Loading...
24 July 2012

මහින්ද මාමා වෙත ලියමි

ඉතින් මාමේ. කොහොමද සැප දුක්. අපි නම් සැපෙන් සිටිමු. අපි කිවුවාට මම නම් සැපෙන් සිටිමි. තාත්තාට ප්‍රශ්න ගොඩායිලු. අම්මටත් ඒ වගේලු. බඩු මිල වැඩියිලු. තාත්තා ඉරිදට පොලේ ගිහින් ආවම ඉතින් ගෙදර කඩේ තියන මිල දර්ශකේ වගේය. තියන හැම බඩුවකම ගිය ඉරිදා තිබුන මිලයි මේ ඉරිදා මිලයි කියන්නේ මැශින් එකක් වගේය. ඔය අතර මේ ඉරිදා මිල ගොඩාක් වෙලාවට වැඩිය. අත්‍රින් පතර ලාබයි කියන වචන දෙක තුනක් නොඇසෙනවාම නොවේ.

 

මම මේ ලියුම ලියන්නේ පොලේ බඩු ගැන කියන්න නෙවෙයි. පොලේ බඩු ගනන් ගියත් නොගියත් මට නම් වේල් 3ම කන්න ලැබෙනවාය. මේ ලියන්නේ ලඟකදී ඉදලා අපේ අක්කට වෙච්ච සන්තෑසියක් ගැන කියන්නය. අක්කා ටික කාලෙක ඉදන් විස්ස විද්දාලේ යන්න තේරිලා හිටපු බව අම්මලා තාත්‍තලා කියනවා මම අසාගෙනය. ගිය අවුරුද්දේ නම් කිවුවේ තව පාරක් උත්සාහ කරන්න කියාය. මේ අවුරුද්දේ ලගක් වෙනකම් කීවේ තේරිලා කියාය. ලගක ඉදන් අක්කා ඇඩූ කදුලෙන්ය. අම්මා කියන්නේ අපි මොනවා කරන්නද දුවේ ලබා උපන් හැටි තමයි කියලාය. ඒ අතර ඕකුන්ට හෙන හතම ගහන්න ඕන මේ කරපු අපරාදෙට කියලත් කියනවා ඇසුනු වාර අන්නතය. මුලදී මොකක් උනාදැයි නොතේරුනත් ඉස්කෝලේ ගියාම කොල්ලෝ කියන ඒවයින් මොකක් වෙලාදැයි මට තේරුනි. අක්කා විස්ස විද්දාලේ පේල් වෙලාය. අපි කියන විදියට පේල් උනාට අම්මලා කියන විදියට පේල් කරලාය. ඒ කියන්නේ අක්කට විස්ස විද්දාලේ යන්න බැරිය. සමහර විට අම්මා හෙන හත වදින්න කිවේ ඔය පේල් කරපු උන්ට වෙන්න ඇතිය.

 

ජේ ආර් සීයා කියන විදියට ජනාපති තුමාට කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන එකයි මිනිහෙක් ගෑනියෙක් කරන එකයි කියලා අපේ අයියා දවසක් කියනවා මා ඇසුවෙමි. අයියා විස්ස විද්දාලේය. මේ දවස්වල ගෙදරය. සමහරු කියන්නේ ඌ ජේවීපී කාරයෙක් කියාය. ඌ දන්න ජේවීපී යක් නැත. ලොකු ලොකු ටෝක්ස් නම් දෙන්නේය. ඒත් ඌ ගියපාර චන්න්දේ දුන්නේ අපේ ජනාපති තුමාටය. ඌ ඔබ තුමාට පන ඇරලාය. බලන්නේ පවුලේ නාලිකාව විතරය. එඒක බලා විමසනවා නොව සැනසෙනවාය. ඌ කියන විදියට විමසුවොත් බඩු ශුවර්ය. බොරු අතේ පත්තු වෙනවාය. ඌ කියනේ මේක ජාත්තන්තර කුමන්ත්‍රනයක් කියාය. අපේ ජනාපති තුමා චන්දෙන් පරද්දන්න ජාත්තන්තරේ මේ වැඩේ කරලාලු. මොකා කලත් උගේ නංගිට දැන් විස්ස විද්දාලේ යන්න බැරිවී ඇත.

 

ඌ කියන විදියට අක්කාට ඊලග පාර විබාගේ ලියන්න සති 2ක් වැඩිත් එක්කලු. අක්කා ලියන්නේ විශයන් 3 ලු. ඌ සතියෙන් පාඩම් කරලා විශයන් 10ක් ලියනවලු. ඒත් ඌ ලියන්නේ මාස 3 ක ඒවාය. අක්කා ලියන්නේ මාස 24ක ඒවාය. ඌට නොතේරුනාට මේ පුන්චි මොලේට ඒවා තේරෙනවාය. හැබැයි මට තේරෙන එක රටේ ඉන්න ලොක්කොන්ට තේරෙන්නේ නැතෙයි කියා අම්මා කොයි වෙලෙත් කියනවාය. සමහර විට උන් ඉන්නෙත් අයියගෙ මානසිකත්වේම වෙන ඇතිය. ඒත් උන් කැම්පස් ගිහිල්ලදැයි මට ශුවර් නැත.

 

තාත්තා නම් කියන්නේ S.B ඔබ තුමා පරද්දලා ජනාපති වෙන්න ගහපු ගැටයක් කියාය. සමහර විට බන්දුලට අගමැති කමවත් දේවිලු. මේක මම කිවේ හිතවත් කමටය. අම්මා කියන්නේ තාත්තා අමු UNP කාරයා කියාය. තාත්ත කියන විදියට එයාගේ ආන්ඩුව තිබුනනම් ඔහොම වෙන්නේ නැතිලු. අම්මා කියන්නේ මොන ආන්ඩුව ආවත් ඇමති වරු මේ ඉන්න එවුන්ම තමයිලු. අන්න ඒක නම් මට තේරුනේ නැත.

 

මම මෙතනින් නවතිමි. මිනිස්සු කොහොම අන්කල්ට කරන ආශිර්වාද වැඩිත් එක්කය. ඒ නිසා මම ආශිර්වාද කරන්නට යන්නේ නැත. මටයි අපේ පවුලේ අයටයි බුදු සරනය.

 

ප.ලි: අක්කාගේ විස්ස විද්දාලේ ගිය යාලුවෝ කියන්නේ ඒ අය විබාගේ පාස් උනත් ගෙදර නිසා උන දේ කමක් නැතිලු. ඒත් අක්කා ඉන්නේ නම් ලෝකෙට මූන දෙන්න බැරිවය. අක්කා විතරක් නෙවෙයි අම්මාත් තාත්තාත් එහෙමය. දවසට තු හතර පාරක් ඔබ තුමන්ලා මතක් කරනවාය. 

 

මීට

පොඩි එකා...

18 comments. :

  1. පව් අක්කාට පවුය...

    ReplyDelete
  2. කලින් කෑගැව්වා ඒ ක්‍රමෙ වැරදිය කියලා දැන් කෑ ගානවා පාස් අය පේල් වෙලා තියලා. ඒ කියන්නේ කලින් කරමේ හරිද නැත්තං මේ කරමේ හරිද?

    ReplyDelete
  3. දෙකම වැරදියි
    http://m.ak.fbcdn.net/a8.sphotos.ak/hphotos-ak-ash4/377686_441538729224841_1794415390_n.jpg

    මේක බලලා ඉන්න. වෙනදා මාතර මුල් 20 ඇතුලේ second shy මාර විදියට හිටියා දැන් 1 යි. ඒත් 19.

    ReplyDelete
  4. ෆට්ට. ෆට්ට. පොඩි එකාට තේරෙන එක වත් ලොකු එවුන්ට තේරෙන්නේ නෑනේ. හැබයි මචෝ ඔය පොඩි එකාට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කලා කියලා දේශද්‍රෝහි ලේබල් එක ගහයි ද කියන්නත් බෑ. පරිස්සමින් හිටපන්. :D

    ReplyDelete
    Replies
    1. මම පොඩි එකාට කියලා බලන්නම් ටිකක් පරිස්සමින් ඉන්න කියලා

      Delete
  5. පොඩි එකාට තේරෙන ඔය විදිහට තමා දැන් රටේ ගොඩක් අයට තේරෙන්නේ හැබැයි තේරෙනකොට පෙරහැර ගිහින්ලු.කෝකටත් සුදු වෑන් එකක් දැක්කොත් ඌට ගෙට රිංගන්න කියහන්

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් මේක ලියලා තියෙන්නේ මහින්ද මාමාට කෙලවෙන එක නවත්තන්න උපදෙස් දෙන්න

      Delete
  6. මං නං මහින්ද රාජපක්‍ෂට හොඳ පාඩමක් උගන්වන්නයි ඉන්නේ!
    බලන්න.
    http://kathandara.blogspot.com/2011/11/its-my-turn-to-teach-mahinda-rajapaksha.html

    !!!

    ReplyDelete
  7. හැමෝම දැන් එක එක ලියුම් ලියනවනේ මේ වගේ.බලමුකෝ ජනා පති තුමා කාගේ කීම අහයිද කියලා

    ReplyDelete
    Replies
    1. අනිවා මගේ එක නම් අහනවා

      Delete
  8. මොනව වුනත් ඇත්ත කියලා තියෙනවා. ඒත් පිලිගනියිද?

    ReplyDelete
  9. ලියල තියනවා ලස්සනට ලියුම. :) ඒත්,මට නම් ඔහොම යන්න ඉඳල කැම්පස් යන්න බැරි උනානම් මැරෙන්නම හිතෙයි..මොනා කරන්නද..ලැබෙන හැටි තමා ඉතින්..

    ReplyDelete
  10. චැහ්. මාර අකුරක් නේද බන් Z

    ReplyDelete
  11. අහල පහල ගෙවල්වල උදවියත් අපේ ගෙවලවල උදවියත් බොහෝ වේලාවට මාමාගේ අම්මාව සහ තාත්තාව ආදරයෙන් සිහිපත් කරනවා කියලා ලිව්වේ නැද්ද :D

    ReplyDelete
  12. ඔබතුමාගේ මව්තුමියට හච්චින් යන්නේ නැද්ද?කියලත් අන්තිමේ ඇහුවා නම් එල!

    ReplyDelete
  13. එල අයියේ...රාජපස්ස මාමාටත් මේක කියවීමට ලැබේවා...!!!

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP