Loading...
10 March 2012

MS- words වලින් පටුනක් (table of content ) නිර්මානය කරමු

සාමාන්‍යයෙන් අපි MS- word වලින් පටුනක් නිර්මානය කරන කොට කරන්නේ මාතෘකා ටික වෙන වෙනම coppy කරලා වෙනම file එකකට දමලා ඒට edit කරන එකනේ. ඒත් ඊට වඩා ලේසි automatically පටුනක් හදා ගන්න ආකාරය තමයි මේ ලිපියෙන් කියන්න හදන්නේ.

මුලින්ම ඔයාලට පටුන හදන්න ඕන document එක open කර ගන්න.
මම open කර ගත්ත ලිපිය තමයි පහල තියෙන්නේ.

පස්සේ ඒකෙ ඔයාලට මාතෘකා අනු මාතෘකා දාන්න ඕන පිලිවෙලට ඒ ඒ මාතෘකාව අනු මාතෘකාව ගාව curser එක තියලා උඩ menu bar එකේ home වල තියන එක එක head line ඔයාලට ඕන විදියට select කරන්න. පහල තියෙන්නේ මම මට ඕන විදියට select කරපු ආකාර කීපයක්.







ඊට පස්සේ ඔයාගෙ document එකේ අවසාන පිටුවේ curser එක තියලා

reference >> table of content >> insert table of content තෝරන්න


පස්සේ එන window එකේ show level වල ඕයා දීපු මාතෘකා වර්ග ගනන දමන්න.
මම headline 1 ඉදලා head line 4 වෙනකම් දුන්න නිසා 4 දුන්නා.

දැන් ok කරලා ගිහින් බලන්න පටුන සෑදී ඇති අපූරුව.

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP