Loading...
21 April 2017

වස්සානේ හීනේ, ඉරාජ්, සමන්ත බද්‍ර හිමි, සයිට්න්, අබ්දුල් රාසික්, චතුර හා සමහන්

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන ඉරාජ්ගේ සින්දුව වස්සානේ හීනේ. ඊයේ ඉරාජ් දාලා තියනවා පැය 3ක් ඇතුලත වැඩියෙන්ම බලපු ලංකාවේ එකම වීඩීයෝ එක කියලා. ඇත්ත මොකද ඊයේ fb එකේ උඩ ඉදලා පලේහාටම තිබුනේ ඔය විශුවල් එක ගැන කතානේ. ඩේටා තියන ඕනම එකෙක් ඕක බලනවා සිකුරුයි. මොකක්ද මේ මෙච්චර කතාවෙන සින්දුව කියලා බලන්න. හැබැයි ඕක මාකට් කරන්න ඉරාජ් විශුවල් එකට ගොඩාක් දේවල් එකතු කරලා තිබුනා. ඉරාජ් සාර්තක උනා කීවොත් හරි. Fb එක ඇවිස්සුනා. යමක් ප්‍රසිද්ද කරන්න ක්‍රම 2ක් තියනවා එකක් හොදින් අනික නරකින්. ඔය දෙකෙන්ම ලැබෙන්නේ ප්‍රසිධිය. ඒ අතින් ඉරාජ් සාර්තකයි. මොකක් හරි පත්තු වෙයිනේ කියලා පොයින්ට් කිපයක්ම දැම්මා

ඕකේ මුලින්ම පත්තු වුනේ සමන්ත්‍ර බද්‍ර හිමි හා ඔහුට දමා තිබූ ‍රැස් වලල්ල. කට්ටිය හිටු කියලා පත්තු වෙලා fb පෝස්ට් දාන්න ගත්තා. Fb පේජ් කරන එවුන්ට නිවනක් තිබුනේ නෑ. අපේ උනුත් ඒවාට කමෙන්ට් දම දමා like දම දමා ඒවා උඩට ගෙනාවා. ඉරාජ් සාර්තක උනා

ඊලගට ප්‍රසිද්ද උනේ සයිට්න් කේස් එක. ඉන්න ඩොකා සයිට්න් එකෙක්. සයිටම් එකට විරුද්ද උන් හිටු කියලා වීඩියෝ එකට නොමිලේ පබ්ලිශ් එක දුන්නා. වීඩියෝව එක පාරක් බලපු එකා තව පාරක් බලන්න ගත්තා සයිට්න් ඩොකා හොයන්න.

අද ඉරාජ් අබ්දුල් රාසික්ව එලියට දැම්මා. මිනිහ තමා ඩොකා. ඉරාජ් මිනිහා ගැන කියපුවා බලන්න පුලුවන් මිනිහගෙ පේජ් එකෙන්. මුස්ලිම් සිංහල ගැටුමෙන් ප්‍රයෝජන ගන්න තමා ඉරාජ් වැඩේ කලේ. ඒත් පත්තු උනේ නෑ. ඉරාජ්ටම පත්තු කරන්න උනා. ඉරාජ් ඒක එලියට දැම්මෙත් සැගවුනු අමුත්තෙක් විදියට. ඒකා ඩොකා කියලා දැන ගත්තත් කට්ටිය ආපහු වීඩියෝව බලන්න ගත්තා නම හොයන්න.

තව දෙකක් තියනවා එකක් චතුර. ටික කාලයක් හැංගිලා හිටියට ඉරාජ් හිතුවා මිනිහගෙනුත් ගොඩ යන්න පුලුවන් වෙයි කියලා.

අනික ආශාවරී එකේ වගේ මේකෙත් සමහන් පැකට් එකක් තියනවා. ඊට වඩා කතා කරන්න පොයින්ට් ආපු නිසා අපේ උන් ඒවා කුනු කූඩෙට දම්මා. කොහොම හරි පොයින්ට් 5ක් දාලා දෙකකින් ඉරාජ් සාර්තක උනා

ටික කාලෙකට විතරක් වෙන්න පුලුවන්. ඒත් කට්ටියගේ කතා බහ අඩුවේගෙන යනකොට ඉරාජ් තව එකක් එලියට දානවා ඒ කාලෙට මාකට් කරන්න පුලුවන් පොයින්ට් ටිකක් එක්ක.

එහෙමයි ගොඩ යන්නේ. හරියට චතුර වගේ...

3 comments. :

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP