<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
29 October 2011

අපේ කොල්ලෝ කෙල්ලෝ සහ barn buddy

මම හිතන්නේ face book යන ඔය කවුරුත් දන්න online game එකක් තමයි barn buddy කියන්නේ. මේවගේ තව ගොඩාක් game තියනවා. කට්ටිය තව අයට ඒවට එන්න කියලා request දානවා. දාලා අනිත් අයත් අමාරුවේ දානවා. පිස්සු නේ...........

ගෙදර මල්, මිරිස් පැලයක්වත් හිටවපු නැති අපේ මිනිස්සු face book එකේ වගා කරනවා. මොන තරම් විහිලුවක්ද? /wahaha තමන් ගේ credit වැඩි කරගෙන අනිත් අය අතරේ මුල් තැනට එන්න. ඇවිත් කට්ටියත් එක්ක කිය කියා උදම් අනන්න අපේ මිනිස්සුන්ට තියෙන්නේඩ් ලොකු පිස්සුවක්. /blue ඇත්තටම මේක ලොකුම ලොකු පිස්සුවක්. එහෙමත් නැත්නම් බොරුවක්. මේකට වියදම් කරන කාලේ ගෙදර එලෝලු පැලයක්, අඩුම තරමේ මල් පැලයක් හිටවන්න වියදම් කලා නම් කොච්චර හොදද? ඇයි අපේ මිනිස්සුන්ට ඒක game එකක් කරගන්න බැරි. මගේ පාත්තිය ම්මෙහෙමයි ඒකෙන් ගත්ත එලෝලු තමයි මේ, මම අලුත් එලෝලුවක් වගා කරනවා. කියලා කට්ටියත් එක්ක උදම් අනන්න බැරි ඇයි. ඒක පිස්සුවක් කරගන්න බැරි ඇයි. මඩ ගෑවෙන නිසාද?



සමහර අය වගා කරලා උදේ 3 ට විතර alarm එක තියලා අස්වනු නෙලනවා. මේ අය දන්නැද්ද මේකෙන් ඒ අයටවත් රටටවත් වැඩක් නැති බව. සමහරු සල්ලි වියදම් කරලා එක එක සත්තු සල්ලි වලට ගන්නවා. ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා.

මම දන්නේ නෑ ඔයාල මේ ගැන කොහොම හිතනවද කියලා. ඇත්තටම දැන දැනම මේවට ඇබ්බැහි වෙන එකයි මට තියන පුදුමේ. /bye

5 comments. :

  1. ඇයි අපේ ඇමති කෙනෙක් කිව්වේ රටේ කෘෂිකරුමාන්තයේ පිබිදීම කොයි තරම් ද කියනවනම් මදි පාඩුවට කොල්ලෝ කෙල්ලෝ ෆේස් බුක් එකෙත් වගා කොරනවැයි කියලා දැක්කේ නැතෙයි?

    ReplyDelete
  2. ඕව ඉතින් එක එක්කෙනාගෙ පුද්ගලික කැමති අකමැති කම් නේ ....

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මමත් ඕකට පිස්සු වැටිල හිටියා...ඒත් පස්සෙ තමයි තේරුනෙ මට......අපරාදෙ මගේ සල්ලි.......ආයිත් කවදාවත් දන්න කෙනෙකුට වත් ඕක කරන්න ඉඩදෙන්නෙ නෑ මම....හොඳ දෙයක් මේ ගැන කතා කරපු එක ගැන...

    ReplyDelete
  5. ලංකාවෙ උන් barn buddy වල world rank එකේ ඉන්නවාලු. ඉදලා උන්ට හම්බෙලා තියන ඉටිගෙඩියක් නෑ. ඒකයි යතාර්තය. සසිත් ඔබතුමා බ්ලොග් වලට comment කරන කොට පොඩ්ඩක් සදාචාර සම්පන්න උනොත් නරකද? කුනු හරුප තියන නිසා මම ඔයාගේ comment එක delete කලා. මොකද ඔබතුමාට අනුව මෙලෝ රහක් නැති මගේ බ්ලොග් එකේ ඒවා තියනවට මම කැමති නෑ.මම ගෙදර වගා කරනවා. ඒ අතර තමයි මේවත් ලියන්නේ.

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP