Loading...
29 October 2011

කැම්පස් එකේ ගතකල පලමු සතියෙන් පසු


TRAINING වලින් පස්සේ කැම්පස් ගිහින් ගෙදර ආවේ ඊයේ. ඊයේ කිවුවට මේක ලිවුවෙනම් සිකුරාදා. ෆෝන් එකේ CREDIT ඉවර වෙලා නිසා පල කරන්න වුනේ සෙනසුරාදා. ආයි ඉතින් කගවේනම තමයි කිසිම නැවතිල්ලක් නෑ. සදුදා උදේ 8.30 ඉදලම උගන්වනවා. මාර FUN. /wahaha Practical වගයක් ලියන්න ඉතුරු වෙලා. ඒවා අහුවෙච්ච වෙලාවලට lab එකට ගිහින් ලියනවා. තව practical එකක් කලත් එක්ක. ඒක enter කරන්න එහෙමමයි. ඒත් ඉතින් site එක පැත්තෙත් යන්න එපයි. ඒක නිසා සිකුරාදා ටිකක් වේලාසනින් ආවා. ගෙදර එනකොට නම් රෑ වෙලා. හවස් වෙනකම් site එකට වෙලා හිටියා.


කැම්පස් එක තිබුන විදියමයි. වෙනසකට තියෙන්නේ ඉස්සර final years ලට දීපු ඇතුලේ hostel අලුතින් ආපු first years ලට දීලා. මොකද තාම කට්ටියගේ English cause එකනේ. SB ලොක්කා අයට English උගන්නලා එවුවට අපේ අයට ඒක මදි. ඒක නිසා තව උගන්වනවා. කොහොමත් lecturers ලගේ strike එක නිසා අපිට ටිකක් පරක්කු වෙලා තිබුනේ. මේ දවස්වල ටික හිටු කියලා අදිනවා. අලුත් semester එක පටන්ගන්න කොට කොහොමත් ජනවාරි වෙනවලු.

මට කියන්න බැරි උනා. තව වෙනස් කමක් වෙලා තියනවා. කැම්පස් එක පුරාම පාරවල් දෙපැත්තෙ light හයි කරලා. /wahaha වෙනදා study room එකේ රෑට පාඩම් කරලා යන්න වෙන්නේ කරුවලේ. දැන් ප්රශ්නෙත් ඉවරයි. කෑ ගහලා ගහලා තමයි මේ ටිකත් ගත්තේ. කොහෙද ඉතින් සල්ලි නෑනේ. තවත් වෙනස්කමක් වෙලා තියනවා. ඒක තමයි වෙනදා hostel වලට හිටියේ එක security කෙනයි. සමහර Hostel පිට ගෙවල්. ඒකයි සිකුරිටලා දාලා තියෙන්නේ. දැන් වැඩි ආරක්ෂාවටද කොහෙද දෙන්නා දෙන්නා දාලා. එක්කෙනෙක් කැම්පස් එකෙන් අනිකා ගෝටාබයගෙ කෙනෙක්ලු. අනේ ඉතින් මම නම් දන්නෑ. ගමේ මිනිස්සු තමයි කියන්නේ. අපිට Hostel දෙන්නේ නම් නෑ. මොකද සල්ලි නෑ. හැබයි ඉතින් සිකුරුටිලා දෙන්න දෙන්නට ගෙවන්න සල්ලි නම් ඕන තරම්. /blur

කැන්ටිමත් වෙන කෙනෙක් කරන්නේ. ඒත් ඉතින් පරන තාලෙම තමයි. කන්න තමයි බැරි. ගාන නම් වැඩි කරලා. මොනව කරන්නද? ලබා උපන් හැටි කියලා කනවා. පිටින් කෑවොත් නම් විකිනෙනවා. එත් හිටපු ගමන් වෙනසකටත් එක්ක පිටින් කනවා. හැමදාම එකම තැනින් කන්න අමාරුයි. කොහෙත් ඉතින් ගෙදර හදන පරිප්පුවයි සම්බෝලෙයි වගේ නෑ. එක ඩවසක් බෝඩිමේ කට්ටිය සල්ලි දාලා බඩු ගෙනල්ලා බෝඩිමේ ඇන්ටිට කියලා උයවගෙන කෑවා. වැඩිය නෑ බතුයි, පරිප්පුයි සම්බලුයි. කාලෙකට පස්සේ එදා තමයි හරියට බඩ පිරෙන්න කෑවේ.

ඔහොම තමයි ඉතින් කැම්පස් ජීවිතේ ගෙවෙන්නේ. Report මහ ගොඩක් ලියලා submit කරන්න තියනවා. ඒවත් ඉතින් කරගෙන ඉන්නවා. /bye

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP