Loading...
14 August 2011

පටාන් ගනිමු

කවුරු කවුරුත් බ්ලොග් ලියන කොට මටත් හිතුනා මගේ අදහස් බ්ලොග් එකකින් ලියන්න. මීට ඉස්සෙල්ලා බ්ලොග් ලියලා තිබුනත් මේ පාර ටිකක් වෙනස් බ්ලොග් එකක් ලියන්න හිතුනා. ඊට පස්සෙ තමය් මම අනං මනං කියල බ්ලොග් එකක් පටාන් ගත්තෙ. මෙකෙ තියෙන්නෙ හුදෙක් මගෙ පෞද්ගලික අදහස් විතරයි. කාගෙන්වත් කොපි කරන්නවත් කාටවත් රිද්දන්නවත් නෙවෙයි මේක කරන්නෙ. මගේම අදහස් ප්‍රකාශ කරන්න විතරයි.

බ්ලොග් එකක් පටන් ගන්නවයි කිවිවට මොනවා ලියන්නද කියලා තාම හිතා ගන්න බෑ. ටිකක් හිතලා බලන්න ඕන. බ්ලොග් එක කරන්න හිටියෙ word press වලින්. ඒක ටිකක් විතර අමාරුයි. ඒක නිසා BLOG SPOT ම තෝර ගත්ත. word press වල නීති ගොඩායි. blog spot වල එහෙම නෑ. aනික word press වල සිංහල ට්යිප් කරන්නත් පට්ටම ගේමක් දෙන්න ඕන. මේක blog spot වලට කඩේ යාමක් නෙවෙයි. ඒකට කඩේ ගිහිල්ල මට මොන කෙං ගෙඩිය හම්බ වෙන්නද? BLOG SPOT වල කැමති විදියට කැමති දෙයක් කරන්න පුලුවන්. ඒකය් වෙනස. අනික නොදන්න මල දානෙට වඩා දන්න මගුල හොදයි නේ. බලමු බලමු ඉස්සරහට මොන මොනවා මෙකෙ ලියවෙය් ද කියලා.

ඉතින් මම ලියන ඒවා කියවලා බලලා මොනවා හරි comments තියනම් දමන්න අමතක කරන්න එපා.
Newer Post
Previous
This is the last post.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP