<>
නොහිම් ලෝකය වෙත නැවතත් ඔබ සාදරයෙන් පිළිගනිමු.මීට පෙර ඔබ නොහිම් ලෝකය වෙත පැමිනීයේSun, Mar 30, 2025 07:10:14 AM ඔබගේ මීලග පැමිනීමත් අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
15 December 2014

ශ්‍රී ලංකාව තුල ඊ-වානිජ්‍යය වේගයෙන් ව්‍යාප්ත වෙයි


අවසාන අවුරුදු කීපයදී ඊ-වානිජ්‍යය ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ව්‍යාප්ත උනා. අතීතය ගැන ආපසු හැරී බැලුවොත් නිවසේ සිටම රෙදි පිළි, පොත් පත්, විද්‍යුත් උපකරණ වගේ ඒවා මිලදී ගන්න පුළුවන් වෙයි කියලා කව්රුවත් විශ්වාස නොකළ බව ඔබට මතක් වෙනවා ඇත.

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම මෙතරම් දියුණු උනේ අන්තරජාලය වේගයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ නිසයි. මිනිසුන්ට සන්නිවේදන කටයුතු ඉතා හොදට සහ වේගවත්ව කරන්න ඕනේ උන නිසා නොයෙක් නොයෙක් දේවල් සදහා අන්තර්ජාලය භාවිතා කරන අය වැඩි උනා.

අතීතයේදී එක ස්ථානයක් සිටින පුද්ගලයෙක් තවත් තැනක සිටින පුද්ගලයෙක්ට email එකක් යවන්න අන්තර්ජාලය භාවිතා කරා වගේ වර්තමානයේදී එක ස්ථානයක් සිටින පුද්ගලයෙක් තවත් තැනක සිටින පුද්ගලයෙක්ට භාණ්ඩ හා සේවා යැවීමට මග පෙන්වීම අන්තර්ජාලය හරහා සිදු වෙනවා. මේ නිසා ව්‍යාපාර හිමිකරුවන් තමන්ගේ ව්‍යාපාර ඔන්ලයින් ව්‍යාපාර බවට පත් කරන්න පටන් ගත්තා. අන්තර්ජාලය කියන්නේ නොමිලේම ලැබෙන හොද වේදිකාවක් ඔහුන්ට. මිලියන ගණනක් මිනිසුන් වෙත අන්තර්ජාලය හරහා ඔහුන්ට පහසුවෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන්.

ඊ-වානිජ්‍යය තුල ඇති  විවිධාකාර වාසි හේතුවෙන් පාරිභෝගිකයිනනුත් ඊ-වානිජ්‍යය වැලද ගත්තා. පළමු හා ප්‍රධානම  වාසිය එය පහසු වන බවයි. ගෙදර සිටම  අන්තර්ජාලය හරහා  බ්රව්ස් කිරීම මගින්  සහ ඔබ කැමති භාණ්ඩ තෝරා පහසුවෙන්ම මිලදී ගත හැක. ඊට වඩා භාණ්ඩ තෝරා ගැනීමට පහසු මාර්ගයක් නැත. මෙම  සමස්ත ක්‍රියාවලියම වඩාත් පහසුවෙන් හා වේගවත්ව කරන්න පුළුවන්. ඒ උසස් තත්ත්වයේ ඡායාරූප සමග විස්තරාත්මක විස්තරක් සෑම විටම පාහේ නිෂ්පාදන ලැයිස්තුව සමග ඇති නිසා ය.
මෙම  ඡායාරූප  සහ විස්තරය නිසා ඔබට නිෂ්පාදනයේ සැබෑ බවක් දැනෙනු ඇත. සමහර විට  යම්කිසි භාණ්ඩයක් භාවිතා කිරීමේ අනිත් පාරිබෝගිකයන් ලැබූ අත්දැකීම්ද ඔබට වෙබ් අඩවිය හරහාම ලබා දෙයි. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට  නොයෙකුත් වට්ටම් සහ අලෙවි වාසිද ලබා දෙනවා. ඒ විතරක් නෙවේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම නිසා ඔබේ ගමනාගමනය වැනි දේ සදහා ඔබට මහන්සියක් වගේම වියදමක්ද දැරිය යුතු නොවේ.

ශ්‍රී ලංකාව තුළ ඉදිරියට ඊ-වානිජ්‍යය දියුණු වන බවට ප්‍රධාන සාධකයක් නම් විදේශ ආයෝජකයින් ඊ-වානිජ්‍යය තුලට ක්‍රමක් ක්‍රමයෙන් එකතු වීමයි. ශ්‍රී  ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල අන්තර්ජාලය භාවිතා කරන පිරිසද වේගයෙන් වැඩි වෙනබව ඉතා පැහැදිලිය. විදේශීය ආයෝජකයන් ඉලක්ක කරන්නේ ඔහුන්වය. Rocket Internet යනු ශ්‍රී ලංකාවේ ඊ-වානිජ්‍යය වෙනුවෙන් සැලකිය යුතු මුදලක් ආයෝජනය කර ඇති විශාල ව්‍යාපාරයයකි.

Kaymu.lk, Carmudi.lk සහ Lamudi.lk කියන්නේ ශ්‍රී ලංකාවේ සාප්පු සවාරි ගිහින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සම්පුර්ණයෙන්ම  වෙනස් කරපු ව්‍යාපාර කිහිපයක්. තවමත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමට මැලි කමක් දක්වනවා. නමුත්  භාණ්ඩය භාර ගන්න විට මුදල් දීමට හැකි නිසා එම බියත් නොමැතිව අන්තර්ජාලය හරහා භාණ්ඩ ගෙදරට ගෙන්වා ගැනීමට දැන් ශ්‍රී ලාංකිකයන්ටත් පුළුවන්. ඊ-වානිජ්‍යය තවමත් ශ්‍රී ලංකාවට අලුත් උනත් එය ඉතාමත් වේගයෙන් පැතිරීගෙන යනවා.

Visit Us: www.kaymu.lk


Published by : Nimrah Shahid

2 comments. :

  1. අද වෙන්ටෑ අපි මේ පැත්තට අාවේ............................... බ්ලොගය නම් නියමයි............. නැවත හමුවෙමු.........

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP