Loading...
11 April 2012

ලංකාවට සුනාමි අනතුරක්




අද දින 8.5 කින් යුතුව සුමාත්‍රා වල ඇති වූ භූමිකම්පා කම්පනය කඹුරුපිටිය ප්‍රදේශයටද සුලු වශයෙන් දැනුනු අතර අද පව 2. 20 ට පමන මෙය සිදු වුණි. මේ සමගම ලංකාවට සුනාමි අනතුරු හැගවීම් කර ඇති අතර අද හවස 4 වන විට සුනාමියක් ලංකාවට ලඟාවිමට හැකි බව සුනාමි අනතුරු හැඟවීමේ මද්‍යස්තානය පවසයි.

මෙම භූමි කම්පාව ත්‍රීකුනා මලය හා නුවර එලි ප්‍රදේශ වලටද දැනී ඇත. මෙහි බලපෑම ත්‍රීකුනා මලය මුහුදු තීරයට පව 4 ට පමනද කොලඹට 4.15 ට පමනද යාපනයට 6 ට පමනද සිදුවෙතැයි පවසයි

 මෙම සුනාමිය 33km ක් මුහුදු පතුලේ සිදුව ඇති අතර  Aceh's provincial capita සිට 434km දුරින් සිදුව ඇති බව වාර්තා වෙයි.

කරුනාකර ඔබේ හිතවතුන් මුහුදු බඩ ප්‍රදේශ වලින් ඉවත් කර ගන්න. සුනාමිය බලන්න මුහුදු බඩ ප්‍රදේශ වල උස තැන් වලට නැගී නොසිටින්න. සුනාමියක් වුනොත් එහි උස කොපමනදැයි කිසිවකුට කිව නොහැක. පොලීසිය මේ වනවිට නිසි ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. නමුත් පොලීසියට පමනක් මෙය කල නොහැක පුලුවන් තරම් රට ඇතුලට යන්න. උස් ස්තාන වල රැදී නොසිටින්න.

මේ වනවිටත් සමහර වෙරල බඩ සිටින අය උස් ස්තාන වලට නැගි සුනාමිය එනවාදැයි නරඹමින් සිටින බව වාර්තා වෙයි. එම නිසා ඔබේ හිතවතුන් ප්‍රවේසම් කර ගන්න.

පොලිස් මාද්ය ප්‍රකාශක පවසන්නේ කරුනාකර කලබල නොවී මාර්ග අවහිර නොකර රට අබ්යන්තරයට යන ලෙසයි. 4 වන තුරු කාලය පවතී

ප.ව. 3.47

මේ වන විට සුනාමිය ඇති වූ ආසන්න ම ප්‍රදේශයටවත් සුනාමියක් ඇති වී නොමැති බව වාර්තා වෙයි. නමුත් ආරක්ශාව වටිනා බැවින් සියලුම ජනතාව ආරක්ශිත ස්තාන කරා ගෙන යාමට පොලීසිය යුහුසුලුව කටයුතු කරයි. බොහෝ දුරකතන මාර්ග අවහිරව පවතී.

සියලුම රාජ්ය ආයතන සුනාමි අනතුරක් වුවහොත් එයට මුහුන දීමට සූදානම් වී සිටියි. මේ වන විට සෞක්ය අමාතාංශය සියලු සේවක නිවාඩු  අත්හිටුවා තිබෙනවා. ගුවන් හමුදවද මේ වනවිට ඕනෑම අනතුරකදී කෘයාත්මක වීමට සූදානම්ව සිටිනවා.

මෙයින් බලපෑමක් ඇතිවිය නොහැකි උවද සියලු දෙනාම අවදානයෙන් සිටිය යුතුය. මේ වනවිට සුමාත්‍රා වලට කිසිම හානියක් වී නෑ. එයට හානි වී පැයක් පමන යනවා අපිට එන්න. 8.5 ක් යනු විශාල බූමි කම්පාවක් .නමුත් මෙයින් සුනාමි ඇතිවිය නොහැකි වීමටද පුලුවනි. මේ දින කීපයේම අවදානමෙන සිටිනා. පසු කම්පන තත්වද ඇතිවිය හැකියි. ඒවා සුනාමි ගෙනදීමද හැකියි.

ඇමරිකා බූ විසේසන්යයන් පවසන්නේ මෙම බූමිකම්පාව තිරස් අතට සිදුව ඇති නිසා සුනාමි අවදානම අවම බවයි
 

ප.ව. 4.36
මීට විනාඩි කීපයක පෙරද 8.6 ක භූමිකම්පාවක් සිදුව ඇති අතර. එය මාතර කඹුරුපිටිය ප්‍රදේශයටද ඩැනුනි. එම නිසා නැවතත් සුනාමි අනතුරක් සිදුවීමට හැකියාව පවතී. එමෙන්ම දක්ශින අදිවේගී මාර්ගය මේ වනවිටං සියලු වාහන වලට විවෘත කර ඇත. තවත් පසු කම්පන සිදුවිය හැක. අවදානමෙන් සිටින්න

2 comments. :

  1. දැන් සුලු මොහොතකට පෙරද කඹුරු පිටිය ප්‍රදේශයේ පොලව සුලු මොහොතකට හෙල්ලිනි.

    ReplyDelete
  2. ඉන්දුනීසියාවට 17cm පමන සුනාමියක් සිදුවී ඇත.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP