Loading...
11 October 2011

Photoshop වලින් animation GIF File එකක් හදමු. Photoshop දැන ගන්න ඔන නෑ.

/hihi මොකක්ද මේ කියන gif file එක. මේකෙ තියන පින්තූර චලනය වෙනවා. අපි දන්න විදියට මේ වගේ file හදන්න පුලුවන් flash වලින් නේ. ඒත් ඔයාල දන්නවද photoshop වලිනුත් මේ වගේ file හදන්න පුලුවන් කියලා. ඕයාලගේ බ්ලොග් එකට ඕන පින්තූර සෙලවෙන file හදාගන්න මේකෙන් පුලුවන්. ඒත් මේවා සාමාන්ය පින්තූර බලන PICASA වගේ දේවල් වලින් ඩැලුවට චලනය වෙන්නෑ. ඒකට මේව්වා ඔයාලගේ WEB BROWSER එකට ඇදලා ගෙනත් දැම්මොත් නම් චලනය වෙනවා. /omg

හරි හරි වැඩි කතා ඕන නෑ. මමමේකෙ පෙන්නලා තියන විදියේ එකක් හදා ගන්නේ කොහොමද බලමු.මෙතෙන්දි වැදගත් වෙන්නේ නිර්මානාත්මක අදහස් තමයි .මම මෙතන කියන්නේ මූලික THEORY එක විතරයි. නිර්මානාත්මක අදහස් දමලා මේක වැඩි දියුනු කරගන්න එක ඔයාලට බාරයි. ඒකට ඉතින් PHOTOSHOP ගැන පොඩි දැනුමකුත් තියෙන්න එපාය. ඒත් මේක කරන්න නම් ඕන නෑ. /no


හරි මුලින්ම PHOTOSHOP INSTALL කරලා RUN කර ගන්නකෝ. Install නොකර පාවිච්චි කරන්න පුලුවන් virtual  photoshop හිටන් තියනවා. එයින් එකක් බා ගන්න පුලුවන් නම් මරු. කොහොම හරි photoshop run කර හත්තා කියමුකෝ.
දැන් ඉතින් ඕකේ තියන window >> animation වලට යන්න.
එතකොට පහලින් animation (frams) කියන bar එක ඒවි.


දැන් ඉතින් file >> new ගිහින් අදාල දිග පලල දීලා අලුත් පිටුවක් ලබා ගන්නකෝ
ඊට පස්සේ ඔයාලගේ animation එකට අදාල සේරම පින්තූර මේකේ ඇදගන්න. වම් අත පැත්තේ අඩින්න ඕන දේවල් සේරම තියනවා. හරිනේ /hmm


ඊට පස්සේ මේකේ 1. විදියට පෙන්නලා තියන තැන තියන ඇස් වලින් ඔයාට පලවෙනි frame එකේ පෙනෙන්න ඔන ඒවා ඉතිරි කරලා අනිත් ඒවයි ඇස් වලට click කරන්නනැතකොට අනිත් ඒවා නොපෙනී යාවි. මම මෙතන ඉල්ලක්ලකම් ටික නොපෙනෙන විදියට ඇස් ටික නැති කලා.
ඊට පස්සේ මේකේ 2. තියන තැන තියන button එක ඔබලා අලුත් frame එකක් ගන්න.


දැන් මට ඕන frame එකෙන් frame එකට යන කොට ඉලක්කම් එකින් එක පේන විදියට හදා ගන්න. ඒකට තියෙන්නේ අලුතින් frama 5ක් අරගෙන (2. Button එක පස් පාරක් click කරන්න) එක එක frame එක උඩ click කරලා ඒකෙ පේන්න ඕන ඉලක්කම් වලට අදාල ඇස් මතු කරන එකයි. මෙතෙන්ට එනකම් හරිනේ. දැන් පොඩි intervalඑකක් ගන්නත් එක්ක. පහල තියන play button එක click කරලා බලාගෙන ඉන්නකෝ කොහොමද වැඩ කරන්නේ කියල්ලා.


ඩැන් තියෙන්නේ අර පංචාස්‍රෙ පල්ලෙහාට එන විදියට හද එකයි .
මේක කරන්න මුලුන්ම ෆ්අලුත් FRAME එකක් අරගෙන පංචාස්‍රේ ඒකෙ පල්ලෙහාටම ඇදලා දාන්න. දැන් play කලොත් පංචාස්‍රෙ එක පාරටම පල්ලෙහාට එනවා. එහෙම බෑනේ.frame 5,6 කින්වත් පල්ලෙහාට හෙමිහිට එනවා වගේ පෙන්නන්න එපාය. ඒක පරන වගේම එක එක frame අරගෙන එක එකේ පංචාස්‍රෙ එක එක පිහිටුම් වල තියන්න පුලුවන්. ඒත් ඒක මොන වදයක්ද? ඒක නිසා ලේසිම ක්‍රමය තමයි .ඔය කියන animation (frame ) panel එකේ කොනේම තියන button එක click කරලා tween… වලට යන්න.


 එතන ඕන frame ගනන දීලා (මම් දුන්නෙ 5 කියලා) ok කරන්න.


දැන් හරි ඒක පල්ලෙහාට යනෝ වගේ පෙඑනවනේ (දුබුරු පාට කොටුව බලන්න). දැන් තියෙන්නේ අනිත් පංචාස්‍රෙ මකලා ර්වුම මතු කරන එකයි. මුලින්ම දැනට තියන frame එකේ ඔඅවුමට දාල ඇහැ නැති කරන්න. දැන් රවුම පේන්නෑනේ. අලුත් FRAMEඑකක් අරන් රවුමේ ඇහැ මතු කරලා පංචාස්‍රෙ ඇහැ නැති කරන්න. දැන් පරන විදියටම tween… ගිහින් අදාල frame ගාන දීලා ok කරන්න



හරි දැන් ඉතින් ගොඩ. සේරම වැඩ කරනවා. හා අමතක වුනානෙ වෙලාව දෙන්න. Shift එක ඔබාගෙන සේරම frame ටික ඕනම frame එකක යට තියන ත්‍රිකෝන කෑල්ල ඔබලා ඒ frame එක වැඩ කරන්න ඔන කාලය දෙන්න.


දැන් තියෙන්නේ save කරන එක ඒකට file>> save for web and devises දීලා එන තැනින් GIF තෝරලා save කරන්න.



 ඩැන් ඉතින් අදාල file එක ඔයාගෙ web browser එකට ඇදලා දාලා බලන්න වැඩ කරන විදිය.sure and shot වැඩ කරනවා එල කිරි සහ පැනි කජු වගේ.  



/bye

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP