<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
30 September 2011

මෙගා ටෙලි නාට්‍ය



දැන් ශ්‍රී ලංකාවට මෙගා ටෙලි නාට්‍ය අරුමයක් නොවේ. රාත්‍රී 7 සිට 10 වනතුරු නොකඩවා එකැක චැනල් වල විකාශය කරන මෙම ටෙලි නාට්‍ය දැන් තම ජීවිතයේ කොටසක් කරගත් ලාංකිකයන්ද බොහොමයකි.

"අනේ අරයට මොකක් වෙයිද මන්දා?" "මට ඊයේ ඒක බලන්න බැරි උනා නේ. මොකද උනේ?"

මෙවන් දෙබස් බොහොමයක් දැන් රටේ තොටේ නොඇසේ නම් එය පුදුමයට කරුනකි. සතියේ දින 5 ම පෙන්වන මෙම මෙගා නාට්‍ය වලට පොදු ගුනාංග කීපයකි. ඉන් සමහරක් නම්.............

මේවා ආරම්බ වන්නේ පිටපතක්වත් නැතිව හිටි අඩියේමය. මෙහි සිටින චරිත වලට කුමක් වේදැයි අධ්‍යක්ශක පවා නොදනී. කොටින්ම කිවහොත් පිටපත් රචක පවා නොදනී. රටේ පවතින තත්වය අනුව චරිත වලට සිදුවන දේ සිදු වේ.

මෙහි ඇති අනෙක් සිත්ගන්නා සුලුම දෙය නම් මෙම නාට්‍ය හිටි අඩියේම වේගවත් වී කාටවත් හිතාගන්න බැරි විදියට අවසන් වීමයි. මුල මැද සෙමෙන් අදිමින් ගමන් කරන නාට්‍ය හිටි අඩියේම අලුත් රුහුනු කුමාරියට වඩා වේගවත් වෙයි. ඊට පෙර ලගදීම බලාපොරොත්තු වන නාට්‍යක කොටස් පෙන්විමද සිදු කරයි.

මෙම බොහෝ නාට්‍ය පෙම්වතා පෙම්වතිය දුශ්ටයා විහිලු කරු හා පවුල් 2ක් 3ක් අතර දෝලනය වෙයි. එම පවුල් මුහුන දෙන ප්‍රශ්න තම පවුලේද ප්‍රශ්න විසදා ගැනීමට නොහැකි ලාංකික ගෘහනියන් හා අනෙක් සාමාජිකයන් වෙත හෙලන්නේ කිසිම හිරිකිතයකින් තොරවය. මේවා බලා රෑට නින්දට යන අය නින්දේදී පවා මේ ගැන සිතා සිත වියවුල් කරගන්නා අවස්තාද ඇත.

තීරනය ඔබ අතේ. බලන්න. නමුත් වැඩිය හිතට ගන්න එපා.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

අපිත් එක්ක එකතු වෙමු

 
TOP