Loading...
13 January 2018

මාතර රාහුල විද්‍යාලය සූර්‍ය බලයෙන් පන ගැන්වෙන වගයි. - Matara Rahula College will be completely powered up with Solar Energy

 


මාතර රාහුල විද්‍යාලයේ නව විදුහල්පති තුමන් විසින් ඉදිරිපත් කරන ලද 2020 රාහුල විද්‍යාලය ගොඩනැංවීමේ සැලසුමට සමගාමීව රාහුල විද්‍යාලයීය 2007 ආදි ශිෂ්‍යයන් (රහල් පවුර 2007) විසින් රාහුල විද්‍යාලය වෙත රුපියල් මිලියන 5කට අදික වානිජ වටිනාකමකින් යුත් 42KW ක සූර්‍ය පැනල පද්ධතියක් සවිකර විද්‍යාලය වෙත පවරා දීමට නියමිතය.

මේ වන විටත් එම පද්ධතිය සවි කිරීමේ කටයුතු මුලුමනින්ම අවසන්ව ඇති අතර එය රාහුල විද්‍යාලය වෙත පවරාදීමේ උත්සවය 2018 ජනවාරි මස 15 වන දින උදෑසන 9.00 ට රාහුල විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුලු ගුරු මන්ඩලයේ හා රහල් පවුර 2007 ආදි ශිෂ්‍යයන්ගේ සහබාගිත්වයෙන් මාතර රාහුල විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

රාහුල විද්‍යාලයේ හිටපු විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා මෙහි ප්‍රදාන ආරාදිත අමුත්තා ලෙස සහබාගි වන අතර රාහුල විද්‍යාලයේ හිටපු ගුරුවරුන් විශාල පිරිසක්ද මේ සඳහා සහබාගි වීමට නියමිතය.

රහල් පවුර 2007 ආදි ශිෂ්‍යයන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාග වලින් එකතු කර ගන්නා ලද රුපියල් මිලියන 3 කට ආසන්න මුදලක් මෙම සූර්‍ය බල පද්ධතිය වෙනුවෙන් වැය කර ඇති අතර මසකට රුපියල් 100,000.00 ක පමන ආදායමක් මෙමගින් රාහුල විද්‍යාලය වෙත ලබාගැනීමට බලාපොරොත්තු වෙයි.

මෙම සූර්‍ය බල පද්ධතිය මෙතෙක් ශ්‍රී ලංකාවේ පාසලක් තුල ඉදිකල විශාලම සූර්‍ය බල පද්ධතිය වන අතර පාසලක ආදි ශිෂ්‍ය කන්ඩායමක් විසින් පාසල වෙත ප්‍රධානය කල වැඩිම වටිනාකමකින් යුතු ප්‍රධානය ලෙසද මෙය සැලකෙයි.

මෙම සූර්‍ය බල පධතිය විවෘත කිරීමේ උලෙලට සහබාගී වන ලෙස සියළුම රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් වෙත 2007 රහල් පවුර විසින් විවෘතව ආරාධනා කරයි .

  • Total System capacity: 42 kW
  • 119 monocrystalline solar PV panels (355 W each)
  • Market value of the system: 5 million Rs (approx.)
  • Income generation to the school: 100,000 Rs+ per month.
  • Solar net-plus system
වැඩි විස්තර : https://www.facebook.com/Rahula2007/

Paper Advertisement

Pre Bid Meeting

Tender Opening


Construction works

Finished

Next
This is the most recent post.
Older Post

0 comments. :

Post a Comment

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP