Loading...
17 June 2012

ඔන්න එහෙනම් ශතකයකුත් ගැහුවා

කොහොමින් කොහොම හරි මම 100 වෙනි බ්ලොග් පොස්ට් එකත් ලිවුවා. ගිය අවුරුද්දේ හරියටම දැනට දවස් 307 කට ඉස්සෙල්ලා පටන්ගත්ත බ්ලොග් එක මුලින්ම අනං මනං කියලා නම් කලේ නමක් හොයාගන්න බැරි කමට. පස්සේ ටික කාලයයක් යනකොට ඒක නොහිම් ලෝකය වුනා. එකම විදියට වැඩ කරලා පුරුද්දක්  ඇති නිසාදෝ මම කීප පාරක් බ්ලොග් එකේ theme එකක්ත් මාරු කලා. හිතට හරියන ඒවා කොච්චර ආවත් ටික කාලෙකින් එපා වෙනවා. අදත් ඔන්න theme එක මාරු කලා.

අද දවස (6) අනං මනං (10) කාලීන (11) ගූගල් මැප් (1) ජීවිතය (5) දේශපාලනය (10) බ්ලොග් කරනය (26) මගේ මතය (18) රස කතා (10) වෙබ් (5) සිංදු (1) සොෆ්ට් වෙයා (14)


කියන ලේබ යටතේ මුලු පෝස්ට් 100ක් ලිවුවත් comment නම් ගොඩාක් අඩුයි. ඒක එක පෝස්ට් එකට කොමෙන්ට් 1.5ක් තරම් average එකක් දක්වා පහල අගයක්. සමහර විට මම ලියන style එක කට්ටියට අල්ලන්නේ නැතිව ඇති.


වාද විවාද, බ්ලොග් කරන හැටි වගේම අපි කරපු වැඩ අපේ කොල්ලන්ට සිද්ද වෙච්ච අපූරු සිද්දි වලින් නොහිම් ලෝකය දිනෙන් දින පිරී ගියා


24355 ක් තරම් visitors ලා පිරිසක් මේ වනකොට නොහින් ලෝකය බලලා තියනවා. ඒකත් ලොකු සතුටක්.






විදියට තමයි වැඩිම පොස්ට් ගනනක් බලලා තියෙන්නේ.


වලින් තමයි කට්ටිය වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම ඒ අයට ගොඩාක් ස්තූති කරන්න ඕන. මට දක්වන සහයෝගයට. 

follower ලා 59 ක්. හොද මට්ටමක් කියලා හිතනවා.

ලංකාවෙ විතරක් නෙවේ පිටරට අයත් නොහිම් ලෝකය බලලා තියනවා. (මේක උන හැටි කට්ටිය දන්නවනේ)

Sri Lanka
19,778
United States
1,167
Italy
584
Australia
343
United Arab Emirates
210
United Kingdom
154
Qatar
136
Russia
118
Bahrain
96
Maldives
67

කොහොමින් කොහොම හරි 100 වෙනි පොස්ට් එක ලිවුවනේ. ඒ ඇති. ඇත්තටම මගේ බ්ලොග් එක කියවන අදහස් දක්වන ඔයාලා හැමෝටම ස්තූතියි.

6 comments. :

  1. අපේ ජීවිතයේ ගොඩාක් බලාපොරොත්තු තියනවා. සමහරු කියනවා ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු කියලා. ඒත් බලාපොරොත්තු වැඩි වන තරමට ජීවිතය එපා වෙන එකත් වෙන්න පුලුවන් .මොකද බලාපොරොත්තු ඉටු නොවුනාම ඇතිවන දුක ජීවිතය අඩි 3 4 ක් උනත් පස්සට අදින්න පුලුවන්. එතකොට බලාපොරොත්තු මගින් ජීවිතය අඩියක් 2ක් ඉස්සරහට ගත්තත් වැඩක් වෙන්නේනෑ.

    ReplyDelete
  2. තවත් දිගු ගමනකට සුභ පැතුම් :)

    ReplyDelete
  3. ශතකෙට සුභ පැතුම්
    ඔහොම දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම ආවේ අද ඔන්න ෆලෝ එකකුත් දැම්මා

      Delete
  4. ගොඩාක් සුභ පැතුම් ලොක්කා! ජයෙන් ජයම වේවා!

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP