Loading...
12 December 2014

Google සිංහල පරිවර්තනය ක්‍රියාත්මකයි.


මෙතෙක් කල් අපි පුල පුලා බලා සිටි Google සිංහල Translate වැඩසටහන ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව අපිට ඕනැම English වාක්‍යක් චේදයක්, ලියුමක් සිංහලටත් සිංහල වාක්‍යක් චේදයක්, ලියුමක් English වලටත් පරිවර්තනය කරන්න පුලුවන්. මේක ගොඩාක් ලාංකික සිංහල ජනතාව ස්වේච්චාවෙන් ඉදිරිපත්වෙලා දක්වපු සහයෝගයක ප්‍රතිපලයක්. ඇත්තටම අපි මේකට සහයෝගය දක්වපු අයට ස්තූතිවන්ත වෙන්න ඕන. සමහරවිට ඔයත් එයින් එක්කෙනෙක් වෙන්න පුලුවන්.

වැඩිය කතා ඕන නෑ. ගිහින්ම බලන්නකෝ. ඔන්න Link එක

https://translate.google.lk/#en/si/

තාමත් ඔයාට මේකට දායක වෙන්න පුලුවන්. ඔයා දාපු සිංහල යමක් හරියට English වලට පරිවර්තනය වෙලා නැත්තම් English එකක් සිංහල වලට පරිවර්තනය වෙලා නැත්තම් හරි එතන තියන Improve this translate click කරලා ඒක හරියට type කරන්න.


ඒක අනාගතේ මේක පවිච්චි කරන අයට ගොඩාක් වැදගත් වේවි. ඒක ඔයාටත් ලොකු ආත්ම තෘප්තියක් වේවි.

යාලුවන්ටත් මේ ගැන කියලා ඒ අයගේ සහයෝගෙත් ගන්න.

ඔන්න පහල තියනවා මම ඒ වගේ කරපු වැඩක්






3 comments. :

  1. that is a great achievement. Thank you for sharing with everyone.

    ReplyDelete
  2. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවයක් සම්බන්ධ පුවතක් මීට පාදක විය.
    Sex is an area of taboo where the decision making power is largely centralized around the domineering male gender, with women limited
    to their consent and little other choice in the matter

    එහි පරිවර්ථනය


    ලිංගික බලය කරමින් එම තීරණය බොහෝ දුරට සම්බන්ධයෙන් ඔවුන්ගේ කැමැත්තෙන් හා කුඩා අනෙකුත් තේරීම සීමා කාන්තාවන් සමග, යටහත්කම පිරිමි ස්ත්රී පුරුෂ භාවය වටා කේන්ද්ර එහිදී තහංචියක් ක ප්රදේශයක්

    බලන්න අර්ථය විකෘති වී ඇති සැටි.එහි නියම අර්ථය
    තීරණැ ගනීමේ බලය පාලක පුරුෂ ලිංගිකත්වය මත තීරණැය වී ඇති සහ ස්ත්‍රියගේ කැමැත්ත සීමාකරනු ලැබ තෝරාගැනීම් ඉතා සුළුවෙන් ඇති පසුබිමක ලිංගිකත්වය තහනම් මාතෘකාවකි

    See distorted the meaning of meaning සැටි.එහි

    Been critical of the ruling power of the male sex, the rivers and the woman decided to limit the choices will have very little background prohibited sexual topics

    එය ආපසු ගූගල් දමූ විට මෙසේ පරිවර්තනය වේ.

    මේ ශ්‍රේෂ්ඨ ව්‍යායාමය සුළුකොට එම මාවතේ පුංචි වලවල් පෙන්වා දීමේ පහත් උත්සාහයක් නොවේ.මා අසන්නේ මේ සුළු දුබලකම් මඟහරවාගන්නේ කෙසේද කියායි

    ReplyDelete
    Replies
    1. මේක 100%ක්ම හරියටම වැඩ කරන්නේ නෑ. මම උඩ කියලා තියන විදිය්ට ඒක වැරදුනාම අපිට පුලුවන්නම් ඒක හදන්න. එතකොට කාලයක් යනකොට සාමාන්ය මට්ටමේ නිවැරදි උත්තරයක් ඒවි.

      Delete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP