Loading...
23 October 2011

Training ඉවරායි. දැන් නැවතත් කගවේනා system එක වෙත.


මාස 3ක් පුරා ද්ග හැරුනු මගේ training ජීවිතය සතුට කදුල මෙන්ම සැප දුක අතර දෝලනය වූ ජීවිතයට හොදම අත්දැකීමක් වූ කාල පරාසයකි. අගෝස්තු පලවෙනිදා ආරම්බ වීමට තිබුනද SEC එකේ head office එකේ යන එන මං නැතිව දින 3 ක් බංකුවකුඩ කාපු කට්ට මතක් වෙනකොට training එකේ අවුව මොකක්ද කියා සිතේ. මන්ද අවුව පීඩා කරන්නේ ගතටයි, නමුත් දවස් 3 පීඩා කලේ හිතටයි. දන්න කියන බල්ලෙක්වත් නැති කොළඹ තනි උනාම සිතෙන සිතිවිල්ල මොනවගේද කියලා දැනුනේ දවස් 3 තමයි.

කොහොමින් කොහොම හරි මාතරට training එක හදාගෙන ගෙදර එනකොට තිබුනු සැප ආයි ජීවිතේ කවදාවත් නොවිදින්න ඇති. Training එකේ පලමු දවසේ site එකේ මොනවා වෙනවද දන්නේ නැතිව TL එකකුත් අරගෙන අවුවේ එහාට මෙහාට දුවනකොට දැනුනු සනීපය training ඉවර වෙනකන්ම හැමදාම විදින්න සිදුවීම ඇත්තටම ආතල් විමානකි. මේ අතර site එකේ ඉන්න බාස් කෙනෙක් මෙහෙම කියනකොට හිතෙන හිතිවිල්ල කොහොමද?

මහත්තයෝ මහත්තයලා ඉපදිලා ඉන්නේ විදින්න. අපි ඉපදිලා ඉන්නේ විදවන්න


නනමුත් site එකේ ඔවුනුත් අපිත් දෙගල්ලම විදව්මු. Site එක නම් එල කිරිය. ඕන දෙයක් ඕන වෙලාවක. නියම තැනකි. ආයි training තියනම් යන්නම හිතෙන site එකකි. පොඩි පොඩි හිත් අමනාපකම් නොවුනාම නෙවෙයි. ඒත් කට්ටිය ගොඩාක් සතුටින් සිටියෙමු. මුල් දවස්වල groun level එක නිසා ටිකක් අමාරු වුනි. TL ගහගෙන වලවල් වල බැහැගෙන peg ගහ ගහ point ලකුනු කර කර ඉදලා ගෙදර යනකොට ඇවිද ගන්න පන නැත. පහුපහු වෙනකොට නම් වැඩ අඩු වුනි.

Site එකේ හිටපු RA මහතාත්  (Eng. Jayathunga) CS (Dhanusha, NadhIsha) අක්කලා දෙන්නත් ෆෝමන් අයියාත් (සජීව) අනිත් trainees (කසුන් අයියා, ලහිරු, සසද, ඉශුලා අක්කා, අමල්, ඉමේශක, මෙර්වින්, හසිනි අක්කා, අනූපමා අක්කා, ලක්මාල්) ලත් දුන්නු ජීවිත අත්දැකීම, දැනුම අමතක කල නොහැක. ඇත්තටම සේරම මාර කට්ටක් කෑවෙමු. කොහොමින් කොහොම හරි මාස 3 ඉවර වෙනකොට slab 2ක් දා ගන්න පුලුවන් වුනා /wahaha

දැන් training ඉවරයි. Training ගැන ලියනවනම් ලියන්න පොතක් ලියන්න කරුනු තියනවා.  ආපහු නැවතත් කගවේනා system එකට යා යුතුය. Break first >> Lectures >> lunch >> practical >> dinner >> assignment , report, presentation >> පැය 2 පමන දිගු නින්ද >> wash >> breakfirst කගවේනා SYSTEM එකේ මූලික අංගයි. මෙය මතක් වෙනකොට site එකේ කාපු කට්ට මොකක් දැයි සිතේ.

1st semester >> 2nd semester >> මාස 3 නිවාඩුව >> 3rd semester >> 4th semester >> training >> 5th semester >> 6th semester >> training >> 7th semester >> 8th semester (final year projects) >> රස්සාවකුත් හොයා ගන්න ඕන. මේ කගවේනා system එකේ දිගුකාලීන අංගයන් වේ. ංවුරුදු 4 ටම අලුත් අවුරුදු පෝය ඉරිදා සෙනසුරාදා හැර නිවාඩු ඇත්තේ කලින් කියූ මාස 3 පමනි. තරම් මේක ආතල්ය. අපිට හොදයි. මීට වඩා ආතල් තැන්ද රටේ තිබේ. මේ system එකට අදාල තව ගොඩාක් දේවල් තිබේ.

මොනවද මේ ලියන්නේ. නෑ ඉතින් හිතට එන ඒවා ලිවුවා. සමහරු කියනවනේ අපි කැම්පස් එකේ ආතල් ගන්නවා කියලා. ඔය ගන්න ආතල් තමයි.


හා මට කියන්න අමතක වුනානේ. මම මේ bloලෙක හදන්න ගත්තෙත් training කාලෙ. දැනට මේ දවස් 70ත් 10,000 කට වැඩියෙන් පිටු පෙරලලා තියනවා. මම ලිපි 57ක් පල කරලා තියනවා අදහස් 80 ක් ලැබිලා තියනවා. 

පල්ලෙහා තියනවා අපි ගත්ත ෆොටෝ ටිකක්. සමහර ඒවා කැරකිලා ගනන් ගන්න එපා













0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP