<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
22 October 2011

මැක්කා සහ නරියා..


ඔන්න එකමත් එක කාලෙක එකමත් එක කැලේක නරියෙක් හිටියා. මේ නරියගේ ඇගේ මැක්කො වගයක් ජීවත් උනා. මේ මැක්කෝ නරියගේ ලේ බොනකොට නරියා කහන්න ගන්නවා. ඒ මදිවට ගගට බහිනවා. මේක මැක්කන්ට මාර කරදරයක් වෙලා තිබුනේ. ඉතින් මැක්කො දවසක් රැස්වෙලා කතාකලා මේ නරියට හොද පාඩමක් උගන්වන්න. එහෙම හිතපු මැක්කෝ ටික එක මැක්කෙක් යැවුවා කිබුලෙක් හම්බෙලා මේ නඩුව කියන්න. ඉතින් මැක්කා ගිහින් කිබුලට කිවුවා නරියා ගගට බහින තැනට වෙලා ඉදලා නරියා අල්ල ගන්න කියලා. කියලා නරියා ගගට බහින තැනත් කිවුවා. ඉතින් කිබුලත් නරියා එනකම් ඉදලා නරියා ගගට බහින කොටම අල්ලගෙන මරාගත්තා. මැක්කොත් නරියට හොදවැඩේ කිය කියා හිටියා. ඉතින් මේ නරියා මැරුනට පස්සේ කිබුලා ඌ කුනුවෙන්න තියලා ටික ටික තමයි කන්නේ. ඉතින් නරියගේ ඇගේ හිටපු මැක්කොත් දවසක් විතර නරියගේ මරනේ සැමරුවා.




ඊට පස්සේ මැක්කන්ට උන සිද්දිය මම කියන්න ඕන නෑ නේ.
සදාම් හුසේන්ගේ මරනේ සමරපු ඉරාකෙට උනෙත් ගඩාෆිගේ මරනෙ සමරන ලිබියාවට වෙන්නෙත් මොකද කියලා බලන් ඉන්න. එතකොට තේරෙයි මොකද වුනේ කියලා.

4 comments. :

  1. ඔය සෙල්ලම් බලං ඉන්න අපිට නම් ආතල් ..... උන්ට ගඩාෆි එපා නම් අපිට මොකෝ . ගඩාෆි යමක් කලා නම් ඒකත් උන්ට . ගඩාෆි මැරුවනම් උන්ගෙම උන්ව . දෙවෙනි කාරණය බලවත් වෙලා වෙන්න ඇති ගඩාෆියව අර තිරිසන් විදිහට මැරුවේ . ඒකාධිපතියෙක් මියගියාට මට නම් කණගාටුවක් නැ , ඒත් කැරලි කාරයන් ඒ කරපු විදිහ නම් අන්තම නින්දිතයි

    ප.ලි - ඔය කැරලි කාරයින්ගේ තිරිසන් ලක්ෂන වල්ට වග කියන්න ඔනිත් ගඩාෆි ලොක්කාම තමා , එයාගේ ඒකාධිපති 40 වසරක පාලනයේ ප්‍රතිඵල තමයි ඔය කොලු ගැටව්

    ReplyDelete
  2. විවිධ අය විවිධ විදියට අරුත් දෙති....

    ReplyDelete
  3. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !

    අපේ කොල්ලෝ ප්‍රබාකරන්ගේ මානව හිමිකම් කැඩුවේ මිනිහා කරේ තියන් ගිහින් නේ. ඒක නිසා අරුන් හිතනවා ඇති ඇදගෙන ගියාම මානව හිමිකම් රැකෙනවා කියලා.

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP