<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
11 September 2011

බුදු දහම සහ වර්තමාන කලහකාරී තාරුන්‍ය

         බුදු දහම යනු තාරුන්‍ය හා බද්ද වූ දහමක් ලෙස අර්ත දැක්වීම සිදු වූයේ අද ඊයේ නොවෙයි. ඈත අටීතයේ පටන් බුදු දහම හා තරුනයා අතර පැවතුනේ මනා සබදතාවයකි. නමුත් මෑත අතීතයේ  කියන කතාවක් නම් අතීත තරුනයා බුදු දමට ලැදි අවංක, කිහතමානී, නිකලැල්, කාරුනික චරිතයක් වන අතර වර්තමාන තරුනයා කලහකාරී, කිසිම දෙයක් නොඅසන, වැඩිහිටියන්ට ගරු නොකරන චරිතයකි. මෙම වදන වැඩිපුරම පිටවන්නේ වැඩිහිටියන්ගේ මුවිනි. යම් තරුනයෙක් කලහකාරී ලෙස හැසිරෙනු දුටුවොත් ඔවුන් කියන්නේ "අපේ කාලේ නම් මෙහෙම නෙවෙයි " කියාය.

        නමුත් සත්‍ය නම් තරුනයා තරුනයාමය. එය අටීතය වර්තමානය අනාගතය කියා වෙනසක් නැත. වෙනස ඇත්තේ අතීතයට වඩා දැන් දියුනුය. ඕනැම පනිවිඩයක් ක්ශනිකයෙන් මාද්‍ය හරහා ප්‍රචාරය වෙයි. එය හැමදාම සිදුවන දෙයක් බවට පත්වෙයි.
      අපි ආයි මාතෘකාවට එමු. ඇත්තටම අද තරුනයා බුදු දහම ප්‍රතික්ශේප කරනවද? මගේ මතය නම් නැත යන්නයි. වර්තමාන ප්‍රවේගකාරි මුදල් පසුපස හබා යන සමාජයක තනි වූ තරුනයාට පන්සලට යාම අතපසු විය හැක. නමුත් ඔහු පෝය දවසටවත් පන්සල කරා යනු ඇත.වෙනදා වෙන්ව යාමකදී බායි කියූ තරුනයා දැන් බුදු සරනයි කියන්නේ නිතැතින්මය. දුරකතනය ඔහේ විසන්දි කල තරුනයා අද බුදු සරනයි යනුවෙන් පවසන්නේ නිතැතින්මය. SMS එකක් type කලද එහි අගට BS යනුවෙන් ලිවීමට තරුනයා අමතක නොකරයි.
     මේ උදාහරන මගින් මම අද තරුනයා බුදු දහමට ලැදි පුද්ගලයකු ලෙස නොපවසමි. තරුනයා කවදත් ප්‍රවේගකාරීය. අද ඔහු තම ප්‍රවේගකාරී සිතට සහනය සොයයි. බුද්ද කාලයේ තාරුන්‍ය මෙන්ම අද තාරුන්‍යද සොයයි. නමුත් ඔවුන් තමන් සොයන්නේ කුමක් යැයි නොදනියි. එය කියාදීමට කෙනෙකුද නැත. සමහර වැඩිහිටියන් ඔවුනට බනිනවා මිස හරි මග නොපවසයි. මම හිතන විදියට තාරුන්‍ය අතරමං වී ඇත. අතරමං වූ තාරුන්‍ය තමා සොයන දේ මත්පැන් මත් ද්‍රව්‍ය හෝ වෙනත් ඩේවල් මගින් ලබා ගැනීමට තැත් කරයි. එවිට තාරුන්‍ය වැර්දි යයි පවසයි. හරි මග නොපවසයි.
    මම සිතන හැටියට වර්තමාන වැඩිහිටි පරම් පරාවට ඉස්සරට වැඩිය වැඩ කොටසක් අද තරුනයා වෙනුවෙන් කිරීමට ඇත. එය නම් නිවරදි මග ඔවුන්ගේ සිත නොතලා කියෑ දීමය. එය අමාරු වැඩකි. නමුත් සමහර වැඩිහිටියන් ඒ අමාරු වැඩේට අත ගසා ඇත. එය සාර්තක වී ඇත.

1 comments. :

  1. ආයුබෝවන් මටත් හිතෙන සිතෙන දැනෙන දේ බොහෝයි
    නමුත්
    ශ්‍රී ලංකාව තුළ තරුණ හඬ වෙනත් දිසාවකට යොමු වී ඇත

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP