Loading...
09 July 2012

කන්නෙලිය කැලේ අපේ ට්‍රිප් එක

කන්නෙලිය කියන්නේ ගාල්ලේ උඩුගම තියන නිල්වලා ගගේ ප්‍රදාන පෝෂක ප්‍රදේශය. මේ කැලේ සංචාරය කරන්න ගොඩක් සංචාරකයො එනවා. ගොඩාක් බලන්න දේවලුත් තියනවා. ටික ටික කියවන්නකෝ එතකොට බලාගත්හැකි ඒ මොනවද කියලා.

මේ ට්‍රිප් එක ලෑස්තිකලේ 6 වෙනිදා. කොල්ලෙක්ට නිකම්ම හිතිච්ච IDEA එකක් ලැබ් එකේදී අපිට කිවුවා හත්වෙනිදා යමුයි කියලා. එතකොටයි මතක් වුනේ හත කියන්නේ 10යේ උපන්දිනේ කියලා. ඉතින් උපන්දිනෙත් FACULTY යේ සමරන්න ඕන නිසා ට්‍රිප් එක ඉඉරිදට දා ගත්තා. සෙනසුරාදා රෑ ඉතින් කට්ටිය සූදානම් වෙනවා ගමනට.යන ගානක් හරියට දන්නෙත් නෑ. යන්න ඕන එකෙක් වරෙන් කියලා අපිත් 20කට විතර බඩු ලෑස්ති කලා. බඩු කියන්නේ කෑම. උදේට කන්න කඩලයි දවල්ට කන්න පානුයි සීනි සම්බලකුයි. පාන් මගින් ගන්න හිතාගෙන සීනි සම්බල හදා ගත්තා

ඉරිදා උදී 6.30 ට අපි 25ක් ගමන පිටත් උනේ ගාල්ලේ ඉදලා උඩුගමට තියන පැය 2 කිලෝමීටර් 30 ගමන් නිසාමයි. කොහොම හරි කට්ටිය දිගටම බස් සෙට් උනා. ඒක නිසා උඩු ගමට ගියා. යනකොට මගදි තමයි මතක් උනේ පාං කතන්දරේ. ඒ පාර පාරදිගට තියන බේකරි වලින් පාං හෙවීමේ ව්‍යාපෘතිය පටන් ගත්තා. එක කොල්ලෙක් ඉස්සරහින් අනිකෙක් පස්සේ ෆුට් බෝඩ් වලට නැගලා යනවා. බේකරියක් හම්බුන හමන් ඉස්සරහ එකා බස් එක නවත්තනවා. දෙන්නත් එක්ක ගිහින් පාං තියද අහනවා. කොහොමින් කොහොම හරි උඩුගමට යනකම්ම පාං හෙවුවා. අන්තිමට උඩුගමින් පාං හෙවුවා. අන්තිමට කට්ටියට පාං කියා ගන්නවත් බැරිවෙලා. කොහොම හරි පට්ටම කට්ටක් කාලා අපි 25ට පාං ගෙඩි 3යි රෝස් පාං 14යි මිදි පාං 5 කුයි අරගෙන කට්ටිය නැග්ගා දෙල්ලව බස් එකකට විනාඩි 45 ක කිලෝමීටර 4 ක විතර දුරක් යන්න.

කොහොමින් කොහොම හරි ඔන්න කන්නෙලිය කැලේට යන පාර ලගටත් ආවා

තව කිලෝමීටර 1.5ක් යන්න ඕන ENTRANCE එකට. දැන් ඉතින් පටන් ගත්තා ෆෝටෝ ගහන්න. දිගට හරහට ෆොටෝ ගන්නවා. බෝඩ් එකක් ගහක් දැක්කොත් කට්ටිය අත අරින්නේ නෑ.
කොහොමින් කොහොම හරි ඔය කිලෝමීටර 1.5ත් ගෙවාගෙන entrance එක ගාවට ආවයි කියමුකෝ.කට්ටියට ඇතුලට යන්න වගේ වගක් නෑ. එතනත් ෆොටෝ ගන්නවා
හරි එතනත් ෆොටෝ අරන් ඇතුලට ගියා. ගියාට පස්සේ තමයි තරු විසි උනේ. අපි එනකොට හිටපු ගයිඩ්ලා සේරම කැලේට ගිහින් එන්න පරක්කු වෙනවලු. ඒ එක්කෙනෙක් හරි එනකම් අපිට ඉන්න වෙනවා.


මොකද ගයිඩ් කෙනෙක් නැතිව කැලේ යන්න දෙන්නේ නෑ. ඉතින් කොහොම හරි කතා කරලා ගයිඩ් කෙනෙක් හොයා ගත්තා. ඊට පස්සේ කට්ටියට බඩ ගිනියිලු. 
කාලා ගයිදත් අරගෙන ගියා කැලේ ඇවිදින්න. පාරදිගේ යන්න මොන ගයිඩ්ලද කියලත් හිතුනා.
ඔය ඉස්සරහින්ම යන්නෙ ගයිඩ් කරන්න ආපු අයියා. පස්සේ තේරුනේ පාරදිගේ විතරක් නෙවේ ගුහා අස්සෙත් යන්න තියනවා කියලා.
ෆොටෝ එක නම් පොඩ්ඩක් ඇද උනා. කමක් නෑනේ. කැලේ වැඩිපුරම තිබුනේ ගස්. හිටපු එකම සතා කවුද කියලා ඊලග පින්තූරෙන් බලාගත් හැකි
නෑ..නෑ.. ඔය ඉස්සරහ ඉන්න එකා නෙව්වෙයි පස්සේ ඉන්න ගෑනු ලමයි දෙන්නා බලන්නේ. කූඩැල්ලා. සමහර කෙල්ලෝ කොල්ලන්ට පයින් නොගහපු එක විතරයි කූඩැල්ලන්ට බයේ.
ඊට පස්සේ කට්ටිය ගියා දිය ඇල්ලක් බලන්න

යනකොට බෝඩ් එක ඔහොම උනත් දිය ඇල්ල බලලා එනකොට මෙහෙමයි
පස්සේ යෝද පුස් වැලත් බලන්න ගියා. ඒ පැත්තටම තියන ලොකුම ගහ බලන්න තව කි.මි 1.86ක් යන්න ඕන. කට්ටිය හොදටම හැක් වෙලා නිසා ඒ ගමන අත ඇරියා. පස්සේ ආපහු ඇවිත් කාලා එහෙම එතනම තියන තොටු පලෙන් නෑවා. නියම place එක නාන්න. ආ අමතක උනා නේ එනකොට බාදුරා ප්පැලේකුත් දැක්කා. හික්..

මෙහේ යනවනම් මතක තියා ගන්න ඇල්ලෙන් නාන්න එපා. දෙන්නෙත් නෑ. කෑම ඇතුලට ගෙනියන්න දෙන්නෑ. කන්න පුලුවන් ENTRANCE එක ගාව විතරයි. ඒවා පනවලා තියෙන්නේ අපෙත් පරිසරයෙත් ආරක්ශාවට. ඒක නිසා අකුරටම මේවා පිලිපදින්න. මෙතනත් වෙනත් තැන් වගේ අපිරිසිදු කරන්න එපා.

14 comments. :

  1. අඩේ මටත් යන්න ආස හිතෙනවා බං

    ReplyDelete
  2. කට්ටියත් එක්ක ගිහින් FUN එකක් ගන්න නියම තැනක්

    ReplyDelete
  3. නියමයි!! :)

    ReplyDelete
  4. ඇත්තටම නියම අත්දැකීමක්

    ReplyDelete
  5. ලංකාවෙ තියන ලස්සන, ඉතාම වටිනා, ජෛව විද්‍යාත්මකව සිංහරාජෙට නොදෙවෙනි කැලෑවක්. "ෆන් ගන්නව"ට වඩා ලොකු දෙයක් මේ කැලෑව ඇතුලෙ තියනවා. ලස්සන ගමනක් , ලස්සන විස්තරයක්. ස්තූතියි.

    (සපත්තු වටේට සිද්ධාලේප ගාගෙන යන්න. කූඩැල්ලො නගින්නෙ නෑ. කූඩැල්ලො හැපුවොත් සිද්ධාලේප ගෑවුණ ඇඟිල්ලෙන් කූඩැල්ලාව ටිකක් අල්ලන්න.එයා එක පාරටම අත අරිනවා. කඩලා අයින් කරන්න එපා. )

    ReplyDelete
  6. "මිදි පාං 5 කුයි" ඒ මොනාද බං?

    නියම විස්තරයක්..

    ReplyDelete
  7. මිදී පාන් කියන වචනය මමත් අද තමයි ජීවිතේටම ඇහුවේ. ඒ ගැන කෙටියෙන් කියන්න.ගමන ගිය පිරිසේ පින්තූර වගේම පරිසරයේ පින්තූර වැඩි කලානම් ලිපියේ අගය ඉතා ඉහලට යන්න තිබුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  8. මිදි පාං කියන්නේ නම් බනිස් හදන්න ගන්න බොශ්‍රනයටම මුද්දරස්පලම් දාලා පාං ගෙඩියේ හැඩේට හදන පාං එකක්. සීනි සම්බල් එක්ක නෙවෙයි නිකම් කන්න පුලුවන්. බනිස් රහයි. බනිස් කන එක හොදයි.

    http://www.facebook.com/media/set/?set=a.382059905192935.81181.100001667874238&type=3 වලින් තවත් පින්තූර බලත හැකි. පින්තූර අඩු වෙච්ච එක ගැන කනගාටුයි.

    ReplyDelete
  9. @15122812172680165484 (සිදු) ඔවු මේක ලංකාවේ ජ්යිව විවිදහ්වයෙන් සිංහරාජෙ වගේම වටිනා කැලයක්. අන් ගන්නවට වැඩිය දෙයක් මේකේ තියනවා. ඇත්ත. ඒත් පොඩි කාලේ ඉදලම කැලෑවල හරි කොහේ හරි යනකොට ඔය එක එක ඒවා විස්තර කරන එක අහන් ඉදලා මට දැන් එපා වෙලා. ඉතින් අපි අපිට දුන්න ගයිඩ් ගෙන් මොකුත් අහන් නැතිව එයාගේ පස්සෙන් සිරි නරබ නරබ ගියා. ඕවා ඇහුවත් මට නම් මතක හිටින්නෙත් නෑ.

    කූඩැල්ලෝ අයින් කරන්න තව ක්‍රමයක් තියනවා. ඌ කකුල දුගේ නගින කොට හරියටම ඇකිලෙන වෙලාවක් බලලා මාපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි රවුමක් වෙන්න තියලා දුන්නක් වගූ ඌයි කකුලයි අතර්ට ගහන්න . ඌ වීසි වෙලා යයි. කන කොට නම් අරම අයින් කලාම හරි. සබන්, සිද්දාලේප ගාගෙන ගියයි කියල නම් අපිට සෙතක් උනේ නෑ.

    ReplyDelete
  10. @ Manoj ඵ්‍රියන්කර

    මෙහෙ නම් බනිස් වලට කොහොමත් මුද්දරප්පලම් දානවා...

    ReplyDelete
  11. මෙහෙනම් නෑ. හැබැයි මිදි පාං වලට දානවා.

    ReplyDelete
  12. මෙන්න අපි ගිය එක

    http://harshana-bc.blogspot.com/2012/06/2-journey-day-2.html

    ReplyDelete
  13. meka dakkama mata api sinharaaje giya tripak mathak unaa. a wagema lassana athi neda ?

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්තටම ලස්සන පලාතක්.

      Delete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP