Loading...
19 April 2012

google map එකක් බ්ලොග් එකට හරි web site එකකට හරි දා ගනිමු



google map එකේ ඔයාට කැමති තැනක් ලකුනු කරලා ඒ එන map එක ඔයාගෙ වෙබ් එකට දා ගන්න තිබුන නම් කොහොමද? මේක නිකම් print screen එකක් හරි photo එකක් හරි add කරනවා නෙවෙයි. කෙලින්ම map එක දමන්නේ.

වැඩිය කතා ඕන නෑ. කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම පහල ලින්ක් එකෙන් google map වලට යන්න

http://maps.google.lk/

දැන් එතන තියනවා නේද වම් අත පැත්තේ my places කියලා තැනක්. ආන්න එතන ඔබන්න. ඔබන්න කිවුවේ mouse එකේ left mouse button එක click කරන්න. හරිනේ

දැන් දකුනු අත පැත්තෙන් ඔයාට ඕන map ද satalite ද කියන එක තෝරන්න. map click කලාම map එකත් satalite click කලාම satalite view එකත් පෙන්නනවා.

ඊට පස්සේ ඔයාට ඕන තැන search කරලා හරි click කරලා හරි එතනට යන්න. යන්න කිවුවේ පයින් නෙවෙයි. ඒතන පේන විදියට map එක ගන්න.

දැන් වම් පැත්තේ තියන create map click කරල්ලා map එකට title එකකුයි description එකකුයි දෙන්න.
දැන් උඩ තියනවා නේද පහල මම පෙන්නලා තියනවා වගෙ පින්තූර 3ක්






අන්න ඒකෙ නිල් පාටින් තියන බැලුන් බෝලෙ වගේ එක තෝරලා ඔයාට ඕන තැන තියන්න.
දැන් ඒකට title එකක් description එකක් දීලා නිල් පාට බැලුමට කැමති නැත්නම්, title එක දෙන තැනම දකුනු අත පැත්තේ තියන නිල් පාට බැලුන් එක click කරලා කැමති පින්තූරයක් තෝර ගන්න.

description එක නිකන්ම ලියන්න හරි html code එකක් දාන්න හරි පුලුවන්. (html code වලින් පින්තූර හරි video හරි  LINK හරි දාන්න පුලුවන්)

මේ වගේ තැන් ගොඩාක් ඕන නම් තෝරලා වෙනස් කරන්න පුලුවන්. දැන් DONE /saveකරන්න.
ආපහු google map වලට ගිහින්, my place ගිහින් ඔයා කලින් හදපු map එක යට පෙන්නනවනේ එතන click කරලා එන map එක ඔයාගෙ web එකේ පේන්න ඔන විදිය හදලා පහල මම පෙන්නලා තියන link button එක click කරන්න (මේක වම් අත පැත්තේ ඇති)


දැන් යට තියනවනේ paste HTML to embed in website කියලා html code වගයක් අන්න ඒ ටික coppy කරලා blog එකේ html/java script gadget එකකට දාන්න. මේ gadget එකට දාන හැටි කියන්න ඕන නෑ නේ.

ඊට ඉස්සෙල්ලා ඕන නම් යටම තියන customize and preview embeded map කියන එක තෝරලා map එක පේන්න ඕන විදිය හදා ගන්න.

හරිනේ දැන් යටින් තියන code ටික coppy කරලා. HTML/JAVA script එකට PASTE කරලා SAVE කරන්න. දැන් බ්ලොග් එකට ගිහින් බලන්න කොහොමද කියලා

පහල තියෙන්නේ මම හදපු එකක්.
පහල වෙබ් එකෙන් තව බලන්න පුලුවන්. තව වැඩ කෑලි ගොඩාක් තියන්වා ඉඩ ලැබෙන ලැබෙන විදියට ඒවත් කියන්නම්.


http://gallefortproject.blogspot.com/





View EFAC in a larger map

2 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP