<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
23 September 2011

සමලිංගික සංස්කෘතිය (Gay Culture) හා ලංකාවේ සංස්කෘතිය.

ඇත්තම කියනවනම් ලංකාව යනු මනා සංස්කෘතිඅකින් හෙබි රටකි. නමුත් මෙම සංස්කෘතියට අකුල් හෙලීමට මාන බලමින් සිටින අති විශාල ඩේශීය හා විඩේශීය බලවේග රාශියක් රට පුරා විසිර පවතී. ඒ අතර නවතම අංගය නම් සමලිංගික සංස්කෘතිය ලාංකික සමාජයට ඇතුල් කිරීමට දරන වෑයමයි. මේ සදහා වඩාම කැපීපෙනෙන දායකත්වයක් දක්වන නපුංසකයන් දැනට කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මෙම සමලිංගිකත්වය පොරත්වයක් ලෙස පෙන්වමින් ලංකාවේ ලමා හා තරුන පෙල නොමග යැවීමේ කාර්යක නියැලෙමින් සිටියි

මේ පිලිබදව තොරතුරු දක්වන රිවිර ගවේශන කන්ඩායම පවසන්නේ ඒඩ්ස් වැලැක්වීමේ මුවාවෙන් එන මෙම කන්ඩායම ඒඩ්ස් වැලැක්වීම සදහා පිරිමින් අතර කොන්ඩම් හා යම් කිසි ලිස්සන සුලු තෙල් වර්ගයක් බෙදන බවයි. මෙම පිරිමින්ද විශේෂයෙන් තෝරා ගත් පිරිසකි. මොවුන් සම ලිංගික අසුරට පෙල බී සිටින හෝ සම ලිංගික ඇසුරට පොලබවන ලද අයයි.

රිවිර ගවේශනයට අනුව මොවුන් බොහොමයක් මෙයට ඇබ්බැහි කරන ලදුව එයින් ගැලවීමට නොහැකිව සිටින අයයි. මෙම සංවිදාන මෙම සමලිංගිකත්වය ප්‍රචාරය කිරීම සදහා පොලොබා ගන්නා බොහොමයක් පාසල් සිසුන් වීම මෙහි ඇති බයානකම තත්වගයි.

මෙහි ඇති විහිලු සහගතම කරුන නම් සමහර රාජ්‍ය ආයතනද මේ සදහා උදවු කිරීමයි. ඔවුන් පවසන්නේ ඒඩ්ස් වැඩිපුරම බෝ වන්නේ සමලිංගිකයන් අතර නිසා ඔවුන් එම අවදානමින් බේරා ගැනීමට කොන්ඩම් හා අදාල තෙල් වර්ගය බෙදන බවයි. නමුත් සමලිංගිකත්වය ලංකා නීතියෙන් පිටුදැකි තත්වයක් බව මොවුන්ට අවබෝද නොවන්නේ මොවුන් ඩොලර් නෝට්ටු වලට යට වී සිටින නිසා යැයිද ප්‍රශ්නයක් මතු වෙයි.

අනෙක් කරුන නම් මෙම සම ලිංගික ඇසුරට පෙලබී සිටින අය වෙනුවෙන් මනෝ විද්යාත්මක ප්‍රතිකාර නොකර කරනා මෙම නොහොබිනා කටයුත්තේ තේරුම කුමක්ද යන්නය. තව ටික කලක් යනවිට හෙරෝයින් වලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමට මෙම රාජ්ය හා රාජ්ය නොවන ආයත්න ගංජා ඔවුන් අතර බෙදා දුන්නද පුදුම විය යුතු නැත.

1 comments. :

  1. සමලින්ගිකත්වය කියන්නෙත් මිනිස්සුන්ගෙ හිතෙ ඇති වෙන හරිම අහින්සක ඒ වගේම ගොඩක් බලවත් අදරනීය හැගීමක් ගොඩක් අය ඔය වචනෙ ගැන අහපු ගමන් හිතට එන්නෙ ලින්ගික දෙවල් නමුත් ඔයාල දන්නවද මේ වචනෙ ඇතුලෙ කොච්චර ආදරයක් පිරිල තියෙනවද කියල
    සමහරු කියයි කොල්ලෙක් තවත් කොල්ලෙක්ට ආදරේ කරනව කියන්නෙ මොන පිස්සු කතාවක්ද කියල
    එක තමයි අපෙ හැගීම් වල විවිදත්වය සමලින්ගික නොවෙන අයෙකුට කවදාවත් මෙ දේ තෙරුම් ගන්න බැහැ

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP