ජීවත් වීමට බලාපොරොත්තුවක්.
ජීවිතය ජීවත් කරවන බලාපොරොත්තුවක්.
බලාපොරොත්තු වලින් පිරි ලෝකයට තවත් එක් බලාපොරොත්තුවක්.
ජීවිතයේ මංමුලාවී සොයමින් ඇවිදින්නන් හට බලාපොරොත්තුවක්.
සොයා වෙහෙසෙන හමු වූ විට අගයක් නැති බලාපොරොත්තුවක්.
ලබා ගැනීමට ඕනෑම දෙයක් කරන මිනිසුන් තනන බලාපොරොත්තුවක්.
මිනිසුන් හමුවන මිනිසුන් වෙන් කරන බලාපොරොත්තුවක්.
මිනිසුන් ජීවත් කරවන බලාපොරොත්තුවක්.
අහිමි වූ විට හඩා වැලපීමට හේතු වන බලාපොරොත්තුවක්.
නමුත්,
ඔබට ඔබගේ මවගෙන් පියාගෙන් හැර වෙන කිසිවකුගෙන් සදාකල් බලාපොරොත්තු විය නොහැකි එකම එක බලාපොරොත්තුව.
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.