Loading...
01 September 2011

ඔහු 1


මේක මට අහන්න ලැබුන සත්ය කතාවක්. ඔහු දැන් වයස අවුරුදු 53ක් වන පුද්ගලයෙක්. උඩරට නැටුම් කලාවේ තවත් එක් පුරුකක් වන ඔහු වයස අවුරුදු 13ක කුඩා දියනියකගේ ආදරනීය පියෙක්. ගහේ කටු උල් කරන්න ඕන නෑ වගේම මෙම දියනියත් නැටුම් කලාව අතින් සමස්ත ලංකා කප් ගහපු කෙනෙක්. මොහුත් නැටුම් කලාවේ ඔහුට ලබා ගත හැකි උපරිම තත්වයට ලගා වී ඇති කෙනෙක්. ඕනෑම මුරන්ඩු හීලෑ අලියකු මට්ටු කිරීමේ ශාස්ත්‍රය මොහො හොදි දන්නා පුද්ගලයෙක්. කොටින්ම කිවුවොත් මොහු ශ්‍රි දා මාලිගාවේ පෙරහැරේ රංගන ශිල්පියෙක් මෙන්ම අලි ඇතුන් සමග ගමන් කරන ඇත් ගොවුවෙක්.

මොහුගේ වර්තමාන ජීවන ව්‍රෘතිය පිලිබදව ඔබ නොදන්නවා ඇත. ඔවු දැනට දිනකට රු 450ක් වු වැටුපකට MBBS (මේසන් බාස්ට බදාම සප්ලයි) ව්‍රෘතියෙහි නියලෙයි. තමන් උපයන එම සුලු මුදලෙන් මාසෙකට රු 1000ක් සිය දියනියගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරන මොහු තම බස් වියදම ලබා ගන්නේ පෙරහැරක මගුලක පිරිතක හෝ වෙනයම් උත්සවයක සිය දක්ශතා පිලිබිබු කරමින්. රාජකීය සම්මාන වලින් පිදුම් ලද කලා කරුවන්ට සිදු වී ඇති සෙත මෙය වෙයි.

ඔබ සිතනවා ඇති මොහු අද්‍යාපනයක් නොලද් පුද්ගලයෙක් කියලා. නෑ එය එසේ නොවෙයි. මොහුගේ ජීවිත කතාව තව ටික දිනකින් ඔබට කියවිය හැක. එවිට ඔබට සිතේවි මෙවන් පුද්ගලයොත් තාමත් ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරන ලංකාවේ සිටින බව.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP