Loading...
10 October 2012

ආයි මොන්ටිසෝරි යමුද?


මේ කතාව මුලින් ලියන්න හැදුවේ මට හමු ඌ ගුරුවරු කියලා. ඒත් මොන්ටිසෝරියේ ගුරුවරු ගැන ලියන්න ගිහින් වැඩේ දික් උනා. ඒ පාර නම වෙනස් කලා.

එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි ආදරේට ඒ දෙන්නට කිවුවේ ලොකු මිස් පොඩි මිස් කියලා. මොකද එක්කෙනෙක් උසයි අනිත් කෙනා මිටියි. (දැන්නම් ළමයි කියන්නේ ලොකු ටීච පොඩි ටීච කියලා). මේ දෙන්නා තමයි මගේ පෙරපාසල් ගුරුවරු දෙන්නා. මම මොන්ටිසෝරි ගියේ ගෙදර ඉදලා හුගාක් දුර තැනකට. කොටින්ම කිවුවොත් මොන්ටිසෝරියෙදි මොකක් හරි උනොත් මම කෙලින්ම දුවලා එන්නේ ගෙදර. ඒ තරමටම දුරයි. මොන්ටිසෝරියේ තිබිච්ච පොඩි රෝද 3 ට්‍රයිසිකලේ පිටිපස්සේ තව කවුරුහරි දාගෙන මොන්ටිසෝරියට එන තවත් යාලුවෙක් පස්සේ තියාගෙන මොන්ටිසෝරියට එන බොරලු කන්ද උඩහා ඉදලා පල්ලමට ඇවිත් නතර වෙන්නේ අපේ ගේ ඉස්සරහා. ආයි ට්‍රයිසිකලේ තල්ලු කරගෙන කන්ද නගින අපි ආපහු පල්ලම් බහිනවා. තාමත් තියන යකඩ ගේට්ටුව ඒ වෙලාවට ඇරලයි තියන්නේ.

දැන් ඉන්න ළමයිට ඒ වාසනාව නෑ. ඒ වහල තියන අපේ ගේට්ටුව නිසා නෙවෙයි. ඒ කාලේ නිදහස දැන් ලමයිට දෙන්නේ නැති නිසා. ඒ කාලේ ලමයි ගොඩාක් ආවේ පයින්. නැත්තන් තාත්තලත් එක්ක බයිසිකලෙන්. දැන් ලමයි එන්නේ ත්‍රීවිල් වලින්. ඉතින් ලමයි ඔය එන ත්‍රීවිල් වලට අහුවෙයි කියලා කම්බි වැටවල් ගහලා මොන්ටිසෝරිය වට කරලයි තියෙන්නේ. උන්චිල්ලා කැරකෙන පුටු තිබුනට ඒ අය හරියට හිරකාරයෝ වගේ. දුකත් හිතෙනවා. ඒ කාලේ අපි ඇගපත් සූරගත්තා. ලේ එනකම් ට්‍රයිසිකල් වලින් වැටුනා. සමහරු ගෙදර යන්නේ කොහේ හරි හූරගෙන. ඒත් අම්මලා මොකුත් කිවුවේ නෑ. පොඩි කාලේ හූරගන්නැතිව ලොකු වෙලා හූර ගන්නද කියලා කියනවා. ඒත් දැන් අම්මලාට ටීචර්ලා බයයි. ලමයි හදන්නේ මල් වගේ. දූවිලි පොදක් වදින්න දෙන්නෑ.

ඒ කාලේ අපිට උන්චිල්ලා කැරකෙන පුටු තිබුනේ නෑ. පොඩි සෙල්ලම් බඩු වගයකුයි මම අර කියපු ටයිසිකල් ටිකයි තමයි තිබුනේ. ඒත් ඕන තරම් වැලි පස් තිබුනා. ඒවයින් අපි බන්කර් හැදුවා. ඒ මොන්ටිසෝරියෙන තිබුන ලොකු දෙල් ගහක මුල් අස්සේ. ඔය දෙල් ගහේ මුල අපි ලිස්සන බෝට්ටුවක් විදියටත් පාවිච්චි කලා. ඒ කාලේ අපේ සයිස් එකේ හැටියට ඒක ලොකු මුලක්.

ඔය මොන්ටිසෝරි කල්ලියේ හිටියා අපි එකම පවුලේ තුන්දෙනෙක්. තුන්දෙනාම මල්ලිලා. අයියලා කවුරුවත් නෑ. පස්සේ 1 වසරට යද්ඩී තුන්දෙනා පන්ති 3කට වැටුනා. දැන් වෙනකොට දෙන්නෙක් හමුදාවේ මම තාමත් කැම්පස්. අපේ පවුලේ කවුරුත් අඩුම තරමේ අවුරුදු 2ක් වත් මොන්ටිසෝරි ගියා. මොකද ඒක ඒ තරම් දුරයි නේ.

කොහොමින් කොහොම හරි අපි ලොකු වෙනකොට සංවර්දනය මොන්ටිසෝරියටත් එන්න පටන් ගත්තා. බොරලු පාරට තාර වැටුනා.මොන්ටිසෝරිය වටේ කම්බි දැල් ඇදුනා. අපේ දෙල් ගස් 2 අනතුරුදායකයි කියලා කපලා දැම්මා. රටවල් අල්ලන්න පාවිච්චි කරපු පොල් ගහත් කපලා දැම්මා. මුලු මොන්ටිසෝරි වත්තටම හෙවන ගෙනාවේ ඔය දෙල් ගස් 2. ඒ කාලේ තිබුන 1 ගොඩනර්ගිල්ල 2ක් උනා. ඒ කාලේ සෙල්ලම් කරපු ඉඩ 1/2 ක් උනා. ඒ කාලේ තිබුල අරලිය ගහ විතරක් තාම තියනවා. ඒ වටේ තිබුන අපි හැමදාම මල් කඩපු වතුසුද්ද ගස් ටික කාස්ටකේටම මැරිලා ගියා. අපි අපිටම ගහන්න කියලා කෝටු කඩාගෙන ආපු මොන්ටිසෝරිය පිටිපස්සේ අන්දර වැට දැන් තාප්පයක් වෙලා. ලොකු මිසුත් ලොකු ටීචර් විදියට විශ්‍රාම ගියා. අපිට තාමත් පොඩි මිස් පොශ් නව පරපුරට පොඩි ටීචර් තාමත් අපිට උගන්නපු සින්දු කවි පොඩි උන්ට උගන්නවා.

19 comments. :

  1. Replies
    1. දැන් ලමයිට නම් :(

      Delete
  2. පොඩි එවුන්ට අපිට වගේ දුවල පැනල නටන්න නිදහසක් නෑ තමයි මචන් දැන්. මේක කියෙව්වම මටත් අපි පොඩිකාලේ ගම හැම තැනම දුවල පැනල සෙල්ලම් කරපු හැටි මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද? කාලේ හැටි තමා

      Delete
  3. මට මොන්ටිසෝරි කාලේ කරපු කිසිදෙයක් මතක නෑනේ.. අපරාදේ..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න බෑනේ

      Delete
  4. ආයෙ අයෙ අයෙ යන්න බැ අයෙ අයෙ අයෙ එන්නෙ නැ...

    ReplyDelete
    Replies
    1. පුන්චි මගේ අතීතයේ මන් තනි වෙනවා...

      Delete
  5. හෙහ්... :)

    පට්ට නේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. කාලය මැව් වෙනසක අරුමේ

    ReplyDelete
    Replies
    1. යාලුවො අද නැත වෙන අය එහි ඇත..

      Delete
  7. පුංචි කලේ අපිත් එහෙම්ය්............ නියමය්...........

    ReplyDelete
  8. හරි මු මට හමුවූ ගුරුවරු ගැන හදන්න ගිහින්නේ හදල නැත්තේ...හිටු මම ඒක හදල දානවා කියල මම මට කියා ගත්තා...කොහේ ද මටත් මලයට උන දේම උනා....අන්තිමට මම මේ ආයිත් මේ පොස්ට් එක කියවනවා

    ReplyDelete
  9. අඩේ මට දෙන්න මගේ පුංචි කාලේ..

    ReplyDelete

Your comment is the most important item for me...

පටුන (සියළුම ලිපි)

අපිත් එක්ක එකතු වෙමු

 
TOP