මිනිසුන්ට මිනිසුන් එපාකරන,
මිනිස් ජිවිතත් එක්ක සෙල්ලම් කරන,
මිනිසුන්ගේ අනාගතය වනසන,
මිනිසුන්ගේ වැරදීම හොයන,
මිනිසුන් අඩවන,
ජිවිත වනසන,
ආදරය සමග සෙල්ලම් කරන,
ආදරය වනසන,
පිරිසකට මුදල් උපයා දෙන,
තවත් පිරිසකගේ මුදල් වනසන,
ග්‍රහයන්ගෙන් පිරි,
එලොවටත් නැති,
මෙලොවටත් නැති,
මෙලෝ රහකට නැති,
කොටු 12 ක්.
මටනං ඔය රෙද්දේ කේන්දරේ එපා වෙලා තියෙන්නේ බං...
ReplyDeleteකෙල්ලංටත් ඉතිං ඕකට වඩා දෙයක් නෑනේ...
මට නම එපා උනේ අද.. වේදනාවක්.. ;-( ;(
Deleteඅපිට ඔය කොටු දොළහෙන් කෙලවුනාට,යස අගේට ඔව්වයි පිහිටෙන් රජ කරන අයත් ඉන්නෙ යස අගේට.
ReplyDeleteඔවු ඔවු ඔය ඉන්නේ මහ රජානෝ ගාවත් යස අගේට :))
Deleteහරියට කරන කෙනෙකුට කියලා බලාගන්න... 100% නිවැරදිව කියන්න බෑ.. නමුත් ඒක ජීවීතයට කැඩපතක් කරගන්න නම් පුළුවන්..
ReplyDeleteමොකක්ද බං කේන්දර අවුල .. මට එවහන් බලන්න උපන් වෙලාවල් දෙක ...
ReplyDeleteකේන්දරේට වඩා හිතේශක්තියෙන් ජීවිත් වෙන එකයි ඔබින්නේ. කේන්දරේට වඩා බොහොම බලවත් ඔය කිව ශක්තිය.
ReplyDeleteඔවු ඔවු, අනික වෙන කෙනෙක්ගේ කෙන්දරෙන් තවත් කෙනෙකුට අහිතක් වෙන්නේ කොහොමද? බොරුනේ. අනුන්ගේ පවු තව කෙනෙක් කර ගහන්න බැහැනේ.
Delete