Loading...
14 August 2012

වසරකට පසු...

ඒ කාලේ අපේ අන්තිම training කාලේ. මම training ගියේ ගෙදර ඉදලා. ඉරිදයි සෙනසුරාදයි දවස් 2න් එකක් වැඩ කරනවා OT ටිකක් ගන්න කියලා. එදාත් අද වගේම දවසක්. හැබැයි ඉරිදා දවසක්. මම හිටියේ ගෙදරට වෙලා.මාරම කම්මැලි කමෙන් හිටියේ. ඒක ටිකක් විතර කරුවල හැන්දාවක්. වෙලාව හවස 6.05ට විතර ඇති. කවුරුවත් ගෙදර නෑ. මම විතරයි තනියම ගෙදර හිටියේ....

මට අපේ අයියගෙ ඩොංගල් එක සෙට් උනා. මටත් ඉතින් ඩොංගල් එකක් සෙට් වෙනවයි කියන්නේ ආයි මොකුත් ඕන නෑ.මමත් නෙට් එක පැත්තේ පොඩි රවුමක් ගහ ගහ හිටියා. ඔය අතරතමයි මට අදහසක් ආවේ බ්ලොග් එකක් පටන් ගන්න ඕන කියලා. මීට කලින් බ්ලොග් කීපයක් කරලා තිබුනත් ඒවා බලපු අය නම් හිටියේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. සමහර විට 1ක් වෙන්නත් තිබුනා. මොකද මම අනිවා යනවනේ. කොහොමින් කහොම හරී එදා මම අනං මනං කියලා පටන් ගත්ත බ්ලොග් එක දැන් නොහිම් ලෝකය වෙලා.
ඉතින් මේ බ්ලොග් එක පටන්ගෙන අවුරුද්දක් පිරීම නිමිත්තෙන් කේක් ගෙඩියකුත් කපලාම වැඩේ පටන්ගන්න හිතුනා.
1st birth Day
හරිනේ දැන් ඉතින් කට්ටිම කේක් කාලා බලමු කොහොමද අවුරුද්දකට පස්සේ බ්ලොග් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා
මේකත් එක්ක බ්ලොග් පෝස්ට් 128ක් publish කරලා. මුල්ම පොස්ට් එක පටාන් ගනිමු
comment ගත්තම නම් 386. ලගකදී ඉදලා තමයි comment ටිකක් වැඩි උනේ. මුල් කාලේ comment එකයි දෙකයි. මට මුලින්ම comment කරලා තියෙන්නේ buwa ඒ  ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල හා සමාජ මතය කියන post එකට. ඒකතමයි මට වැඩියෙන්ම comment ලැබුන මුල්ම Post එක comment 2 යි. කොහොම හරි මමත් ලියාගෙන ගියා.
වැඩියෙන්ම පිටු පෙරලලා තියෙන්නේ ජාතිය මුදාගත් පියාට සැබෑ ගෞරවය දක්වමු (විමල් වීරවංශ) 'මෙය විහිලුවකි' කියන post එකට. ඒක ටිකක් විතර දේශපාලනිකයි. 
http://syndi.lankeeya.lk/ වලින් තමයි වැඩියෙන් කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. මෙතෙන්දී මම ස්තූතිවන්ත වෙන්න ඕන සියලුම සිංහල සින්ඩි වලටයි fb එකේ තියන සිංහල බ්ලොග් groop වලටයි මගේ posts අපේ පාටකයන්ට කියවන්න අවස්තාවක් උදා කරලා දෙනවට.
followers ලා 78ක් ඉන්නවා. ඒ අය මට ලොකු හයියක්. ලගදී පටන් ගත්ත FB Page එකටත් like 80ක් තියනවා ඒකත් මට ලොකු හයියක් මේක කරන් යන්න.
34988ක් මේ අවුරුද්ද තුල පිටු පෙල්ලලා තියනවා. ඔයාලා සේරටම ස්තූතියි.
ලංකාවෙන් 27308යි. අනිත් අය පිට රටින්. කොහෙන් ආවත් ඔයාලට ස්තූතියි.
අන්තිමට කියන්නත් තියෙන්නේ පෝස්ට් බලන බලලා යමක් ගන්න comment කරලා මාව දිරිමත් කරන ඔයාල හැමෝටම මාගේ ස්තූතිය. කට්ටිය දිගටම එන්නකෝ...

14 comments. :

  1. ජය වේවා... මම එකද කොහෙද.. සුභම සුභ උපන්දිනයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. ජය

      Delete
  2. සුභ පැතුම් වේවා!!!!!!!
    තව තවත් වැඩියෙන් පෝස්ට් දාන්න ලැබේවා!!!!!!!

    ReplyDelete
  3. සුභ පතනවා යාලුවා. ඔයාගේ බ්ලොග් එකෙන් මම ගොඩක් දේවල් ලබා ගත්ත. තවත් අයට එහෙම වෙන්න ඇති. තවත් දිගු ලොකු ගමනක් යන්න ලැබේවා..!!!!!

    ReplyDelete
  4. ඔබට ජය!

    දිගු ගමනකට සුබ පැතුම්...

    ReplyDelete
  5. අවුරුද්දට සුභපැතුම් මල්ලී...

    තව දිගු ගමනක් යන්න වගේම හොඳ දේවල් අපිට දෙන්නත් වරම් ලැබේවා!

    ReplyDelete
    Replies
    1. Thankස් අයියා. අනිවා ඉතින් ඉස්සරහටත් හොද දේවල් දෙනවා

      Delete
  6. මගෙන් සුබ පැතුම් සහෝ තවත් දිගු කලක් ලියන්න ලැබේව!

    ReplyDelete
  7. ඔබට ජය සහෝ! :)

    ReplyDelete
  8. සුභ උපන්දිනයක්! සුපිරි ගමනකට පැතුම්!

    ReplyDelete
  9. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP