කඩේ යාම වනාහි හැම කෙනෙකුටම පොදු හැම කෙනෙකුටම පුරුදු කර්තව්යකි. ඕනෑම කෙනෙක් තම ජීවිතයේ එක වරක් හෝ කඩේ ගොස් ඇතිවාට සැක නැත. මෙම කඩේ යාමට අර්ත කීපයක් පවතී. මම මුලින් සදහන් කලේ ෆැශන් එකට shopping කරනවා යනුවෙන් කියන කඩේ යාමයි.
මීට අමතරව පවතින කඩේ යාම ලාංකික කාටත් අහල පුරුදු වැඩකි. යමෙකුගේ නැති ගුන වර්නනා කිරීම හෝ යමෙකු වෙනුවෙන් හිරිකිතයකින් තොරව වැඩිපුර පෙනී සිටීම මේ නමින් හදුන්වයි. සමහරු මෙයට දෙන්න යනවා යයි පවසන අවස්තාද පවතී. තමාගේ ජීවිතය ගැටගසා ගැනීමට මගක් නැති වූ විට සමහරු කඩේ යයි. තවත් සමහරු කඩේ යා යුතු නිසා කඩේ යයි. තවත් සමහරු යන්නන් වාලේ කඩේ යයි. ලාංකීය ඩේශපාලන ක්ෂේත්‍රයේ මෙම තත්වය වඩා පැහැදිලිව දැකගත හැක.
ඊට අමතරව මෙම තත්වය වැඩිපුරම දැකගත හැක්කේ සමහර මාද්‍ය තුලය. උදේ පටන් ගත් තැන පටන් තම විකාශය අවසන් වනතුරු කඩේ යන මාද්ය බොහො ඇත. ඒ සමහරක් කඩේ යන්නේ කඩේ යා යුතු නිසාය. මගේ යාලුවෙක් මට පැවසූ කරුනක් මේ මොහොතේ සිහියට නැගේ. “මචන් උදේ ඉදලා හවස් වන තුරු ----- බලන කැපුවත් කොල කියන UNP කාරයෙක් හවස බලනකොට SLFP කාරයෙක් වෙලා නොසිටියොත් ඒක ලෝක පුදුම 8 ට දමන්න වෙනවා”.
මෙම කඩේ යාමේ කෙලවරක් නැත මෙය නවත්වන්නට පුලුවන් දෙයකුත් නොවේ. අපට තිපෙන්නේ “බලා විමසීමට නොව බලා සැනසීම පමනි”. මන්ද ඔවුන් විමසීමට ඉඩක් තබා නොමැත.
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...