Loading...
10 July 2016

windows 7,8 හා 8.1 windows 10 වලට upgrade කරමු


හුග කාලෙකින් ආවේ මේ පැත්තේ. පොඩි සංක්‍රාන්ති සමයක් තිබුනා. ඒකයි එන්න බැරි උනේ. හරි කතාවට බහිමුකෝ.

අපි හැමෝම දන්නවා ල‍කාවේ ගොඩාක් අය ගාව තියෙන්නේ windows 7, 8 හොර crack කොපි කියලා. මොකද සල්ලි දීලා ඕවා ගන්න තරම් අපිට වත්කමක් නෑ. අළුතින් lap එකක් හරි PC එකක් හරි ගත්තොත් නම් original එක දාලා දෙනවා. ඒත් හදීසියෙවත් format කලොත් නම් ආයි original හොයලා හමාරයි. මොකෝ lap එකත් එක්ක original වින්ඩොව්ස් CD එක දෙනවයි කියලද. නෑනේ.

\මේ කියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. microsoft ලා windows 7 8 8.1 තියන අයට නොමිලේ windows 10 වලට upgrade කරන්න දීලා තියනවා. (හරි හරි දන්න අය ගොඩාක් ඉන්නවා. වැඩේ කලේ හුග කාලෙකට කලින් තමා. ඒත් තාම ගොඩාක් අය upgrade වෙලා නෑ හේතුව බය.) පහත ලින්කුවෙන් ගිහින් බලන්නකෝ වැඩේ. download කල්ලා online install කරන්න තමයි තියෙන්නේ. හැබැයි එතන කියලා තියනවා වින්ඩොව්ස් original ඕන කියලා.


ඒත් පොඩි risk එකක් අරන් install කලොත් හොර කොපි වලටත් හරි යනවා. වැරදුනොත් format කල්ලා windows 7 දාන එකනේ. CD තියනවනේ ලග.

වැඩේට 2.5GB විතර යනවා. nighttime pacage එකකින් තමා කරගන්න වෙන්නේ. මොකෝ daytime 2.5 GB කියන්නේ මාරෙට වටිනවනේ. මෙන්න ලින්කුව.

https://www.microsoft.com/en-us/software-download/windows10

ගිහින් බලලා comment දාන්නකෝ. මම නම් දා ගත්තා රෑ 12 ඉදලා ඇහැරගෙන.


කට්ටිය හිතනවා ඇති windows 10 අමාරු ඇති කියලා . 98 වලින් XP වලටයි XP වලින් 7 වලටයි 7 වලින් 8.1 වලටයි මරු උන අපිට 10 වලට පුරුදු වෙන එක කජ්ජක්ද?

1 comments. :

  1. මට නම් 10 හිතට ඇල්ලුවේ නැත. ෆ්‍රී අප්ග්‍රේඩ් දීපු දවස් වලමයි අප්ග්‍රේඩ් කර ගත්තේ. ඔටෝමටික් අප්ඩේට්ස් ඕෆ් කරන්න ක්‍රමයක් හොයා ගන්න බැරි වුනා. නෙට් කනෙක්ට් කලාම ඩේටා ටික ඉවර වෙනවා. ඉතින් ආයිත් 8.1 වලට පල්ලම් බැස්සා.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP