Loading...
10 April 2012

අනං මනං, නොහිම් ලෝකය වෙයි.



"අනං මනං" අහනකොට ටිකක් පුරුදුයි නේද? ඔවු http://www.ananmanan.com/ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද වෙබ් අඩවියක්. ඒත් මම මගෙ බ්ලොග් එක පටන් ගන්නකොටත් දැම්ම නම තමයි අනං මනං. ඒ උනාට මට මේ නම ගැන කිසිම පැහැදීමක් තිබුනේ නෑ. මොකද ඒ වගේම ප්‍රසිද්ද්  වෙබ් අඩවියක් ලංකාවේ තියන නිසා. මම ගොඩාක් කල් මේ නම වෙනස් කරන්න කල්පනා කලා කල්පනා කලා. හිතට එන නම් google වල ගැහුවම ඒ නමින් අඩුම තරමින් blog එකක්වත් තියනවා. මගේම කියලා නමක් දා ගන්න හරිම අමාරුයි. සමහර ඒවා හිතට අල්ලන්නෙත් නෑ.

අන්තිමට හිතුවා සිංහල අවුරුද්දට කලින් නම වෙනස් කරන්න ඕන කියලා. මේ නිවාඩු කාලෙ නිසා lap එක ලග වාඩිවෙලා madura dic එකත් open කරගෙන හිතට එන වචන ගගහා බැලුවා හොද එකක් එනකම්. අන්තිමට ආවා නමක් "අසීමිත ලෝකය" කියලා. මදුරෙ ගහලා බැලුවා අසීමිත කියන එකට සමාන වචනයක්. පස්සෙ තිබුනා ටිකක් නුපුරුදු වචනයක් "නොහිම්" කියල්ලා. පස්සෙ google වල බැලුවා "නොහිම් ලෝකය" කියලා වෙබ් එකක් හරි බ්ලොග් එකක් හරි තියනවද කියලා. "නොහිම් සිහින" කියලා නම් බ්ලොග් එකක් තිබුනා.

ඒකෙ අර්තය තිබුනේ "හිමි නොවූ" කියලා. ඒත් නොහිම් කියන්නේ අසීමිත (unlimited) කියන එක ගොඩාක් තැන්වල තිබුන නිසා මම මගේ බ්ලොග් එකත් නොහිම් ලෝකය විදියට වෙනස් කලා.

දැන් ඉතින් අලුත් අවුරුද්දේ නොහිම් ලෝකයත් එක්ක අලුත් ගමනක් යන්න සූදානම්. එහෙනම් අලුත් අවුරුද්දේ අලුත් විදියට හමුවෙමු.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP