Loading...
31 August 2012

අපි අසරණ වෙලා (කරලා) වගේ හිතට දැනෙනවා



කැම්පස් නැති.. පිහිටක් නැති..
ප්‍රතිපල නැති.. හෙටකුත් නැති..
අපේ ජීවිතේ...
අපි අසරණ වෙලා වගේ 
හිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ...

උත්තර නැති ප්‍රශ්නත් ඇති
කමකට නැති ඇමතිල ඇති
මේ ධර්ම දීපයේ...
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ...

නිදහස ඇති අධ්‍යාපනෙ අපෙ
කන්න හදන ඇමතිල ඇති
මේ ලංකාදීපයේ
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා...
බුදු හාමුදුරුවනේ...



10 comments. :

  1. සුපිරි කවක් ඈ.. ඔන්න කොපි රයිට් රිසවර්ඩ් කියලා දාගත්තට පාඩු නැ.. නැත්නම් හැමතැනම යයි නම නැතුව කවිය..

    [im]http://www.smiley-faces.org/res/smiley.gif[/im]

    ReplyDelete
    Replies
    1. මගේ කොපි රයිට් මෙවුව එක තමයි ඕන එකෙක් ඕන විදියකට කොපි කරපුවාවේ කියන එක. ආසාවනේ...

      Delete
  2. කවිය සිරා. මේ අවුල් ගැන නම් මටත් ඇත්තටම කණගාටුයි යාලුවා.

    ReplyDelete
    Replies
    1. [im]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s480x480/403197_273255432731789_2140862483_n.jpg[/im]

      Delete
  3. මේ වගේ විකාර වැඩ වලට බුදු හාමුදුරුවන්ව ගාවගෙන උන් වහන්සේට අපහාස කරන්න එපා. විශ්ව විද්‍යාල අර්බුදය තනිකරම මුදලට කෑදර ආචාර්ය වරු නිසා ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. ඔයා දන්නවද ආචාර්යය වරුන්ගේ ඉල්ලීම් 6න් වැටුප් වැඩි කිරීම හැර අනිත් යෝජනා පහටම රජය එකඟ වෙලා තියෙන වාතාවරණයක කියල තව දුරටත් ඔවුන් වැඩ වර්ජනය පවත්වාගෙන යන්නේ කියල? කැනඩාව වගේ රටක ලැබෙන වැටුප් ලංකාව වගේ රටකින් බලා පොරොත්තු වෙනවනම් ඒක විහිළුවක්. අනික ඔයාට හිතුනෙ නැද්ද ඇයි රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආචාර්යය වරු පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉගැන්වීම නොකල යුතුයි කියල කොන්දේසියක් මේ කොන්දේසි වලට ඇතුලත් නොවුනේ කියල? අනික ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ දොස්තරලයි, විශ්ව විද්‍යාල ආචාර්යය වරුයි තමයි එයාලගේ ළමයින්ව පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්න ඉස්සර වෙලාම දුවගෙන යන්නෙත්. ඔයාල නිකන් එක එක්කෙනාට කඩේ ගිහිල්ල ඉගෙන ගන්න තියෙන වටිනා කාලය නැති කර ගන්නව විතරයි.

    ReplyDelete
    Replies
    1. 1. මේ කවියෙන් බුදු හාමුදුරුවන්ට අපහාසයක් කරන්න මම හිතුවේ නෑ. අනික මේකෙන් කොහොම බුදු හාමුදුරුවන්ට අපහාසයක් වෙනවද කියලා මම දන්නේ නෑ. අපේ අසරණ කම කියන්න කෙනෙක් නැති නිසා අන්තිමට බුදු හාමුදුරුවන්ට කියන්න විතරයි මට ඕන උනේ. ඒක හුදෙක් මේකේ මුල් කවියාට ඇතිවෙච්ච සිතුවිල්ල වගේම සිති විල්ලක් විතරයි.

      2. විශ්ව විද්‍යාල ප්‍රශ්නය විසදන්න පුලුවන් එකක්. ඒත් ඒක විසදලා නෑ. කැබිනට් පත්‍රිකාවේ අපි (ආචාර්ය වරු වගේම නිදහස් අද්‍යාපනේට ආදරය කරන අපි(තොපි වගේ උන් නෙවෙයි)) ඉල්ලන 6% මුදල වෙන් කරලා නෑ. ඒක ඇහුවම බයිලා කියවනවා. ඒක දෙන්න පුලුවන් එකක්. දෙන්නේ නෑ. ආචාර්ය වැටුප ගැන මම කතා කරන්නෑ. ඒක අපිට අදාල එකක් නෙවෙයි. ඒත් 6% තාම නෑ. රජය එකග උනාට වැඩක් නෑ. ඇයි ගැසට් එකක් හරි ඒ වගේ වෙන ලියවිල්ලක් හරි දෙන්නැත්තේ 6% ගැන.

      3.මොන කෙනාද කැනඩාවේ වැටුප මෙහේ ඉල්ලුවේ. ඔයා දන්නවද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වැටුප. ඒක හැමදාම වැඩිවෙනවා. ඒ අය දන්නෙත් නෑ. ඉතින් ඇයි ආචාර්ය වැටුප වැඩි කරන්න බැරි.

      Delete
    2. ඉවරයි කියලද හිතුවේ. නෑ ඉවර නෑ.
      4. රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආචාර්ය වරු පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉගැන්වීම නොකල යුතුයි කියන එක ආචාර්ය වරු කරන්න ඕන යෝජනාවක් නෙවෙයි. රජය කරන්න ඕන යෝජනාවක්. ඒකවත් තේරුම් ගන්න බැරිද? අනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැටියට අපි දැනටමත් රජයට ඒ යෝජනාව දීලා ඉවරයි. නොදන්න දේ ගැන කහින්න එපා.

      5. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ලමයි දාන එක නොදාන එක ඒ අයගේ වැඩක්. ඒක අපිට වලක්වන්න බෑ. ඒත් අපේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එරෙහි සටන හුදකලා නොකර ඒකත් එක්ක එකතු වෙලා ඉන්න දොස්තර වරුන්ටයි ආචාර්ය වරුන්ටයි අපේ ප්‍රනාමය හිමිවෙන්න ඕන. තොපි වගේ රජයට කැහැ කැහැ ඉන්නේ නැතිව එක වචනයකින් හරි ඒ අය අපිත් එක්ක ඉන්නවනේ. ඒක අපිට හයියක්.

      6.ඔවු මේක කඩේ යාමක් තමයි. හැබැයි එක එක්කෙනාට නෙවෙයි මම මෙතෙන්ට ගෙනාපු නිදහස් අද්‍යාපනේට. අනික ඒකට කඩේ යාම කාලේ නාස්ති කිරීමක් කියලා මම හිතන්නේ නෑ. උබල වගේ කන්න දීපු අත හපා කන කාලකන්නි එහෙම හිතුවට. අනික මේ වර්ජන තිබුනයි කියලා නෑ. අපි ඉගන ගන්නවා. අපේ PROJECT කරනවා. එකම දේ අපිට අවුට් වෙන්න කාලේ යනවා. අනික රටට සේවය කරන්න පුලුවන් ශක්තිමත් තරුන කොල්ලො ටිකක් වයසට යනවා. මේ ප්‍රශ්න වලට විසදුම් දුන්න නම් ඒ ඔක්කොම හරි

      7. මේ කවියෙන් මම අපේ අසරන කම විතරයි කියලා තියෙන්නේ. උඩ පිලිතුරු 6න් කලේ ඔයාගේ COMMENT එකට පිලිතුරු දීපු එක. ඒත් අන්තිමට කියන්න තියෙන්නේ ඔයාගේ COMMENT එකයි මේ කවියයි අතර කිසිම සම්බන්දයක් නෑ. මේ කවියෙන් ඔයා COMMENT කරලා තියන කිසිම දෙයක් ගැන කියලා නෑ. ආයි හොදට කියවලා බලන්න. එහෙම එකක් කියලා තියනම් කියන්න මම පිළිතුරු දෙන්නම්.

      Delete
    3. ඵල රිප්ලයි ඵක් මචන්.SBලා ඵකසියගානට පිස්සු කෙලිනවා කියලා ඈස් පනාපිට දෑකදෑකත් මුන් මෙහෙම කඩේ යන්නේ නිකන් වෙන්න බෑ.ශුවර් ඵකටම SBමාමාගේ කටුකන උන් වෙන්න ඔන.ඔලෙවල් ඵ් ලෙවල් කෑම්පස් විතරඛ බන් පහේ ශිශ්‍යත්වෙත් මුන් කෑවනේ.ඈමති ගො බානයි උන්ගේ කුක්කො ටිකයි වගේ කාබාසිනියො ටිකක් අවුරුදු2500 ඉතිහාසෙටම ඉන්න නෑතුව ඈති.

      Delete
  4. මේ හලෝ අපිත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ තමයි හැබැයි උබල වගේ කාලකන්ණි කවිකොල කාරයෝ නෙවෙයි. බූරුවෙක් ගිය උඩ ඈ...

    ReplyDelete
  5. thanks මචාන් comment එකට. උබලා වගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කියා ගන්නා උන් තමයි අපිට ඕන මේ ආශ්චර්යට යන ගමන සාර්තක කර ගන්න. අනික එකක් කියන්න ඕන මමත් උබ වගේම විශ්ව විද්‍යාල ශිෂ්‍යෑයෙක් මිසක් කාල කන්නි උඩ ගිය බූරුවෙක් නෙවෙයි. උබට අන්නැතෙන්දි වැරදිලා. උබල වගේ උන්ට බලන්න මේ වගේ එකක් ලියන එක තරම් කාලකන්නි වැඩක් මම කලේ නෑ. අන්න එතෙන්දී උබ හරි.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP