ජීවිතය
කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ලාබ අලාබ යස අයස නින්දා ප්‍රශන්සා සැප දුක කියන අටලෝ දහම
තුල කරනම් ගසමින් ගෙවෙන මේ ජීවිතයේදී සමහර වෙලාවට ජීවත්වෙන්නේ මොකටද කියලා හිතෙනවා.
තවත් සමහර වෙලාවට ජීවත් වීම කොච්චර සැපක්ද කියලත් හිතෙන වෙලාවල් තියනවා. බුදුහාමුදුරුවෝ
කිවුවට අටලෝ දහමින් කම්පා වෙන්න එපයි කියලා එහෙම නොකර ඉන්නේ කොහොමද කියන එකයි තියන
ලොකුම ප්‍රශ්නය. හැම දෙයක්ම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්න පුලුවන්. ඒත් යමක් නරකට
වෙනකොට එහෙම හිතන එකත් මහම මහ මෝඩකමක් කියලා හිතෙනවා. ජීවිතේ යමෙක් එක්කෙනෙකුට එක විදියකටයි
තවත් කෙනෙකුට තව විදියකටයි සලකන කොට ඒක දරා ගන්න තරම් හිත හයිය කෙනෙකුට ජීවිතය ජයගන්න
පුලුවන්ලු. ඒත් සාමාන්‍ය මිනිසා ඒක දරා ගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. පොඩ්ඩක් හිතන්න
ජීවිතයේ යමෙක් ඔයාට වඩා ඔයා ඉදිරියේම තව කෙනෙකුට හොදින් සලකනකොට මොකක්ද ඔයාට හිතෙන්නේ.
අන්න ඒ වගේ සිතිවිල්ලකින් තමයි අම මේ ලිපිය ලියන්නේ. මේකේ නිදාන කතාව ඔයාලට ඕන නෑනේ.
සමහර වෙලාවට
සමහරු අපිට සලකනේ අපි මොකුත් නොදන්න අය කියලා හිතාගෙන. ඒ අය තමයි සේරම දන්නේ. අපි ඒ
අය කියන දේ කරන්න ඕන කියන මතයෙන් කතාකරන අය ඉන්නවා නේ. ඒ වගේ කෙනෙක් ඔයා පහත් කරලා
ඔයාගෙන් වැඩක් ගන්න හැදුවොත් ඔයාට එන මානසිකත්වය මොන වගේ එකක්ද? මේක මට කෙනෙක් කියපු
අදහසක්. මටත් මේ ගැන අත්ඩැකීම් නැතුවාම නෙවෙයි. මතක තියාගන්න අනුන්ගෙ මතයටත් ගරු කරන්න.
යමෙක් යමක් කියන කොට ඒක අහලා හරිනම් පිලිගන්න එක නේද හොදම දේ.
ජීවිතයේ
දරාගන්න බැරි අවස්තා කොච්චර එනවද. ලෝකෙටම ඇහෙන්න හයියෙන අඩලා කියන්න තරම් සිද්දි කොච්චර
නම් මුන ගැහෙනවද. ඒ අතින් පිරිමි අපි හරිම අවාසනාවන්තයි. ගෑනු අය කොච්චර කොතෙන්දි ඇඩුවත්
වගේ වගක් නැතිව ඉන්න මිනිස්සු පිරිමි කෙනෙක් අඩනවා දැක්කොත් නෝන්ජලයට වගේ ඒ දිහා බලනවා
නේද? මිනිස්සු මොනව හිතුවත් මොකද මට ඕන ඩේනේ මම කරන්නෙ කියන්න පුලුවන්. ඒත් ඒක කවදාවත්
වෙන්නේ නැති බව යටි හිත අයෙත් කියනවා නේද?
ජීවිතය
එපාවෙන අවස්තා කොච්චරනම් ඇත්ද? අපි කරන්න හදන දෙයක් කවුරු හරු වැලැක්කුවොත් මොන වගේ
සිතිවිල්ලක්ද ජීවිතයට එන්නේ. යමෙක් අපිව පහත් කරලා කතා කලොත් මොන වගේ සිතිවිල්ලක්ද
හිතට එන්නේ. කට්ටිය ඉස්සරහා යමෙක් අපිව පාච්චල් කලොත් එන සිතිවිල්ල මොන වගේද. කතාවටනම්
කියන්නේ එතකොට පොලව පලාගෙන යන්න හිතෙනවා කියලා. අනිත් අය කරන දේ අපිට කරන්න නොදුන්නව
හිතට එන තරහා, පොඩ්ඩක් හිතලා බලන්න. කියන්නෙනම් මේවා පාලනය කරගනා කියලා. ඒත් කොහොමද?
ජීවිතේ ඔහොම තමයි, කරුමෙ තමයි කියලා නිකන් ඉන්න පුලුවන්. ඒත්………………..
පොඩ්ඩක්
හිතලා බලන්න ඔයාගෙ අතීතයට එබිල බලලා…. ඔයා කී දෙනෙකු පාච්චල් කරලා කතා කරලා තියනවද?,
ඔයා කී දෙනෙකුට නිකරුනේ බැනලා තියනවද?, ඔයා කී දෙනෙකුගෙ හිත රිද්හ්ඩලා තියනවද?, (මේක
ලියන මාත් එහෙම තමයි.) ඒත් මම ඒකට කැමති නෑ. ඒක නිසා මම යමක් කියන්න කලින් පොඩ්ඩක්
හිතලා බලනවා. මේක යමෙක් මට කිවුවොත් මට එන සිතිවිල්ල මොකක්ද කියලා. ඒක නිසා ගොඩක් අය
කියන්නේ මම නිහඩ චරිතයක් කියලා. ඔවු ඉතින් ඔය නිකන් දීලා තියන කට ඕන එකටයි එපා එකටයි
දෙකටම වනලා කට ඉල්ලන් කනවට වඩා කට පියන් ඉන්න එක හොදයි නේද?
මේ මට හිතිච්ච
දේවල් විතරයි. සමාජයත් එක්ක ගනුදෙනු කරන කොට මට මුහුන පාන්න වෙච්ච අත්දැකීම් ගොඩක්
එක්ක තමයි මම මේක ලිවුවේ. මට හිතාගන්න බැරි ඇයි මිනිස්සු හිතන්නැත්තේ තමන් එක්ක ඉන්න
අනිකා තමන් වගේම මනුස්සයෙක් කියලා. මොලේ තමන්ට තරම් නැතිව ඇති, තමන්ට තරම් අත්ඩැකීම්
නැතිව ඇති. තමන් වගේ සමාජ ශීලී නැතිව ඇති ඒත් ඒ තවත් එක් මිනිසෙක් නේද?
:-o මන් 10000 ගැහැව්වට මගේ එකට වඩා ඔයාගේ බ්ලොග් එක සුපිරි යාළුවා..නියමයි ගන්න දේවල් ගොඩක් තියෙනවා,මන් බුක් මාර්ක් එකක් දාගත්තා නිවාඩු වෙළාවක එන්නම් ලිපි ටික සේරම කියවන්න,හොදට කරන් පලයන් මචෝ දිගටම
ReplyDeleteඅදයි මේ පැත්තෙ ආවෙ. හිතට දැනෙන පෝස්ට් එකක්.. ගොඩක් වටිනවා.
ReplyDelete@හංසි
ReplyDeleteගොඩාක් ස්තූතියි comment එකට