Loading...
17 July 2012

කතරගම කපුටෝ (කොලඹ කපුටන්ට අන්තය)



ලෝකයේ ඕනෑම තැනක වාහන වැඩිපුර ගැවසෙන ස්ථාන වල වාහන නැවැත්වීමට ස්ථාන හෙවත් parking places සපයා ඇත. ඒවා බොහෝවිට විදිමත්ව පවත්වාගෙන යන අතර බොහෝවිට නවත්වන වාහන වලින් ටිකට් පතක් නිකුත් කර වාහනය නවතා තැබීමට ගාස්තුවක්ද අය කර්නු ලබයි. ඒත් මේ ක්‍රමයට පටහැනිව ඉබාගාතේ යන ප්‍රදීශයක් ලංකාවේ පවතින බව ඔබ දන්නවාද. ඔවු, කතරගම පූජෑ බූමිය ආශ්‍රිතව සිදුවන මේ ව්‍යාපාරය නවතා දැමීමට රජය මේ වනතුරුත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අදද කතරගම පූජා බූමිය අවට සංචාරය කරන්නන්ට වැටහෙනු ඇත.

කතරගම පූජා බූමියට ඇතුලු වන ඔබට තම වාහනය නතර කිරීමට ස්ථානයක් සොයා ගැනීම කිසිසේත් අපහසු වන්නේ නැත. මන්ද එහි ඒ සදහාම කැප වූ පිරිසක් සිටින නිසාවෙනි. නමුත් මෙහි තිබෙන කේදජනකම කරුන නම් ඔබ යම් වේලාවක ඔබ විසින්ම සකස් කරන ලද පූජා වට්ටියක් සමග ආදාල ප්‍රදේශයට ඇතුලු උනොත් වාහනය නැවැත්වීමට කිසිදු තැනක් නොමැති වීමයි. ඔබට එහි වාහන නැවැත්වීමට හැක්කේ අදාල කොටසේ තිබෙන කඩයකින් පූජා වට්ටියක් මිලදී ගන්නේ නම් පමනි. ඔබ පූජා වට්ටියක් ඇතිව එම ප්‍රදීශයට ඇතුලු වුනොත් මහත්තයා මෙතන වාහනේ නවත්තන්න බෑ. කියමින් ඔවුන් මැසිවිලි නගනු ඇත. නමුත් ඔබගේ වාහනය එතනින් ඉවත්කල වහාම තවත් වාහනයක් එතන නවත්වනවා ඔබට දැක ගැනීමට පුලුවන.

මේ සියල්ලම සිදුව තිබෙන්නේ එම ප්‍රදීශයේ වාහන නැවැත්වීමට මන්තිරු සකසා නොතිබීම හා අකාර්යක්ශම පාලනය නිසා යයි මාගේ අදහසයි. මන්තීරු සකසා තිබුනි නම් කාගේවත් කථා නොඅසා වාහනය නතර කිරීමට ඔබට හැකි වනු ඇත එමෙන්ම වාහනය නතර කිරීම සදහා ටිකට් පතක් නිකුත් කරයි නම් ආරක්ශාව පිලිබදව ගැටලුවක් පැන නගින්නේ නැත.

  සෙල්ල කතර ගම ඔය කිසිවක් නැත. මනාව සකස් කල මන්තීරුවක ආරක්ශාකාරීව වාහනය නවතා තම කටයුත්තා සාර්තකව කරගැනීමට එහි පහසුකම් සලසා ඇත. නමුත් කතරගම පූජා බූමිය අරක්ගත් මේ කේදවාචකය අවසන් වන දිනයක් පෙනෙන තෙක් මානයක නැත.

යම් හෙයකින් කතරගම පූජා බූමියෙහි ඔබට තම වාහනය නතර කිරීමට අවසර නොදුන්නොත් කරුනාකර එය අසල ඇති නේවාසික ස්ථානයේ නතර කරන්න. එය වාහනයේ ආරක්ශාවටද සුඩුසුය. එහි වත්මන් වාහන නතර කිරීමේ ගාස්තුව රු 150ක් වෙයි. මන්ද පූජා බූමි park එකේ සිටින අය සමග තර්ක කර වාහනය නතර කලත් එහි ආරක්ශාව ගැටලු සහගත් විය හැකි බැවිනි

8 comments. :

  1. දන්නා කාලෙ ඉඳන් ඔතන ඔහොමමයි. ඔය විතරක් ද, කිරි වෙහෙරෙ පහන් පත්තු කරන්න සල්ලිත් අය කරන්නෙ.

    ReplyDelete
  2. අපි කතරගම යන්නේ කොයි තරම් භක්තියෙන්ද ඒත් වාහනේ නවත්තන තැනින් ගසාකනවා, පලතුරු වට්ටි ගන්න තැනින් ගසාකනවා, නවාතැන් ගන්න තැනින් ගසා කනවා, ඉතින් මේ තරම් භක්තියෙන් එන අපිව රැකගන්න බැරි දෙයියෙක් ගැන විස්වාස කරන අපි අමු හරක් රැලක් නෙවෙයිද?

    ReplyDelete
  3. කතාව නම් ඇත්ත සහෝ

    ReplyDelete
    Replies
    1. කතර ගම දෙයියෝ වාහනෙන් ආවත් ඔය සෙතේම තමයි

      Delete
  4. දන්න කාලේ ඉඳල ඔහොම තමයි. ඔහොම ස්ථාන වල නිසි සැලස්මක් තියනව නම් හැමෝටම පහසුයි. තව එකක් හැම තැනටම දේශපාලනය රිංග ගත්තම් සැලැස්මක් තිබුනත් වැඩක් නෑ.සැලසුම යකාට යනව.

    ReplyDelete
  5. eka aththa desha palanaya nathnam rata goda.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP