Loading...
27 March 2017

මඩ සෝදා ගත් කල ගොවියා

මඩ සෝදා ගත් කල ගොවියා. ඔනම පොඩි එකෙක් කියාවි රජකමටත් සුදුසුයි කියලා. ඇත්තද? ඔවු ඇත්ත. වර්තමානයේ රජකම් කිරීමට අවශ්‍ය ප්‍රධාන සාදකය තමයි ආර්ත්මාර්තකාමිත්වය.අනෙකට හෙන ගැහුවත් කමක් නෑ මට හරියනවනම්.

ගොවියා යනුඅනෙකා ගැන සිතිය යුතු පුද්ගලයෙකි. තමන් මෙන්ම අනෙකාද බඩ වියත රැක ගත යුතුයයි සිතිය යුතු කෙනෙකි. නමුත් අද මා හමුවන ගොවීන් බොහොමයක් වර්තමානයේ රජකමට සුදුස්සන් විනා අනෙකා ගැන හිතන උන් නොවේය.

අනෙකාගේ කුබුරට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ කුබුර රැකෙනවනම් කියාහිතන ජාතියක්‍ය. ඒක අපේ ජාතියේ හැටි වන්නට පුලුවන. මේ සියල්ලන්ම නොවේය. ගොවීන්ගෙන් බහුතරයකි. කොතරම් පැහැදිලි කරන්න තැනුවත් ඔවුන් තේරුම් නොගන්නේය. කම්මැලි කම ඉහටත් උඩින්‍ය. ඔවුන් වී වගා කරන්නේ බත අපේ ප්‍රදාන ආහාරය නිසා නොවේය. අතුරු බෝග වගා කලොත් නැහීගෙන සාත්තු කල යුතු නිසාය.

කතාවට කියන්නේ සමහරු වැවු බැම්මේ ඉදන් කුබුරට ගලක් ගහලා ජබොක් හඩ එනවදැයි බලනවා කියාය. එසේ නම් කුබුරේ වතුර ඇත. නැත්තම් කුබුරටවත් නොයා කෙලින්ම එන්නේ නිලදාරීන් සොයා ගෙනය.

තවත් සමහරක් ප්‍රදාන ඇලේ වතුර යන මට්ටමින් කුබුරට වතුර යනවදැයි නැද්දැයි තීරනය කරති. තවකෙක් කුබුර මායිමට යන්නෙත් කල්ප කාලාන්තරයකටය. එදාට ඇලේ වතුර ආ යුතුය. නැත්තම් නිලදාරින්ගේ මව පියා බැනුම් අසනවාය.

බොහෝ දෙනෙක් සිතන්නේ වී යනු ජලජ ශාකයක් කියාය. හැමදාම කුබුරේ ජලය තියෙන්න ඕන කියාය. තවත් සමහරුන්ට කුබුර හරහා ජලය අපතේ ගියේ නැත්තම් එදාට නින්ද යන්නෙත් නැත. ඔවුනට කොතරම් වතුර තිබුනත් මදිය.

අපේ උන්දැලත් ගොවීන්ට ජල කලමනාකරනය ගැන පාඩම් උගන්නන්න යනවාය. පස්සේ ඒ පාඩම් ඉගැන්නූකට ගලක උලා ගත්තා නම් හොද යයි උන්ටම තේරෙනවාය. මන්ද ගොවියා එය කනකටවත් නොගන්නා නිසාය.

සමහරුන්ට හිටගෙන පු* හෝදන්න තරම් වතුර ඇලේ යා යුතුය. යන වතුර ප්‍රමානය තමන්ගේ කුබුරට ගෙන යාමට බැරිය. ඒ උඩහ ඉන්නෙ උන් ඒකා බත් කන බව නොහිතන නිසාය. තමන්ගේ කුබුරට වතුර වැදුනු පසු පෝල් එක වහන්නේ නැතිය. මොකද වැහුවොත් නින්ද යන්නෙ නැති නිසාය.

ජලය ලබා ගැනීම ගොවීන්ගේ අයිතිවාසිකමක් ලු. කෙහෙල්මල. ජලය ලබා ගැනීමට ජලය ඇල දිගේ යා යුතුය. ඇල සුද නොකර වතුර එවුවාට ඇල දිගේ යන්නේ නැති බව ගොවියෝ දන්නේ නැතිය. උන්ට ඕන අයිතිවාසිකම් පමනි. යුතුකම් නැත. ඒ අපේ ජාතියේ හැටියක්‍ය. ජාන වල අවුලක්‍ය

මේ සියල්ලටම හේතුව දැන් ඔරිජිනල් ගොවීන් නැති කමය. එක්කෝ උන් රාජ්‍ය සේවකයන්‍ය. නැත්තම් ව්‍යාපාරිකයන් ය. එහෙමත් නැත්තම් කුලී වැඩක් කර එදිනෙදා ගැට ගහ ගන්නන්‍ය. ඔවුන් ගොවිතැන කරන්නේ අමතර ආදායමක් ගන්නය. ඒක ඇත්තය දැන් ගොවිතැන් කල්ලා ජීවත් වෙන්න බැරිය. හාල් ගනන් උනාට වී ගනන් අඩුය. ගොඩ යන්නේ අතර මැදියන්‍ය.

මේ පාර වැඩි ලාබයක් ගන්න කට්ටිය කීරි සම්බා ගැසුවොය. බඩුම තමාය. නාඩු නැත. නාඩු ගනන් ගියේය. කීරි සම්බා කුනු කොලයටය. ඒත් හාල් වල ගනන් අඩුවක් නැත. කීරි සම්බා ගනන්‍ය.

රජවීමට සුදුසුකම් ඇත්තේ ගොවියාට උවද, දැන් රජ වී ඇත්තේ අතරමැදියාය.

1 comments. :

  1. Wership to farmers no meen this days. That is fool tradision.

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP