මේක මට සිද්ද වෙච්ච කතාවක්. මේක කියවනකොට ඔයාලට හිතෙයි මම බොරු කියනවා කියලා. මොකද මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද කියලත් ඔයාලට හිතෙයි. ඒත් අද ලංකාවෙ වෙන දේවල් දිහා බැලුවම මේක කොච්චර සුලු දෙයක්ද කියලත් හිතෙයි. මේක උනේ මේ ලඟදි දවසක. අපේ නැන්දා කෙනෙකුකෙ ගෙදර අපි පොඩි දානයක් සූදානම් කලා. ඒ උනාට ඒ ගෙදර මාමා ඒකට මුල ඉදන්ම කැමත්තක් තිබුනේ නැ. නැන්දාගේ තනි කැමත්තට තමයි දානය සංවිදානය කලේ. කොහොම හරි දානය දවසත් ආවයි කියමුකෝ. එදා අපි දානය දවසෙ එහෙ යනකොට ගෙදර හරිම ජරමරයක්. අල්ලපු ගෙදර අය ගෙවල් දෙකට මැදින් තාප්පයක් හදන්න පටන් අරන්. ඒක නිසා ඒ ගෙදර කොහොමවත් දානයක් දෙන්න බෑ. මොකද බදාම ඇනීමේ ඉදලා සේරම කරන්නේ අපේ මාමලයි ගෙදර මිදුලේ. අල්ලපු ගෙදර ඒකට ඉඩ නැතිලු. නැන්දා කියන විදියට මේ තප්පෙ හදන්න පටන් අරන් තියෙන්නෙ හදීසියේමයි. “හදීසියේ” ගත්ත මේ තීරනය ගැන ඒ ගෙදර මාමා ගෙන් ඇහුවත් ඒ මාමා කියනවා තමන් ඒ ගැන හාන්කවින්සියක් වත් දන්නෙ නැතිලු. එයත් එහේ නැන්දාගෙන් මේ “හදීසි” තීරනයට හේතු අහනවා. “පවු ඒ මාමා මොකුත් නොදන්න තොත්ත බබා”. අපි නම් හිතන්නේ මේක දානය නවත්තන්න අපේ මාමයි අල්ලපු ගෙදර අයයි කරපු කුමන්ත්‍රනයක්. අපේ මාමාත් එදා FULL HAPPY එකෙ හිටියේ. කොහොම හරි අන්තිමට අපි තීරනය කලා දානය ලග තියන අපේ බාප්පා කෙනෙකුගේ ගෙදර හදලා පන්සලට ගෙනිහින් පිලිගන්වන්න.
0 comments. :
Post a Comment
Your comment is the most important item for me...