Loading...
25 September 2011

පෞද්ගලික විශ්ව විද්යාල පිලිබදව මගේ මතය 2


මෙය මම මීට පෙර ලියන ලද පෞද්ගලික විශ්ව විද්යාල පිලිබදව මගේ මතය යන මාතෘකාව හා සබැදේ.
මෙම ලිපිය ලිවිමට මා පෙලබූයේ ඔබ විසින් කරන ලද ප්‍රතිචාර බවමා පලමුවකිව යුතුය. එහිදී එක් අයෙකු කියා ඇත්තේ මම එම ලිපිය කුහක කම හා නොහ්ජැකියාව මත පදනම්ව ලියා ඇති බවය. මම මීට පෙර ලිපියේ කිසි තැනක ලංකාවට පෞද්ගලික විශ්ව විද්යාල අනවශ්‍ය බව පවසා නැත. මම පවසා ඇත්තේ ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අදාල පහසුකම් ලබා දෙන තුරු ලංකාවට පෞද්ගලික විශ්ව විද්‍යාල අනවශ්‍ය බවයි. මෙහිදී මාගේ අරමුන ඌයේ දැනට අඩු පහසුකම් යාට්තේ උවද විශිශ්ට සාමාර්ත පෙන්වන විශ්ව විද්‍යාල සිසුනට අදාල පහසුකම් ලබා ගැනිමයි. එය යමෙකු වරදවා තේරුම් ගත්තේ නම් ඒ පිලිබදව මාගේ කනගාටුව ප්‍රකාශ කරමි. රාජ්‍ය විශ්ව විද්‍යාල ආචාර්ය වරුනට අදාල පහසුකම් ලබා නොදුනොත් ඔවුන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇදී යාම වැලක්විය නොහැක. දැනටද අඩු ආචාර්ය සංයුතියක් යටතෙ දුවන රාජ්‍ය විශ්ව විද්‍යාල වලට එවිට දෙයියන්ගෙම පිහිටය.
මට වඩා ලෝකය දැක ඇත්තන් ඕන තරම් සිතිය හැක. නමුත් ඔවුන්ගෙන් සමහරකු අදුරේ අතපත ගාන විශ්වවිද්‍යාල සිසුන් වීම කනගාටුවට කරුනකි.
මම රුහුනු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙක්මි.අපේ පීඨයද ඔය කියන ආචාර්ය ප්‍රශ්නයට ගොදුරුව පවතී. තවත් පීඨ කීපයක් මේ අතර පවතී.සමහර පීඨ වලට මෙම ප්‍රශ්නය නැත.
මෙහි දැක්වෙන අනෙක් කරුන නම් මානව හා බෞතික සම්පත් නොමැතිව අප සටන් කරන්නේ කෙසේද යන්නය. මෙම තර්කයට අනුව දැනට ලංකාවේ සිටින වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගුරුවරුසමහරක් හා කලමනාකරුවන් විශාල පිරිසක් ලාංකික විශ්ව විද්‍යාල පද්දතියෙන් බිහි නොවුනු අයයි. මන්ද ඔවුන් දක්වන දක්ශතා ලංකා විශ්ව විද්‍යාල වලින් බිහි වූවන්ට කල නොහැකිය.

රජයේ විශ්ව විද්‍යාල වලට යා ගන්නට නොහැකිවූ රටේ අනෙකුත් එවුන් ඔබ කියන පරිදි උසස් අධ්‍යාපනයක් නොලැබිය යුතුය. ඔබ කියන පරිදි වසරකට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා 21000 " බුද්ධිමතුන් " කිහිපදෙනා හැරැණු කොට අනෙක් මෝඩ රැල වටේ හිදගෙන මැජික් බැලිය යුතුය.

මෙවන් තර්කයක් මම මාගේ පෙර ලිපියෙහි කිසි සේත් සදහන් කර නොමැත. සියලුම ශ්‍රී ලාංකික සිසුන් උසස් අද්‍යාපනය ලැබිය යුතුය. ඒ කමකට නැති කිසි සුදුසු කමක් නැතිව ඔහේ පිහිටවන පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් නොව ප්‍රමිතියකින් යුතුව සාදා ප්‍රමිති සහතිකය ලැබුනු පසු සිසුන් ඇතුලත් කර ගන්නා විශ්ව විද්‍යාල වලිනි. පෞද්ගලික පාසල් හා රාජ්‍ය පාසල් අතර ඇති වෙනස මෙයයි. රාජ්‍ය පාසල් වල ප්‍රමිතියක් ඇත. නමුත් පෞද්ගලික පාසල් සමහරක් ඔහේ පිහිඅ වූ ඒවාය. මුදල් වලට යට වී මෙවනි පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිට වුවොත් රටේ අනාගත පුර වැසියන්ට අල්ලපු අත්තත් නැත පය ගහපු අත්තත් නැත.

මෙය තම ඉඩකඩම් උගස් කර එංගලන්තයේ අද්‍යාපනය ලැබීමට ගිය බොහෝ දෙනෙකුඅ වී ඇති සිද්දියකි. තෙවන වසර සිසුන් සිටින තවම සායනික අංශයක් නැති මාලබේ වෛද්‍ය පීඨයය ගැන තවම කතා පමනි. එය පිහිටවා ඇත්තේ මුදල් ගරා ගැනීමට පමනි. ලංකාව ඩැන් යන විදියට ඉදිරියට එන ඒවාද SURE නැත. අපේ අයට ප්‍රමිතිය ඕන නැත. මුදල් තිබු නානම් ඇතිය.

මගේ නම් අදහස මේවා රාජ්‍ය ප්‍රතිපත්ති මටහ හරි විදියට ස්ථාපිත කල යුතුයි

මගේ අදහසත් එයයි. නමුත් කවදා හරි ප්‍රතිපත්තියක් ඒවිද? හොරු රට කරවන රටේ මොන ප්‍රතිපත්තිද? ඒකයි මම කියන්නේ දැනට තියන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්දතිය පුලුල් කරලා හැමෝටම ඒවාට යන්න අවස්තාව සලසන්න ඕන කියලා. නැතුව ප්‍රමිතියකින් තොර විශ්ව විද්‍යාල පිහිටිවලා රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වංචා කරන එක නෙවෙයි කරන්න ඕන.

මම පලමු ලිපිය ලීවේ මෙම සියලු කරුනු ගැන සිතාය. ඒවා නිවරදි ආකාරයෙන් ඔබ වෙත යොමු නොවුනේ නම් මම සමාව අයදිමි. ඔබේ අදහස් මේ ලිපිය ගැනත් ලියන්න.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP