Loading...
11 January 2012

ප්‍රජාතක්ත්‍රවාදය සහ ලංකාවේ අපි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. මේ නම දාපු කෙනා ලංකාවට මේ නම දැම්මේ කුමටදැයි යන ප්‍රශ්නය දැන් උද්ගතව ඇත. මන්ද සාමකාමී විරෝදතාවක්වත් පවත්වන්න නොදෙන රටක ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක්ද? මෙය කියවන විටම ඔබ දන්නවා ඇති මම කියන්නේ කුමක් ගැනද කියා.

ඔවු අද හපුගල ඉංජිනේරුපීඨය අසලින් ඇරඹි සාමකාමී විරෝදතා පා ගමන ගැන. කිසිම සාදරන හේතුවක් නොමැතිව මෙම ප්‍රජාතන්ත්‍රවාදී රටේ පොලීසිය එය අතර මගදී නවතා සිසුන් වෙත අමානුශික කදුලු ගෑස් ප්‍රහාරයක් හා බැටන් පොලු ප්‍රහාරයක් එල්ල කලේ පත්‍රවාදය වෙනුවෙන් විය හැක. ඉට පෙරද ගාල්ල නගරය තුල සාමකාමීව විරෝදතා පැවති අතර මෙවන් අමානුශික ප්‍රහාර කිසිවක් එල්ල නොවුනි. නමුත් නව අර්ත ඩැක්වීම අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු සාමකාමී විරෝදතා වලට බැටන් පොලු ප්‍රහාර එල්ල කිරීම විය හැක.


මෙය තන සිටි පොලිස් නිලදරියකුගේම වදනින් කියනවනම්. පා ගමන අතර තුර දුරකතන ඇමතුමක් ගත් එම නිලදාරියා

"සර් මේ කට්ටිය සාමකාමීව පාර අයිනෙන් යන්නේ. වාහන වලට කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් සර් අපිට කරන්න දෙයක් නෑ"


මෙහෙම කියපු අයම ටික දුරක් යනවිට එම පෙලපාලියටම කදුලු ගෑස් හා බැටන් ප්‍රහාර එල්ල කිරීම අනුමත කල හැකි දෙයක් ද?

අනික මෙම පා ගමන සංවිදානය කරන ලද්දේ, මෙම පොලිස් නිලදාරීන් ඇතුලු සමස්ත ජනතාවගේම දුවා දරුවන්ගේ අනාගතය වෙනුවෙන්.ලගදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් වන පෞද්ගලික විශ්ව විද්යාල පනත හා දැනට නිල නොලත් මට්ටමින් පවත්වාගෙන යන ප්‍රමිතියකින් තොර උපාදි කඩ වලට විරෝදතාව දැක් වීම මෙහි ප්‍රදාන අරමුන විය. සමහර විට මේ අයට නියෝග දෙන අයගේ ලමයිට මේකෙන් කෙල වෙනවා ඇති. ඒත් නිදහස් අධ්‍යාපනය රෑක ගැනීම සිය වගකීම කරගත් සිසුන් විසින් දියත් කරන ලද මෙවන් පා ගමන් වලට තව දුරටත් මීට වඩා අකුල් හෙලෙන බව සහසුද්දක් සේ පැහැදිලිය.

නමුත් නිදහස් අද්‍යාපනය වෙනුවෙන් කවදත් ඔවුන් නැගී සිටින බව ඊටත් වඩා පැහැදිලිය.

වැඩිදුර තොරතුරු


http://lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=13526%3A2012-01-11-08-27-32&catid=82%3A2011-10-08-01-40-02&Itemid=113&ref=nf

http://www.lankadeepa.lk/index.php/articles/21540

http://www.youtube.com/watch?v=Lf6a5Z5Qns4&feature=youtu.be

ප.ලි. මේ  වනවිට මෙම බැටන් ප්‍රහාරයෙන් තුවාල ලත්ජ් සිසුන් බොහොමයක් කරාපිටිය ශික්ශක රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටී.

කරුණාවෙන් සලකන්න: මෙය කඩේ යාමකි. ඒ මාත් ඔබත් ඉගන ගත් මා මේ තත්වයට ගෙන ආ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කඩේ යාමකි.


3 comments. :

  1. ඔය සේරම කරන්නේ ශිෂ්‍ය මර්ධනයට !
    නැත්නම් සාමකාමි පාගමනක් යන්න ඉඩ දෙන්න එපැයි. ඔන්න විරෝධතා ගමනක් යනවා නම් මෙහෙම කරන එක සාධාරණයි.
    මේ සේරමට මුල ඔය උසස් අධ්‍යාපනේ බාරදීලා තියෙන එකා !!!

    ReplyDelete
  2. අපේ හරක් ට ඔය ටික තේරෙන්නේ නැති එකනේ මචන් ප්‍රශ්නේ. උන්ට අර අහවල් චැනල් එකේ කියන දේට වඩා ලොකු දෙයක් තවත් නෑ. වැඳගෙන අහන් ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයෙදි ජනතාවට පුලුවන් ආණ්ඩු වෙනස් කරන්න. නමුත් ආණ්ඩුව විසින් ජනතාව වෙනස් කිරීම (ගොනාට ඇන්දවීම )ට කියන්නේ ප්‍රජාචන්ත්‍රවාදය කියලද

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔයත් එක්ක මම 100%ක් එකගයි

      Delete

Your comment is the most important item for me...

අපිත් එක්ක එකතු වෙමු

 
TOP