්න.


බලන්න අදාල පිටුව 1 වී ඇති අපූරුව. ඊට උඩින් ඒවා එහෙමම තියනවා. පහල ඒවා නැවත 1 සිට පටන්ගෙන තියනවා.


දැන් ඉතින් උඩ තියන පිටු වල footer එක අයින් කර ගන්න එකයි.








2 comments. :

  1. තාම නම් ඕනේ වුනේ නැහැ. ඒත් ඉස්සරහට දවසක අනිවා ඕන වේවි. තැන්කු වේවා :))

    ReplyDelete
  2. මටත් මේක මෙච්චර කල් ඕන උනේ නෑ ඒත් report එකක් හදන්න ගියාම තමයි ඕන උනේ. කට්ටියගෙන් ඇහුවා කිසිම පිලිතුරක් නෑ. අන්තිමට google වල search කරලා තමයි හොයා ගත්තේ. කට්ටියට දැනගන්නත් එක්ක ලිවුවා.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP