Loading...
09 August 2012

මගේ දුම්රිය ගමන හා මරන 3ක් ඇති මිනිහෙක් පැණි කෑම

ගාලු කුමාරී

පස්වරු 1.40 ට ගාල්ල හා මාතර බලා පිටත්වන ගාලු කුමාරී දුම්රිය තව සුලු මොහොතකින් 5වන වේදිකාවට පැමිනෙනවා ඇත. දුම්රිය නවත්වන්නේ.... යකඩ කටින් දිගටම කියවාගෙන යනවා. ශීට් එකකල්ල ගන්න කට්ටිය මරදාන ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකේ දිගටම හිටගෙන ඉන්නවා. මමත් ශීට් එකක් අල්ල ගන්න කියලා කට්ටිය නැති හරියකින් හිට ගන්නවා. කෝච්චිය ටිකෙන් ටික ඇවිත් අපිව පහුකරගෙන ඉස්සරහට යනවා. දෙවන පන්තියේ ටිකට් එකක් තියන මම 2 ඉලක්කම හොය හොයා පෙට්ටි දිහා බලනවා. 2 ඉලක්කම මාවත් පහුකරගෙන ඉස්සරහට යනවා. 3 ඉලක්කමක් හරියටම මම ඉන්න තැන ඉස්සරහා නවතිනවා. මිනිස්සු පොර කකා ඒ පෙට්ටියට නගිනවා. ඔලිම්පික් වල බෝල්ට් අයියා දිවුව්ට වඩා ටිකක් හෙමින් කිලෝ 30ක 40 ක විතර බඩු මල්ලකුත් උස්සන් මාත් ඉස්සරහටම දුවනවා 2 පන්තිය ශීට් එකක් අල්ල ගන්න.

මිනිස්සුත් එක්ක පොරකාලා පොරකාලා මාත් බෑග් එකත් කෝච්චි පෙට්ටිය ඇතුලට තල්ලු වෙනවා. කොච්චර පොර කෑවත් අන්තිමට ඕන තරම් ඉඩ තියන කෝච්චි පෙට්ටියේ අවුව තියන පැත්තේ කොනේම ශීට් එකේ මාත් වාඩි වෙනවා. 

හරියටම 1.40ට කෝච්චිය මාතරට යන්න පිටත් වෙනවා. 

කෝච්චිය කොළඹ කොටුව ස්ටේශන් එකේ නවත්තනවා. මරදානෙ වගේම මිනිස්සු පොරකකා පෙට්ටි වලට නගිනවා. කොහෙද ඉදලා ආපු නාකි සුද්දෙක් මම ඉන්න තැනට අල්ලපු ශීට් එකේ වාඩි වෙනවා. මිනිහා මොකක්දෝ අමාරුවකට ඇගේ ගාපු ක්‍රීම් එකක සුගන්දය මගේ නාහේ කඩාගෙන ගිහින් පෙනහැල්ලත් එක්ක අප්සට් කරනවා. බොහොම අමාරුවෙන් train එක අද්දන කම් හුස්ම අරගෙන මාත් ඉවසන් ඉන්නවා. 2.05ට කොලබින් කෝච්චිය පිටත් වෙනවා. ක්‍රීම් ගද ඉවසන්නම බැරි තැන මම ඔලුව කෝච්චියේ ජනේලෙන් එලියට දා ගන්නවා. 

මොනවද කෑවනම් විදවපන් බලලෝ කියලා ගිනි කාස්ටක අවුව මගේ මූනයි අතයි මරුවටම පුච්චනවා. කරන්න දෙයක් නැති කමට ආයි ඔලුව ඇතුලට ගන්නාවා. අර ගද ගහන ක්‍රීම් එක ආයි මගේ පපුවකඩාගෙන ආමාශ ගත වෙනවා. ආපහු මම ඔලුව එලියට දා ගන්නවා. ගහෙන් වැටුන මිනිහට මොකාද ඇන්නා වගේ ඒක අස්සේ මොකෙක්ද ගෝතයෙක් දොරකඩ සිගරට් එකක් පත්‍රතු කරගෙන ඉන්නවා. "දුම්බීම තහනම්" කියලා සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙමලෙන් ලියපු වචන වගයක් රතුපාට පසුබිමේ කහපාටින් මිනිහගේ ඔලුවට උඩින් දිලිසෙනවා. බාශා 3ම දන්නැති එකෙක් වගේ මූත් වෙන එකෙක් එක්ක සිංහලෙන් කතා කර කර අරක උරනවා. ඒකෙන් පිටවෙන දුම මගේ නාස් කුහරය හරහා පෙනහලු ගතවෙනවා. මම ඔලුව ඇතුලට ගන්නවා.ක්‍රීම් ඟද නාසය පසාරු කරගෙන යනවා. මම ඔලුව එලියට දානවා. 

කෝච්චියත් අලුත්ගමට ලංවෙනවා. ක්‍රීම් ගා ගත්ත නාකි සුද්දා බැහැලා යනවා. නාහේ බේරගත්ත මම මාතරට එනකම්ම අදිවේගෙන් ආපු කෝච්චියේ ගල්ලේ ඉදලා පැය එක හමාරකින් එනවා. සුපුරුදු සටන දීලා මම කෝච්චියෙන් බැහැගන්නවා. ජීවිතේ අන්තිම බස් එක අල්ලන්න වගේ මිනිස්සු ටිකක් පෙන්න පෙන්නා පොරකනවා. ඒක අස්සේ ටිකට් එක බේග් එකේ දාගත්ත ඇන්ටි කෙනෙක් පිටවෙන්න හ්දනවා. ඇන්ටිගේ දකුනු පැත්තේ "පිටවීමට පෙර ටිකට් පත අතට ග්ගෙන තදබදය වලක්වන්න" කියලා බෝඩ් එකක් එල්ලෙනවා. මිනිස්සුගේ පොරකෑම සාඒ ඇන්ටිත් ටිකට් එක හොයනවා.මිනිස්සු ඇන්ටිත් තල්ලු කරන් ඉස්සරහට යනවා.

මමත් ඔය අස්සේම කිලෝ 30ක 40ක බෑග් එකත් එක්ක ඉස්සරහට තල්ලු වෙලා යනවා.

12 comments. :

  1. piksu hadenawa ohoma seen ekak unoth mokada unta gahanna kiyalada?

    ReplyDelete
    Replies
    1. ඒකනේ. මාත් ඉතින් කට වහගෙන ආවා

      Delete
  2. හ්ම්ම්ම්..ඒක නම් ඇත්ත..කෝච්චිය හොඳයි..ඒත් සමහර වෙලාවට එපා වෙනවා..
    ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. මේ සහෝ..ඔයගෙ බ්ලොග් එකට එන කොට මල්වාරේ ඩිටෙක්ටඩ් කියලා එනවා.. ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න.. තව කෙනෙක්ගේ බ්ලොග් එකකට එහෙම වෙල තිබුනා කියලා දාලා තිබුනා.. චන්දනගේ සටහන් බ්ලොග් එක..

      Delete
    2. දැනුවත් කලාට ස්තූතියි. ඒක නිවරදි කරා. මේකේ දාලා තිබුන සිංහල බ්ලොග් ලිස්ට් එක නිසයි එහෙම වෙලා තිබුනේ. ඒත් ඒකත් තියෙන්න ඕන මම ඒක දාන්න වෙන ක්‍රමයක් හොයා ගන්නම්. ස්තූතියි

      Delete
  3. meka liyala thiyena widiyata mata hodatama hinaaa....

    ReplyDelete
  4. සුද්දගෙ ක්‍රීං ගද කීවමයි මතක් උනේ..
    හමේ පාට සුදු උනාට ඕකුංගෙ කිසි පිරිසිදු කමක් නෑ..

    ReplyDelete
  5. මචං අපිත් සිරිපාදෙ ගිහින් එනකොට සුද්දො සෙට් එකක් ආව අපි ආපු කෝච්චියෙ. උන් ලඟ නම් තිබ්බෙ සෙන්ට් සුවඳ නෙවේ. පට්ට හඩු ගඳයි.
    …උන් සිරිපාදෙ උඩ දිත් අපි දැක්ක. තරියා කිව්ව වගේ කිසි පිරිසිදුවක් නෑ තමා. ෂර්ට් 5 විතර එක උඩ එක ඇඳල. කුණු ගැවුනම උඩ එක මාරු කරනව.

    …අර මැල්වෙයාර් කේස් එක මට ආවෙ මචං වීව් කවුන්ටර් එකෙන්. මම තව බ්ලොග් එකක දැක්ක මගේ වගේම වීව් කවුන්ටර් එක හරියට වැඩ නොකර තියනව. මටත් උනේ ඒකමයි.
    …දැන්නම් හරි.
    …පුලුවන් නම් මගේ බ්ලොග් එකට ඇවිත් බලපන්.

    ReplyDelete
    Replies
    1. මගේ වෙලා තිබුනේ total post count, total comment count එක නිසා. පස්සේ බ්ලොග් එක ආපහු හැදුවා. එතකොටයි අහු උනේ. දැන් ඒක දන්නෑ. දැන් හරි mailwareඑන්නේ නෑ.

      Delete
  6. බොටත් වෙන දේවල් :)

    ReplyDelete
  7. හි හි....මට උළුඳු වැඩේ සුවඳද,ගඳද මන්ද ඉවසන්න බැහැ වගේ තමා.. :)

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP