ඔවු මම බ්ලොග් එක අත ඇරලා දාලා තිබ්බේ. අත ඇරලා කියන්නේ අත ඇරුනා. ජීවිතේ ලොකු පෙරලියක් වෙච්ච කාලයක් ඒ. කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයාගෙන එහේ වැඩ කරන අතරේ වෙසක් එකක්ට තමයි මේ ගෙදර ආවේ. ඇවිත් නිකමට වගේ බ්ලොග් එක පැත්තෙ ආවා. නිකමට වගේ ලියන්න හිතුනා බ්ලොග් එකේ.
ඉතින් කොහොමද කට්ටියට. මාව අමතකත් ඇති. මුලු රටම ආවරනය කල 3G ජාල තියන කොය මම ඉන්න චමරියට 3G තියා 2G වත් හරියට නැති කොට බ්ලොග් එක පැත්තේ ඇවිත් මොනවා කොහොම ලියන්නද? මාසෙකට සැරයක් දෙන දවස් 4 නිවාඩුවට ගෙදර ආවම තමයි ඉන්ටනෙට් පැත්තෙවත් යන්නේ. නැත්තම් ඉතින් මිහින්තලේට වෙලා ජොබ් එක කරගෙන ඉන්නවා. මිනිස්සු එක්ක සම්බන්ද වෙමින්. නෙක එක ජාතියේ මිනිස්සු හමුවෙමින් කරන මේ ජොබ් එක. පොඩි වාහනේකුත් හම්බුනා ජොබ් එක කරන්න. මුල්ම ජොබ් එකනේ වාහනේ නම් පොඩියි.
ඔය අස්සේ අටමස්තානේ එහෙමත් වැඩගත්තා. හැමදාම වැඩ තමයි. එත් ඉතින් අනුරාඩපුරේටත් ගිහින් අටමස්තානේ වදින්නැතිව බැහැනේ. මිහින්තලෙත් ගියා දෙපාරක්ම. ගොඩාක් දුරයිනේ ඉන්න තැන ඉදලා.
උපාදියත් ගත්තා ලගදීම. කැම්පස් එකේ කොල්ලො ටිකත් හුග කාලෙකට පස්සේ හම්බුනා එදාම. ගොඩාක් අය වෙනස්වෙලා. තවත් අය එයාලගේ ජීවිතේ හුගක් පිටු පෙරලලා ඉවරයි. ඒ හැමෝම හම්බුන එක ලොකු සතුටක්.
ඔය යන්න කලින් ගෙදරදී ගහපු ෆොටෝ එකක්.
වෙසක් එකට ඇවිත් කූඩු ටිකක් එහෙම හදලා ගෙදරත් ලස්සන කරලා හවස පන්සල් දන්සල් යන්න බලාගෙන ඉන්නවා. එහෙනම් අදට නවතින්නම්. නිකමට වගේ ලිවුවේ. ආපහු කොච්චර කාලෙකට මේ පැත්තේ එන්න වෙයිද මන්දා. එතකන් මාව මතක්වෙන්න ඔන්න අපි හදපු වෙසක් කූඩි ටික ඔයාලට බලාගන්න,
ලංකාවෙ ඉන්ටනෙට් නැති පැතිත් තියෙද?
ReplyDeleteටෙලිකොම් දැන්වීම් දැක්කම හිතෙන්නෙ උතුරෙත් හැමතැනම නෙට් ඇති වගේ දෙයක්..
හප්පේ මනෝජ් දැක්ක කල්. රැකියාවක් කරනව කිව්ව එක ගැන සතුටුයි. මුහුනු පොතේ නම් දැක්ක වාහනේ ෆොටෝ දාලා තියනව. නෙට් නම් සමහර පැති වල නෑ තමයි. හච් කොහොමද කියල බැලුවෙ නැද්ද..?
ReplyDeleteහරි තියනවා dialog 3G connection. ටිකයි තියෙන්නේ. ජනේලෙන් එහා පෙත්තේ. cable එකක් දාලා ගන්නවා. දැන් ඉතින් ආපහු බ්ලොග් එක ලියන්න පුළුවන්. මරු....
DeleteClick to see the code!
To insert emoticon you must added at least one space before the code.