Loading...
24 September 2011

පෞද්ගලික විශ්ව විද්යාල පිලිබදව මගේ මතය


පලමුව කිව යුත්තේ මම විශ්ව විද්යාල ශිෂ්යකු වන බවයි. ලගදී සිට SB මහතාට හා උසස් අද්යාපනය කරන ඇත්තන්ට සෑදුනු පිස්සුව පිලිබදව මාගේ අදහස් දැක්වීම මෙම ලිපියේ ප්‍රධාන අරමුනයි. පෞද්ගලික විශ්ව විද්යාල ලංකාවතුල ඇති කිරීමට වලිකන මෙම ඇත්තන් ලංකාව තවම ඒ සදහා සුඩුස රටක් නොවන බව පසක් කරගෙන නැත්‍තේ රටේ අවාසනාවටය.
පෞද්ගලික විශ්ව විද්යාල ආරම්බ කිරීමට ප්‍රතම ඔවුන් ඒ සදහා තරගයක් දීමට රාජ්ය විශ්ව විද්යාල පද්දතිය සවිමත් කල යුතුය. මෙහිදී මා අදහස් කරන්නේ ඩැනුම පිලිබදව නොවෙයි. මානව හා බෞතික සම්පත් පිලිබදවයි. දැනුමෙන්නම් අපිට පෞද්ගලික විශ්ව විද්යාල nothing ය. ඔවුන් සමග දැනුමෙන් සටන් කිරීමට අප සූදානම්ය. නමුත් එම දැනුම ලබාදීමට අවශ්ය මානව හා බෞතික සම්පත් අප සතුව නොමැතිනම් අප කුමක් කරන්නද? ඒකයි මම කියන්නේ ලංකාව පෞද්ගලික විශ්ව විද්යාල වලට තවම සූදානම් නැති බව.
SB කියන පරිදි පෞද්ගලික විශ්ව විද්යාල වට දුප්පත් සිසුන් 20%ක් ඇතුලත් කරනවලු. පොලව පලන් යන මෙම පච වලට තවමත් අපේ දේශප්‍රේමී ජනතාව අහුවීම පුදුමයට කරුනක් නොවේ.ඔහු පවසන තවත් කරුනක් නම් මෙම විශ්ව විද්යාල වලින් ලැබෙන මුදල් රාජ්ය විශ්ව විද්යාල ගොඩ නැගීමට යොදවන බවයි. නමුත් මාලබේ පවතින පෞද්ගලික විශ්ව විද්යාලයෙන් ලැබුනු මුදල් වලට වූ දෙයක් නැත.
මොවුන් ගෙනෙනා තවත් තර්කයක් නම් පෞද්ගලික පාසල් ආරම්බ වූවාට රාජ්ය පාසල් වලට තවම කිසිදු හානියක් වී නැතිවා සේම පෞද්ගලික විශ්ව විද්යාල ඇති කිරීමෙන් රාජ්ය විශ්ව විද්යාල වලට කිසිදු හානියක් නොවන බවයි. මෙවනි බොලද තර්ක කොන්ඩෙ බැදපු චීන්නුන්ටනම් මරු ආතල්ය. පාසල් පද්දතිය හා විශ්ව විද්යාල පද්දතිය සමාන කල හැකිද?
අනෙක් තර්කයනම් දුප්පත් ලමයිට ඉගනීමට වරම් ලැබෙන බවයි. රු 75000000/= වියදම් කිරීමට සමත් දුප්පතුන් ලංකාවේ සිටීම අතිශය පුදුම සහගස්ත කරුනකි. මොවුන් දැන් රාජ්ය විශ්ව විද්යාල පද්දතියද විකිනීමට යයි. 5% විදෙස් සිසුන් ඇතුල් කර ගැනීමේ ව්යාපාරය මෙහි මූලික ආරම්බයයි.
සිතන්න ඔබට ඔබේ දරුවාට උසස් අද්යාපනය නැති කර ගන්නවාද? දේශප්‍රෙමී මිනිස්සු වගේ එහෙයි කියාගෙන ඔහේ ඉන්නවාද? නැත්නම් අපේ නිදහස් අද්යාපනය රැක ගන්නවාද?

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP