උන්ට අමතක වෙලා
උන් මේ ගහන්නේ
උන්ට අකුරක් හරි කියාදීපු
උන් මේ තත්වෙට හරි ගෙනාපු
උන්ට ජීවය දුන්නු
නිදහස් අධ්‍යාපනය
උන්ගේ මතු පරපුර වෙනුවෙන්
රැක ගන්න
කෑ ගහන
මොර දෙන
කොල්ලන්ට කියලා
කෙල්ලන්ට කියලා
උන්ට අමතක වෙලා
ගෑස් වලට නෙවෙයි
වෙඩි උන්ඩයටවත්
නවත්තන්න බැරි බව
අපේ කොල්ලො ටික
අපේ කෙල්ලො ටික
මන්ද…
උන්
ශ්‍රී ලංකා මවගේ
උදාර පුත්තු නිසා
උදාර දුවලා නිසා
නොනැවතී ඉදිරියටම යන..
නිදහස් අධ්‍යාපනය දිනේවා...
ඔකොන්ටම වඩා උන්ට අමතක වෙලා උන් ගහන්න ඉගෙන ගන්නකන් ඉගෙන ගත්තෙත් නිදහස් අධ්‍යාපනෙන් කියල.....?
ReplyDeleteමං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
ඒ කතාව ඇත්ත සුදෝ
Deletekalakanni! echcharai kiyanne tiyenne bn wena oya gana kiyanna giyoth methana ida madi wei liyanna.
ReplyDeleteපොලීසියත් මෙතනදි අසරණවෙලාද මන්දා, ඇත්තටම උන් ඔය කරන්නෙ උන්ට ඕනදේ නෙමෙයි, ඕක නොකලොත් උන්ටත් කෙලවෙනවා නේද
ReplyDeleteow ban. eka atta.
Deleteඒත් කියන්න දුකයි ලැජ්ජයි මේ අසාදාරනයට එරෙහිව නැගී සිටිනවා වෙනුවට තමන්ගේ ලමයි ලංකාවේ කැම්පස් වලට නම් දානේ නෑ කියන බ්ලොග් කරුවොත් අපි අතර ඉන්නවයි කියන්න. කැම්පස් එවුන් බෙදිලා ඉන්න කම් මේක නවත්තන්න බෑ කියලා උන්ට තේරෙන්නේ නැති එක රටේ අවාසනාව.
ReplyDeleteඅන්න හරි සම්පූර්ණ ඇත්ත කතාව.
Deleteඕක තැන තැන කියන්නේ නැතුව එක තැනක වරද නිවැරදි කරලා ගියානම් ඉවරයි නේද සහෝ? :)
Delete@ මනෝජ්
මෙහෙ හොදයි තව. මං දැක්ක කැනඩාවේ ශිෂ්‍යෙයෝ ටිකකට ගහනවා පොලිසියෙන්..
ReplyDelete