<>
නොහිම් ලෝකය වෙත ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. මෙය ඔබ නොහිම් ලෝකය වෙත පැමිනි මුල්ම අවස්ථාවයි. ඕබගේ මීලග පැමිනීමද අප සාදරයෙන් බලාපොරොත්තු වෙමු.
10 August 2012

කඩුලු පනින්න ගිහින් නම බේරා ගත් කොල්ලෙක්

කඩුලු පැනීම

මේකත් අපේ batch එකේ කොල්ලෙකුට උන සිද්දියක්. ඊයේ කට්ටියත් එක්ක පොඩි කයියක් ගගහා ඉද්දී තමයි මේක එලියට ආවේ. මූ කියන්නෙ නම් මිනිහා තමයි මුලු university එකේම කඩුලු පනින්න inter university නියෝජනය කරන එකම කෙනා කියලා. අනේ ඉතින් අපි නම් දන්නේ නෑ. කොහොමින් කොහොම හරි දැන් ටික කාලෙකට කලින් මිනිහා ගියා interuniversity match එකකට කඩුලු පැනීමේ ඉසවුව නියෝඕජනය කරන්න කොළඹ. මිනිහා ඒ කාලේ කොන්ඩේ වවලා තිබුනේ. ඒක නිසා මිනිහා රබර් බෑන්ඩ් එකකුත් අරන් ඔය කොන්ඩෙට දාගෙන හොදවයින් බූට් 2 කුත් දාගෙන එයාගේ ඉසවුව එනකම් "full රැගිල්ල". එහාට මෙහාට දුවනවා උඩ පනිනවා කෑ ගහනවා. හරියට මිනිහා ඔලිම්පික් රන් පදක්කම ගත්තා වගේ රගන්නේ. කට්ටියත් ඉතින් බලන් ඉන්නවා. මිනිහා ගැන දන්න අපේ උන්ටනම් ඉතින් පුකෙනුත් එක්ක හිනා. කොහොම හරි මිනිහගෙ event එකත් ආවා. මිනිහත් ගිහින් තරගෙට සූදානම් උනා. වෙඩිල්ල පත්තු උනා විතරයි කට්ටිය හිටු කියලා දුවනවා. පේ එකත් අත අරින්නේ නෑ. ඒත් ටික දුරක් පැනගෙන යනකොට මිනිහට තේරුනා එන පොට හොද නෑ. රගපු රැගිල්ලට අන්තිමය වෙන්නත් බෑ. මිනිහා එක පාරටම කරේ කඩුල්ලක් පනිනවා වගේ ඒකේ පටලැවිලා වැටුනා බිම කබරයා පොලවේ ගැහුවා වගේ. අපරාදෙ කියන්න බෑ මිනිහා ඒක නම් හරිම තාත්වික විදියට කලා. මිනිහා වැටුනා විතරයි කකුලත් ආඅල්ලන් බිම දිගා උනා ආයි නැගිට්ටෙ නම් නෑ. පස්සේ අපේ කට්ටිය දුවලා ගිහින් මිනිහා උස්සගෙන ආවේ 

"අපරාදෙ මචන් මෙටල් එකක් නැති උනා කියාගෙන අනිත් university වලින් ආපු උන්ටත් එක්ක ඇහෙන්න කියාගෙන". එතකොට නම්බුව වත් බේරිලා තියනවනේ. 

මිනිහත් කෙදිරි ගගා ආවා. ගෙනාවට පස්සේ ඉතින් පොඩි ප්‍රතිකාර ටිකකුත් කලා අනිත් උන්ට පේන්න. පස්සේ තමයි මිනිහා කතාව කිවුවේ. කියලා මෙන්න මිනිහා හොදට ඇවිදිනවා. වෙන එකෙක් දැක්කොත් විතරක් පොඩ්ඩක් කොර ගහනවා. faculty එකට ඇවිල්ල නම් මොකුත් නූන ගානට තමයි වැඩ.

12 comments. :

  1. හික්ස්.. මරු ඩයල් අප්පා.. :d

    ReplyDelete
  2. Replies
    1. සූරයෝ නෙවේ සූරයන්ගෙත් සූරයො

      Delete
  3. ඉතින් බොලාට තිබ්බෙ ඌට වෙන ම මැඩල් එකක් දෙන්නනේ!

    ReplyDelete
    Replies
    1. හපෝ මිනිහා මැඩල් පිට මැඩල් ගහපු එකෙක්.... මම කිවුවේ කටින්

      Delete
  4. සුපිරි චරතයක් වෙන්න ඇති එහෙනම්.එහෙම අයත් ඉන්න ඕනි අප්පා.

    ReplyDelete
  5. ඔ...එහෙම කලත් ඉතින් හිත දන්නවනේ..

    ReplyDelete
  6. හි..හි..! කියන්න වදන් නෑ..!!

    ReplyDelete
  7. අනාගත දේශපාලුවකු ගේ සලකුණු පෙනෙනව පෙනෙනව වගේ..

    ReplyDelete
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP