Loading...
26 March 2017

නොහිම් ලෝකය හා මම

නොහිම් ලෝකය මගේ පලවෙනි බ්ලොග් එක නෙවෙයි. ඒත් වැඩිම කලක් ආපු බ්ලොග් එක. ඒත් බ්ලොග් පෝස්ට් අඩුයි. මාත් එක්ක සමකාලීනව බ්ලොග් ලෝකේ හිටපු අයත් එක්ක බැලුවම නොහිම් ලෝකය ඉන්නේ ගොඩාක් පස්සෙන්.

ඒක මගේ වරදක්. වෙලාව නැතිව නෙවෙයි. වෙලාව හදාගත්තේ නැතිව.

නොහිම් ලෝකය පටන් ගන්න කොට (2011) මම කැම්පස් එකේ final year එකේ. කැම්පස් කාලේ නිසා දිගට හරහට බ්ලොග් පෝස්ට් ලීවා. 2012 ජූලි අවුට් වෙන්න හිටපු අපි ගොඩාක් කරුනු නිසා අවුට් උනේ 2013 ජනවාරි.  ඒ වෙනකොට මම බ්ලොග් පෝස්ට් ගොඩාක් ලියලා තිබ්බා. සමකාලීන බ්ලොග් කරුවොත් එක්ක වලි හිටන් දා ගත්තා. ඒවා මතවාදාත්මක වලි විතරයි. "හිරු හිමාවි" එයින් එක්කෙනෙක්. අන්තිමට මට ඒ බ්ලොග් එකට යන්නත් බැරි වෙන්න හදලා තිබුනා.

මේ සේරම දේවල් මතක් උනේ මම අද නොහිම් ලෝකයේ උඩ ඉදලා පල්ලෙහාටම ආපහු බැලුවාම. මගේ ගාව තිබුන බ්ලොග් ලිස්ට් එකේ දැන් කීයක් ඉන්නවද කියලා බැලුවා.  බලාගෙන ගියාම මම වගේම ගොඩාක් අය බ්ලොග් ලියන එක නතර කල්ලා. ඒත් fb group වල බැලුවහව ඒකට හරියන්න ගොඩාක් අය බ්ලොග් ලෝකෙට ඇවිල්ලා. මාතලන්ලා නම් තාමත් ඒ කාලේ වගේම ඉන්නවා. මාතලන් මතක් උනේ හැමදාම fb එකේ හැම වෙලාවෙම මොකක් හරි දාන නිසා.

කැම්පස් එකෙන් අවුට් උනාම බ්ලොග් ලියන එක නතර උනා කිවොත් හරියටම හරි. මුල්ම පත්වීම හම්බුනේ අනුරාදපුරේ සීප්පුකුලමට. 3G තියා 2G හොයා ගත්තෙත් අමාරුවෙන්. ගෙදර ආවම තමයි ඉන්ටනෙට් එක පැත්තෙත් ගියේ. ඒ මාසෙකට සැරයක්. ඔය කාලෙම තමයි මට එයාව හම්බුනේ. මාර්ක් අයියට පින්සිද්ද වෙන්න. අවුරුදු නිවාඩුවට ගෙදර ඇවිත් fb යනකොට.  එදා ඉදල මල්කඩන එක තමයි. ( ලගදී එයා අහනවා ඔයා බ්ලොග් එකක් ලීවද කියලා. හිතා ගත හැකිනේ නොහිම් ලෝකයට උන දේ)

ඊලග ජොබ් එක බලන්ගොඩ. එතනත් එහෙමයි. නෝ 3G. මේක ලංකාවද කියලත් හිතෙනවා. බෝම අමාරුවෙන් වයර් කෑලි ටිකක් අමුනන් කාමරෙන් එලියට ඩොන්ගල් එක දාලා 3G  ගත්තේ.

ඊට පස්සේ මේ ජොබ් එක පොලොන්නරුවේ අරලගන්විල. දැන් මාස 3 4 කට කලින් ඩයලොග් ලා 3G දුන්නා එච්චරමයි. මේ 4G ගැන කතා කරන කාලේ. අපිට 4G සිම් ගන්නලු. අහවල් දේකටද මන්දා.

දැන් ඉතින් කසාදෙකුත් බැදගෙන ඉන්නවා. ඉතින් ඔය හුට පට අස්සේ බ්ලොග් එක ලියන එක අමතක උනා. ඒකයි කීවේ ඒක මගේ වරදක් කියලා. ඉස්සර ලැප් එකෙන් ලියපු බ්ලොග් එක ගැන් ලියනේ ටැබ් එකෙන්. ඒ කාලේ nokia 1200 පාවිචි කරපු අපි හිතුවද අතින් පිහදාන්න පුලුවන් ටැබෙයි කියලා.

ලෝකේ දියුනු උනා. ඒත් නොහිම් ලෝකය එතනම නතර උනා. දුකයි.

6 comments. :

  1. ලියනවා ආයෙත් අද ඉදලා.

    ReplyDelete
  2. Best Casino Sites in Indonesia
    LuckyClub.co is one of the most trustworthy online casinos for South Africans. 카지노사이트luckclub The site offers a wide range of gaming markets to players from South African  Rating: 3.9 · ‎58 votes · ‎Free · ‎Android · ‎Game

    ReplyDelete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP