<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
30 October 2011

අපිට රෑ වෙනකොට නයින්ට උදේ වෙන අපේ නිවේදන කලාව..


මේකට කලාව කියලා දැම්මට කට්ටිය තරහ ගන්න කාරියක් නෑ. මේක කියවලා බලන්නකෝ. හොද නමක් තියනම් යෝජනා කරන්න. මේක උනේ දැනට සති කීපයකට කලින් එක්තරා රූපවාහිනී වැඩසටහනක. මේක අර හැන්දෑවේ 6 ට විතර ගොඩාක් චැනල් වල යන music වැඩසටහනක්. නිවේදකයකුයි, නිවේදිකාවකුයි රූපවාහිනී තිරයී සුපුරුදු ලෙස කෝලම් (උකුලු මුකුලු කරමින්) දක්වමින් සිටිනවානොය අතර ඕකට තමන්ගේ telephone බිල ගෙවාගෙන කතාකරලා ඔයාලා හොදට වැඩසටහන කරනවා කියලා සින්දුවකුත් ඉල්ලලා යන පිරිසකුත් රටේ ඉන්නවනේ. ඔය වැඩසටහන මට නිකමට වගේ බලන්න අහු උනා. වෙනදට වැඩිය පොඩි වෙනසක් තියන නිසා මාමත් ටිකක් වෙලා බලාගෙන හිටිය


මොකක්ද මේ වෙනස? නිවේදකයා පිබුරු පැටියෙක් බෙල්ල වටේ ඔතාගෙන වැඩ පෙන්නනවා. නිවේදිකාව බය වෙලා වගේ, නෑ වගේ පොඩි පොඩි ආතල් දෙනවා. සර්පයින් ගැන මෙලෝ හසරක් නොදන්න නිවේදකයගෙන් සර්පයෝ ගැන ප්‍රශ්න අහනවා. නිවේදකයත් බොරු ටිකක් ඇද බාලා ශේප් වෙනවා. බැරිම උනොත් සින්දුවකට යනවා.

කොහොමින් කොහොම හරි ඔය පිබුරු වැඩේ ඉවර වෙලා නිවේදිකාව ලග තිබුනු පෙට්ටියක් පෙන්නලා ඇහුවා මේකෙ මොකාද ඉන්නේ කියලා. ඒක ඇරලා බැලුවම නයෙක්. කිසිම ගානක් නැතිව නිදාගෙන ඉන්නවා. උඩට පේන්න එන්නේ නෑ. ඒ පාර නිවේදිකාව කියනවා

“හා පැටියෝ ඉතින් කොහොමද? මොකෝ මේ උඩට එන්නේ නැත්තේ? ඉතින් කොහොමද? ගුඩ් මොනිං (good morning)”

මෙහෙම දෙතුන් පාරක්ම කියනවා. නිවේද්කයත් පෙට්ටි පියන කරකවා කරකවා නයා උඩට ගන්න ෆූල් ගේම. පස්සේ සින්දුවකුත් පෙන්නුවා. මම හිතුවා සින්ඩුව අත්‍රෙවත් නිවේදිකාවට උන වැරැද්ද නිවරදි කරයි කියලා. නෑ තාමත් නිවේදිකාව නයාට good morning කියනවා. නයාට සිංහල, English තේරෙන්නැති නිසා හොදයි. තේරෙනවනම් අපේ රටේ වෙන මේවා දැකලා අධෝ මුකය වලදාගෙන තමයි මැරෙන්නේ.
ඒත් පස්සේ මම හිතුවා අපිට රෑ වෙනකොට නයින්ට උදේ වෙනව වත්ද කියලා. /wahaha

3 comments. :

  1. මේක ගියේ අර වාහිනියේ නම් පුදුම වෙන්න දෙයකුත් නැ යාලු

    ReplyDelete
  2. ආයිත් අහලා... වෙලාවට මට ඈන් ඕව බලන්න වෙලාවක් නෑ... :) :)

    ReplyDelete
  3. මමත් දැන් ටී වී බලන එක ගොඩාක් අඩු කරල තියන්නේ. උන්ම මොකක් හරි කියල උන්ම හිනා වෙනව. අර කිව්ව කරන්ට් බිල් ගෙවාගෙන ෆෝන් බිල් ගෙවාගෙන බලන් ඉන්න පිරිසකුත් ඉන්නවනේ. චැනල් කාරයා ඉතින් මාර්කට් කරන්න පුලුවන් හැම එකම මාර්කට් කරනව.

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP