<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
16 October 2011

එහෙනම් අර්ධ ශතකයකුත් ගැහුවා ඈ..........

අනං මනං බ්ලොග් එක පටන් අරන් අදට හරියටම දවස් 63යි. මේ දවස් 63ට මට පුලුවන් පුලුවන් වෙලාවට පුලුවන් පුලුවන් විදියට ලිපි පල කලා. ගොඩාක් ඒවා ටිකක් සැර උනා. කට්ටිය මට බැන්නත් එක්ක. සමහර ඒවා හොදයි කියලා comments ආවා. මට හිතෙන දේවල් හිතෙන හිතෙන විදියට බ්ලොග් එකක ලියන්න ඕන නිසයි මම අනං මනං පටන් ගත්තේ. කට්ටියට කියවලා මොකක් හරි දෙයක් ජීවිතේට ගන්න, එහෙමත් නැත්නම් බ්ලොග් එකට එකතු කරගන්න. එහෙමත් නැත්නම් මට වලක් දෙවක් නැතිව බනින්න මම හැමෝටම අවස්තාව දුන්නා. කට්ටියගෙන් හොද හොද ප්‍රතිචාර ලැබුනා. ප්‍රතිචාර කොහොමද කියනවනම් 55ක් වගේ විශාල ගානක් මේ ලිපි 50ට ලැබිලා තිබුනා.

මම එච්චර හොදට සිංහලෙන් ලියන්න දන්නේ නෑ. ඒ කියන්නේ කට්ටියට කියවන්න ආස හිතෙන විදියට. සිංහලෙන් තියා කඩ්ඩෙන්වත් බෑ.



මට ඒ ගැන සතුටුයි. මොකද මම මේක පටන් ගත්තේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් නෙවෙයි නේ. මට ඕන උනේ අපේ කට්ටියට මොකක් හරි කියවන්න ජීවිතයට යමක් දෙන්න. මේකත් අර සාම්ප්‍රදායක සිංහල බොග් වගේම එක එක දේවල්. ඕප දූප ලියන බ්ලොග් එකක් උනාද කියලත් හිතෙනවා.

ලිපි 50ක් පුරා මාත් එක්ක රැදී හිටපු ඔයාල හැමෝටම ස්තූතියි. 21ක් වගේ බහුතරයක් මාව follow කරපු එක ගැනත් සතුටුයි. පුලුවන්නම් ඔයාලත් මාව follow කරන්න. ඒක මටලොකු හයියක්. මම දන්නා සිංහල බ්ලොග් ගොඩාක් මම මගේ බ්ලොග් එකේ දාලා තියනවා. ඒකෙන් ලේසියෙන්ම අලුත් ලිපි බලාගන්නත් පුලුවන්. මම කියවන බ්ලොග් ගැන තමයි ඒ.

මගේ ලිපි 50 පිරෙන් කොට 49 වෙනි ලිපියෙන් මම තෑග්ගකුත් දුනා. බලන්න කොහොමද කියලා. මම මේ ලිපි 50 ලිවුවේ මගේ TRAINING කාලේ. තව සතියයි TRAINING තියෙන්නේ. කැම්පස් ගියාමනම් ලියන ලිපි ගාන අනිවා අඩු වෙනවා. මොකද වෙලාව ගැන ප්‍රශ්නයක් තියනවනේ. මේ කාලෙත් එහෙම තමයි ඒත් සෙනසුරාදා, ඉරිදා තමයි ගොඩක් ලිපි ලිවුවේ.

කොහොම හරි මම ලියපු ලිපි 50 තමයි පහල තියෙන්නේ. මග ඇරිච්ච එකක් තියනවනම් කියවලා බලන්න.

මේ වෙනකොට පිටු පෙරලපු ගාන 8500ක් විතර වෙලා. ලිපි 50. ප්‍රතිචාර 55ක් විතර කාන්ඩ 11ක්


ලිපි


7 comments. :

  1. අර්ධ ශතකයට මගේ සුබ පැතුම් !!!
    දිගටම බ්ලොග් කරණයේ රැදී ඉන්න ලැබේවා කියලා පතනවා !!!

    ReplyDelete
  2. මම නම අදමද කොහෙද මේ පැත්තේ ආවේ..ඒ උනත් කමක් නැහැ..හාෆ් සෙන්චරියට සුභ පැතුම්..දිගටම බ්ලොග් ලියන්න පුළුවන් වේවා :)

    ReplyDelete
  3. අර්ධ ශතකයට මගේ සුබ පැතුම් !!!

    ReplyDelete
  4. අර්ධ ශතකයට සුබ පැතුම් !

    ReplyDelete
  5. 50 මදි...!!! දිගු ඉනිමක් ක්‍රීඩා කරමු... ! ජයවේවා !!!

    ReplyDelete
  6. සුභපැතුම්. ඔහොම යං ඔහොම යං.

    ReplyDelete
  7. එවපු සුබපැතුම්වලට කාටත් ස්තූත්යි. ජීවත්වෙලා හිටියොත් දිගටම ලියන්නවා. ඒත් මේ අස්තිර ලෝකයේ ජීවිතේ කියන්නේ තවත් අස්තිර දෙයක් විතරයි නේ.

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP